මෙන්න අද ලංකාදීපය!
ගෙදර බල්ලා මර්වින් සපා කයි
ගෙදර සිටින බල්ලා තමන් සපා කෑ බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා නුගේගොඩ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් වීවෘත කිරීමට ගිය අවස්ථාවක මිතුරන් කිහිප දෙනකු සමඟ පැවසීය.
‘එළියට බැස්සම මට පිට බල්ලන් බුරනවා. ගෙදරදී අපේ බල්ලා මා සපා කෑවා.ඊට බෙහෙත් කළා’
නිශාචර සතුන්ගේ නම් ගොඩට පියාගේ නමත් දාලා
ගුරුතුමිය විසින් සතුන් පිළිබඳව කරන ලද පාඩමකින් පසු නිශාචර සතුන් පස් දෙනකුගේ නම් ලියන්නැයි පැවැසූ විට තම පියාගේ නම ද ලියූ සිසුවියක පිළිබඳව පුවතක් පසුගියදා දකුණේ කඳුකර ග්‍රාමීය පාසලකින් අසන්නට ලැබිණි.
එදින පැවැති සමාජ අධ්‍යයන පාඩමකදී සතුන්ගේ වර්ගීකරණයට යෙදුණු මේ ගුරුවරිය නිශාචර, ජලචර, සිවුපා, බහුපා ආදී වශයෙන් සතුන් වර්ගීකරණය කර ඊට උදාහරණ ද දුන්නාය.
අවසානයේ දරුවන්ගේ ඇගැයීම සඳහා නිශාචරයින් තිදෙනකුගේ නම් ලියන්නැයි කී විට පාඩමට උනන්දුවෙන් සවන් නොදුන් දැරියක් ළඟ සිටි යෙහෙළියකගෙන් නිශාචර යනු කුමක්දැයි අසා ඒ රාත්‍රියේ ඇවිදින අය බව යෙහෙළියගෙන් දැනගෙන පියාගේ නම ද ලිව්වේ ඔහු රාත්‍රී මුර සංචාරයේ යෙදී මහ රෑ ගෙදර එන නිසාලූ.
බිල් ගේට්ස් ධනවතුන් අතර අංක එකට
ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයා මෙවර පත්වී ඇත්තේ ඇමෙරිකාවේ මයිකොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස්ය.
ලොව ධනවත්ම පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුව ෆෝබ්ස් සඟරාව අඟහරුවාදා (4) ප්‍රසිද්ධ කළේය.
සුදු කත අලියාට පණ වගේ ආදරෙයි
අලි රැක බලා ගැනීමට තම ජීවිතයම කැප කරන එංගලන්ත තරුණියකි . රැචියල් මර්ටන් (33) නම් ඇය ජීව විද්‍යා උපාධිධාරිනියකි.
අවුරුදු 2, 3ක් වන ඇත් පැටවුන් 6 දෙනෙකුට මවක් වී ඇති රැචියල් දකුණු අපි‍්‍රකාවේ එකම අලි බාලාංශ අනාථාගාරය පවත්වාගෙන යයි. එසේම ඇත් පැටවුන් පවා ඇයට බෙහෙවින් ආදරය දක්වන බව පෙනේ.
තුවාල වු අලින්ට ප්‍රතිකාර කිරීම, අලින්ට උපරිම ආරක්ෂාව, අවශ්‍ය ආහාර පාන සැපයීම පමණක් නොව කටු චිකිත්සාවෙන් අලින්ගේ රෝග සුව කිරීමද මෙහිදී ඇය අතින් සිදු වේ. එසේම ඇය පැය 24ම සතුන්ගේ ආරක්ෂාව ගැන අවධානයෙන් සිටින බවද පැවසේ.
උපාධිය නිමවූ පසු ලොව වටා සතුන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියකට සම්බන්ධ වූ ඇය 2008 දී සැම්බියා රාජ්‍යයට පැමිණියාය.
ඇත් දළ ගැනීමට සැම්බියාවේ අලි විශාල සංඛ්‍යාවක් දඩයම් කරන බව දැන ගත් ඇය එතැන් පටන අලි රැක බලා ගැනීමට එහි නතර විය. මේ දක්වා එම අරමුණ ඉටු කර ගැනීමට ඇය මහත් වෙහෙසක් දරණුයේ සතුටිනි. පවුලේ අය පවා අමතක කෙරුවේ තමා සතුන්ට ඇති ආදරය නිසා බව ඇය පැවසීය.
අන්තර්ජාතික සත්ව සුබසාධන අරමුදල සමග එක්ව සැම්බියාවේ අලි ඇතුන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති රැසක් කිරීමටද ඇය බලාපොරොත්තුවෙන් සිටියි.
රූ රැජින බදාමත් අනයි
රූ රැජිනක් වුවද බ්‍රිතාන්‍යය ජාතික විසි තුන් හැවිරිදි සොපී ලයිඩා ස්මිත්ගේ වැඩි කැමැත්ත නිවාස ඉදිකිරීමේ කටයුතු වල යෙදීමය.
තම පිරිමි සගයන් සමග හරි හරියට වැඩ කරන ඇය බදාම ඇනීමේ සිට බිත්තී බැදීම දක්වා සියලූ දේ කිරීමට සමත්කම් දක්වන්නීය.
ඇය ජීවත් වන චෙටෙන්හැම් ප්‍රදේශයේ රූ රැජින වන ඇයට බි්රතාන්යය රූ රැජින තරගාවලියට සහභාගී වීමටද අවස්ථාව හිමිව ඇත.
‘රූ රැජිනක් වීම ගැන සතුටුයි.නමුත් මම වැඩියෙන් කැමති මේ වගේ වැඩ වල යෙදෙන්න‘ ඇය කියන්නීය.
විශ්වවිද්‍යාලයේ උපාධියක්ද හදාරන ඇයට ගෘහ නිර්මාන ශිල්පය හා ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇත.
‘මම අධ්‍යාපනය හැදැරූ ආයතනයේ සිටිය එකම ගැහැණු ළමයා මම.එහෙම වුනාය කියලා මම බය වුනේ නැහැ.මට මගේ අරමුණ කරා යන්න විතරයි වුවමනා වුනේ‘ ඇය පවසන්නීය.
සොපීගේ සමකාලීනයින් තොල් සායම්,නිය ආලේපන,හා පෙනුම ගැන වද වන කල දිනපතා සිමෙන්ති,ගඩොල්,දුහුවිලි හා හරි හරියට ගැටෙන සොපීට ඒවා පිළිඹද වැඩි තැකීමක් නැත.
‘ලස්සන වෙන්න ඕනෙ කෙනෙක් කැමතියි.නමුත් ඒවාට වැඩි කාලයක් මම වැය කරන්නේ නැහැ.මම ඒ වගේ දේවල් කරන්නේ විනෝදාංශයක් ලෙස.මගේ සැබෑ ආශාව තමයි මේ ඉදිකිරීම් ක්ෂේත්රයේ වැඩ කිරීම.පිරිමි ගැහැණු කියා නැහැ.ආසාව තියෙනවනම් ඕනෙ කෙනෙක්ට ඕනෙ වැඩක් කරන්න පුලූවන්‘ ඇය කියන්නීය.
රොබෝ රෝචරයක් බ්‍රහස්පති උප තරුවට
ඉදිරි වසර කිහිපයේදී බ්‍රහස්පති ග්‍රහයාගේ උපග්‍රහයෙකු වන යුරෝපා මතට රොබෝ රෝවරයක් යැවීමටත්, අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හා පෘථීවිය අතර කුලී යානා සේවයක් ඇරඹිීමටත්, හබල් දුරේක්ෂය විශ්‍රාම ගන්වා ඒ වෙනුවට නව දුරේක්ෂයක් අභ්‍යාවකාශයේ රැදවීමටත් ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායාතනය (නාසා) සැළසුම් කර තිබේ.
