මෙන්න අද පැනපු උන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෙන්න අද පැනපු උන්

    මෙන්න අද පැනපු උන්




    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ
    කොළඹ දිස්ත‍්‍රික් ආසන සංවිධායකවරයෙකු සහ


    හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වූ සාගර සේනාරත්න අද පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය දෙන බව ප‍්‍රකාශ කළා. ඒ, පොදු අපේක්ෂක මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදියි. මොහු අමාත්‍ය ජීවන් කුමාරණතුංගගේ මස්සිනාද වනවා.

    සන්ධානයට බලය හිමි වලපනේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජගත් කුමාර, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ජයන්ත කුලරත්න, හික්කඩුව සන්ධාන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඥාණදාස සිල්වා සහ ජාතික නිදහස් පෙරමුණේ රත්ගම ආසන සංවිධායක අසේල රංගනාත් අද පොදු අපේක්ෂකයාට සහයදීමට එක්වුණේ කොස්ගොඩ පැවති රැස්වීමකදියි.

    මෙතෙක් ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකත්වය දැරූ පිරිසක්ද අද පොදු අපේක්ෂකයාට සහය පළ කිරීමට ඉදිරිපත් වුණා. ශ‍්‍රී ලංකා මහජන පක්ෂ ප‍්‍රගතිශීලී පෙරමුණ ලෙස හඳුන්වා ගත් එම කණ්ඩායමේ සභාපතිනිය වන්නේ විජය කුමාරණතුංගයන්ගේ සොහොයුරිය වන හිටපු පළාත් සභා මන්ත‍්‍රිනී රූපා කුමාරණතුංගයි.

    නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නායකත්වය දරණ ටී.එම්.වී.පී. පක්ෂයේ මඩකලපුව දිස්ත‍්‍රික් ප‍්‍රධාන සංවිධායක කේ. මෝහන් ද පොදු අපේක්ෂකයාට සහය දෙන බව අද ප‍්‍රකාශ කළා. ඒ, පොදු අපේක්ෂක මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති තවත් මාධ්‍ය හමුවකට එක්වෙමින්.


    ඔච්චර තමා
     
    Last edited: