මෙතෙක් ආ ගමන ......

HareendraS

Member
Sep 8, 2009
4,711
304
0
36
-_|MaTaRa|_-
මෙතෙක් ආ ගමන .....








ජීවිතේ මේ ගෙවන හැම මොහොතකම
සොදුරු දසුනන් මා පසු කලත් ...
ඒ හැම විටම ...
මතක ලොවේ දොර අගුලු ඇර
මා ආදරය කළ ඔබ මුණගැසුනු විට
මා තුටින් සිනාසෙන වග
මගේ හිත නුබ ගාව නවතින වග
මා කෙසේ නුබෙ සිත තුල සිත්තම් කරම්ද..






සිත් අහසම එලිය කල පහන් සිතුවිල්ල

ආදරය ...
දොතින්ම නුබට පිදුවත් ...
දුක දන්න නුබම
ඇයි දුකම මට ලං කලේ
වේදනාවට සිත රිදුනත්
කළුවර මගෙ දුක්‌ සිත හදන්න
නුඹ එන තුරු මා බලා හිදි ...






හමුවු නුබ මා හට ...
මැවුවා වු සුන්දර ලෝකය
පැවසුමහි නිමක් නැත
ඒ හීන කදුලු කැටියක් නොකොට ...
හැමදාම සුන්දරව ගොතන්නට
ඒ හීන දන්ව්වේ රදවා මසිත
එහි සුවය විදින්නට
ආසයි මේ හිත් පොඩිය
මොකද ...
ඒ හීන වල නුබ මගේ නිසා ...







අද මා ගෙවන මේ සැදෑවන් ...
වෙරල දිගේ පියනැගුවත් ...
දැනෙන තනිකම පාලුව
මා ඇස ගැටෙනා සිත්තම් ...
රැගෙන එන කදුලු කැටි
මකාලන්න බැරි
මේ අහින්සක හිත් පොඩිය
කුමක් කරම්ද ?





ලැබු අපමන වේදනා
දහසකුත් විදිමින් ...
මෙතෙක් ආ ගමන ...
බොහෝ සේ වෙහෙසකරය
දරා ගත නොහැකි දුක් වේදනා
කියයි විටෙක
අත් හරිනට ජීවිතය ...
මතු යම් දිනෙක මා ...
මේ මිහි මත නිසලව සැතපෙන තෙක්
නුබට ආදරය කරනු වග
නුබට දැනෙන තෙක්
බලා හිදී මේ සසර පුරාවට ...


Here My Blog ... u can see my other creations
 
Last edited:

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Uparimai hareendra malli.Blog ekath hugaak lasaanai.Digatama wade karagena yanna.apenuth udaw oonenam oonama welawaka.

Obata jaya!
:)

You have given out too much Reputation in the last 24 hours, try again later.