මේ කටයුතු සදහා වන අයවැය වාර්තාව සකස් කිරීමටද නාසා ආයතනය කටයුතු කර තිඛෙන අතර වැයවේයැයි අපේක්ෂිත මුදල ඇමරිකා ඩොලර් බිලියන 17.5 කි.
එයින් වැඩිම මුදලක් නාසා ආයතනය වෙන් කර තිඛෙන්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හා පෘථීවිය අතර කුලී යානා සේවයක් ඇරඹීමේ කටයුතු වෙනුවෙන්ය.
අභ්‍යාවකාශ ෂටලයන් 2011 වසරේ සිට විශ්‍රාම ගන්වා තිඛෙන නිසා නාසා ආයතනය ගගනගාමිීන් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගෙනයාම සදහා අවශ්‍ය සේවාවන් ලබා ගන්නේ රුසියාවෙනි. යුක්රේන අර්බුදය හමුවේ පලූදු වී ඇති ඇමරිකා හා රුසියා සබදතා නිසා තමන්ගේ වැඩ තමන්ම බලා ගැනීමට ඇමරිකාව කටයුතු කරන බවක් නාසා ආයතනයේ මෙම යෝජනාව සැළකූ විට පෙනේ.
අනාගතයේදී සද හා ඇස්ටරොයිඩ මතට ගගනගාමින් ගොඩබැස්වීමේ සැළැස්මක්ද නාසා ආයතනය ඉදිරිපත් කර ඇති යෝජනා අතර වේ.
යෝජනා අතුරින් වැදගත්ම යැයි සැළකෙන්නේ මහගු සේවාවක් ඉටු කළ හබල් දුරේක්ෂය විශ්‍රාම යවා ඒ වෙනුවට නව දුරේක්ෂයක් අභ්‍යාවකාශයේ රැදවීමේ යෝජනාවයි.හබල් දුරේක්ෂයට වඩා තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටින ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂය 2018 වසරේදී අභ්‍යාවකාශ ගත කිරීමට සැළසුම් කර තිඛෙන අතර එය හබල් දුරේක්ෂය ඉටුකළ මෙහෙය ඉදිරියටත් පවත්වාගෙන යනු ඇතැයි නාසා විද්‍යාඥයෝ කියයි.
ආගන්තුකයෙක් මිහි මව ළඟින් යයි
අද දිනයේදී පෘථීවියට ඉතා ආසන්නයෙන් ඇස්ටරොයිඩයක් ගමන් කරනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.
2014 ඩී.එක්ස් 110 ලෙස නම් කර ඇති මෙම ඇස්ටරොයිඩය අඩි 98 ක් පමණ පළලින් යුතුය.එය පැයට සැතපුම් 33000 ක වේගයෙන් පෘථීවිය පසුකරගෙන යනු ඇතැයි සදහන් වේ.
ඇස්ටරොයිඩය සඳටත් වඩා පෘථීවිය ආසන්නයට පැමිණෙනු ඇතැයි පැවසේ.
එය පෘථීවියේ ගැටේ යැයි බියක් ඇති කර ගත යුතු නැතැයි විද්‍යාඥයෝ පවසති.
ඇස්ටරොයිඩය පෘථීවිය පසුකර යන අන්දම සජීවීව අන්තර්ජාලය පුරා විකාශය කිරීමටද කටයුතු සූදානම්ය.
පසුගිය මස 17 වැනිදා මෙවැනිම ඇස්ටරොයිඩයක් පෘථීවිය පසුකර ගිය අතර එය 2000 ඊ.එම් 26 ලෙස නම් කර තිබුණි.
http://www.lankadeepa.lk/index.php/articles/215436
මෙන්න අද ලංකාදීප පුවත් පතෙන් උස්සපු නියම පුවත් ටිකක්!

Last edited: