මෙත් වඩමු...නිරෝගී වෙමු..!!

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
මෙත් වඩමු...නිරෝගී වෙමු..!!

තරහ යෑම​:growl:, මේක අපි හැමෝටම වගේ අඩු වැඩි වශයෙන් තියෙන දෙයක්..සමහරුන්ට යම් දෙයක් ( පුද්ගලයෙක්, රූපයක්, හඬක්...) දුටු හෝ ඇසූ පමණින් ම තරහ යනවා:rolleyes:...ඇත්තෙන්ම මේක ඉතා නරක පුරුද්දක්. ලෙඩ රෝග ගණනාවකට මුල් වෙන්නෙත් මේ තරහමයි.. කොටින්ම කිවුවොත් අපට එදිනෙදා ජීවිතයේ දී මුහුණ පාන්නට වෙන ගැටලු වලින් බොහෝමයක ට වග කියන්න ඕනා තමන් තුලින්ම හට ගන්නා මෙම ක්‍ෂණික කෝපය යි..

ඉතින් මම මේ කියන්න යන්නේ තරහ ඉස්මතු වෙලා එන වෙලාවට ඒක පාලනය කර ගන්න පුලුවන් පොඩි ක්‍රමයක්..මේක ඇත්තෙන්ම මෛත්‍රී භාවනාව ට සමානයි.. ඒත් භාවනා කරන ඉරියව් වෙන්ම නොවුනත් තමන් ට පහසු, පුරුදු, ඒ වගෙම තරහ එන ඕනෑම වෙලාවක මෙය සිදු කරන්න පුරුදු වෙන්න​.:D

මේ වාක්‍ය ටික මුලින් හොදට හිතට අරන් මතකයේ තියා ගන්න​..ටික දවසක් යන කොට හොදට ම මතක හිටිනවා..:yes:
මුලින් ම මෙහෙම පටන් ගන්න​..

.
.
.​
මගේ ශරීරය සැහැල්ලු කරමි..
මගේ ශරීරය තව ටිකක් සැහැල්ලු කරමි..
මගේ සිත සැහැල්ලු කරමි..
මගේ සිත තව ටිකක් සැහැල්ලු කරමි..
දැන් මගේ මුලු ශරීරය ම සැහැල්ලු කරමි..
මගේ සිත සම්පූර්ණයෙන්ම සැහැල්ලුයි..

(මෙහෙම හිතින් කියවන ගමන් මුලු ශරීරයේම තද ගතිය නැති කර ගන්න​..)
:)
ඊට පස්සේ..

මම නිදුක් වීමට සතුටු වෙමි..
මම නීරෝගී වීමට සතුටු වෙමි..
සියලු අමනාපකම් සිතින් අස්කර මගේ සිත නීරෝගී කර ගනිමි...
මම අනුන් ට ඉරිසියා නොකර මි..
සියලු තරහ මරහ සිතින් පන්නා දමමි..
මගෙන් වරදක් වූ අයගෙන් මම මේ මොහොතේ සමාව ඉල්ලමි..
මට වරද කල අයටද මම සමාව දෙමි..
මට ඉරිසියා කරන අයටද මම සමාව දෙමි...

.
.
.
මේ මොහොතේ මගේ සිත ඉතා සන්සුන්‍ ය​.. සන්සුන් සිත නිරෝගි යි..ඒ නිසා මගේ සිත ඒකාන්තයෙන් ම නිරෝගි යි.. මගේ සිත නිරෝගි බැවින් මගේ ශරීරය ද නිරෝගි යි.. ලෝක පාලක ජීව බලය මගේ ශරීරය පුරා දුවයි.. මගේ ශරීරයේ සෑම ලේ බිඳුවක්ම නිරෝගි යි... මහා කාරුණික වූ අසීමිත චිත්ත බලය මගේ ශරීරය සුවපත් කරයි..

මගේ නිරෝගී සිතින් නිකුත් වන කරුණා මෛත්‍රී රැස් ධාරා <තමන් කැමති නමක් හිතා ගන්න​.(මව​, පියා, සහෝදරයෝ, ගුරුවරු, දැක්කම තරහ යන අයව​..)..> නිකුත් කරමි..

.
.
.
.

හරි දැන් මේ විදිය ට තමන් ට කැමති වාරයක් (3 වරක් වත්..) , කැමති වේලාවක් හිතන්න​..සතියක් විතර යනකොට ප්‍රතිඵල ඔයාට ම බලා ගන්න පුලුවන්..ඔයා මෛත්‍රී පතුරවන අය කාලයක් යනකොට මිත්‍රත්වක්, සෙනෙහසක් දක්වනවා.. අනිවාර්‍යයි.

මෙක මන් කරලා ඉතා හොද ප්‍රතිඵල ලබල තියන නිසයි කිරියෙ යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුවේ....

මටත් ඒ දවස් වල ගොඩක් තරහ යනවා,පොඩි දේ ට උනත්..ඒත් මේ විදියට මෛත්‍රිය වඩන්න මට කියා දුන්නෙ මම හොදින් දන්න මගේ හිතවත් ගුරු පියානන් කෙනෙක්. සතුටු යි කියන්න එ් සර්ට පින් සිද්ද වෙන්න මම දැන් ගොඩක් දුරට මේක පාලනය කර ගත්තා..
ඉතින් ඔයාලත් මේක කරල බලන්න ,අනිව ප්‍රතිඵල සහතිකයි..:yes:

එහෙනම් මන් ගියා..
කාට හරි වැදගත් වෙයි..
BUMP එකක් වත් දාගෙන යන්න​..

බුදු සරණයි..