මෙන්න එක්තරා ග්රහලොකෙක රජකරපු එලියන් කෙනෙක්ව එලවන්න පොඩි එලියන්ලා එහෙ තියෙන ෆේස්ගෝල් එකට රැස් වුනාලු. එතකොටම ඒලියන් රජාගේ අයියා කිව්වලු ඕක නියපොත්තෙන් කඩන්න ඕනේ දේ ලොකුවෙලා පොරොවකින් වත් කපන්න ඉඩ තියන්න එපා කියලා. හැබැයි ඒලියන් රජා ඇහුවෙ නෑලු. අන්තිමට ඒලියන් රජාගේ අයියටත් යන්න වුනාලු ෆෙස්ගොල් ගහ ලොකුවෙලා. ඉතින් ෆෙස්ගොල් අයත් හරියටම සතුටු වුනාලු. ඊට පස්සේ ෆෙස්ගොල් කුරුටු එලියන්ලා එකතුවෙලා රජාවත් එලෙව්වලු. හැබැයි ඊට පස්සේ ආපු රජාටත් ෆේස්ගෝල් උන් කැමති වුනේ නෑ. උඹත් පලයන් කිව්වලු. හැබැයි අලුතෙන් ආපු රජා පට්ට කපටි එකෙක්. ෆේස්ගොල් එකේ තුන්දෙනෙක්ට කොල් එකක් ආවලු. මොකද්ද වචන ටිකක් එක්ක ලටබන්ද ලටබන්ද කියලා ඇහුනලු..... එච්චරයි ෆේස්ගොල් එලියන්සා විසිරගියාලු.