කවුරු ඔය මොන බයිලා ගැහුවත් වින්ඩෝස් ඩිෆෙන්ඩර් එක ඇති කියලා කියන්නේ ඒ උන් දන්නේ නැති නිසා උන්ගේ මැශින් වල මොනාද වෙන්නේ කියලා.

බිඩ් ඩිෆෙන්ඩර් , නෝර්ටන් වගේ හොද ගාඩ් එකක් දාලා අප්ඩේට් කරලා ස්කෑන් එකක් දුන්නානම් ඔය වින්ඩොස් ඩිෆෙන්ඩර් කැරැට්ටුව බලාගන්න තිබ්බා.
මම කලා බං එහෙම කිසිම වයිරස් එකක් අහුවුනේ නෑ.
මම win10 + defender දැන් අවුරුදු ගානක් යූස් කරනව. මාසෙකට කලින් වගේ කිරියෙම කොල්ලෙක් BitDefender premium මාස 3 කොපි එකක් දුන්න. ඉන්ස්ටෝල් කරල දවස් 10ක් විතර ඩේලි අප්ඩේට් කරකර යූස් කලා, ඒ කාලෙ ඇතුලත පස් හය වතාවක් ෆුල් ස්කෑන් දුන්න. කිසිම වයිරස් එකක් නෑ. ඊට පස්සෙ Malwarebytes එක දාලත් ස්කෑන් කලා කිසිම වයිරස් එකක් නෑ. අන්තිමට ඔක්කොම අයින් කරල defender ආයෙ යූස් කරනව. BitDefender, Kaspersky වගේ අනිත් පේඩ් ඒව වගේම යන රේටින් defender වලට තියෙනව av-test එකට අනුවත්.
https://www.av-test.org/en/antivirus/home-windows/
දැන් win10/11 + defender හොදටම හොදයි බං. win XP, 7 කාලෙ තිබ්බ defender වගේ නෙමේ දැන්. මයික්‍රොසොෆ්ට් එක දැන් windows එක්ක යූස් කරන හැම 3rd party ඇප් වලට හා ස්මාන හෝ වඩා හොද ඇප් උන්ම හදල යූසර්ස්ලව windows ඇතුලෙම තියාගන්න ලොකු ගේමක් ගහනව. ක්‍රෝම් වෙනුවට එජ්, ගූගල් වෙනුවට බින්ග්, CCleaner වෙනුවට PC Manager, වෙන වෙන IDE වෙනුවට VSCode, & etc. defender එකත් ඒකෙම කොටසක්. defender වල අවුලකට තියෙන්නෙ රැම්, cpu එහෙම ටිකක් වැඩියෙන් යූස් වෙනව වගේ.
win10/11 + defender එකේ තියෙන ඔක්කොම ෆීචර්ස් එනේබල් කරල, ඩේලි අප්ඩේට් කරනව නම් නෝමල් එකකට හොදටම ඇති, ඒත් ඩෙෆෝල්ට් සෙටින්ග් වලින් ර්න් කලොත් නම් හරියන්නෙ නෑ.