මෙන්න කෙල්ලෝ

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    සක් පොහොය නිමිත්තෙන් දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වෙසක් කළාප පැවැත්වෙනවා. මේ අතිරින් කොළඹ ගංගාරාම විහාරස්ථානය අසළ මෙවරත් වෙසක් කලාපය සංවිධාන කර තිබුණා.

    නමුත් වෙසක් දිනයේ පැවති මෙම වෙසක් කළාපයේදී එක් තරුණියක් කළ සත්කාරයක් පිළිබඳව සමාජ මාධ්‍යතුළ දැඩි ලෙස කතාබහ කිරීමට පටන් ගෙන තිබෙනවා.

    ඒ එම තරුණිය ගංගාරාමයේ වෙසක් කළාපය අසල සිටි අප විසින් අපිරිසිදු කරන පරිසරය රැකගන්නට වෙහෙසෙන උදවිය වෙනුවෙන් ආහාර පිරිනමන අයුරු එක් පුද්ගලයෙකුගේ කැමරා කාචයේ සටහන් වීමෙන් අනතුරුවයි.

    පසුව එම පුද්ගලයා තරුණිය කළ සත්කාරය පිළිබඳව සටහනක් තබා තිබුණා. එම සටහන පහතින්….

    “කොලොම් තොටේ වෙසක් අසිරිය විඳින දෙනෝ දාහක් දෙනා අතරින් ඔබේ රුව දුටුවේ අහම්බෙන් මෙන්,දෙවරක් ඔබ දෙස බැලුවේ එවැනි රූ සපුවක් ඔබට හිමි නිසයි නැගණිය. දෙවන වර බැලීමේදී මා දුටුවේ ඔබ යම්කිසි දෙයක් ගනිමින් සිටින බවකි. පසු විපරම් කර බැලීමේදී මා දුටුවේ ඔබ ගනන් කරනා විඩබරව නිදා සිටින කොලම්පුරය පිරිසිදු කරන කම්කරුවන් පිරිසකි, ඔවුන් මේ නිදාගෙන සිටිනුයේ පසුදා අවදිව විගසින් අප විසින් අපායක් බවට පත්කර තිබෙන නගරය නැවතත් අලංකාරය කිරීමටය, කෙටි ආහාරයක් මිලදී ගැනීමට එතැනට පැමිණි ඔබට තනිවම ආහාර ගැනීමට සිත් නොමැතිව ඔවුන් සඳහා ද අහාර මිලදී ගෙන ඔවුන් සතුටින් එම ආහාර අනුභව කරනු දැක සතුටින් ආහාර අනුභව කල ඔබ වෙත මගෙ camera කාචය යොමු වූයේ සැණකින් මය. ඉතින් සමවෙනු මැනවි නොදන්වා ලබාගත් ඡායාරූප වලට,ඇසකින් කඳුළු වගුරු ඔබ නූතන සමාජයේ සිටිනා රූපලාවණ්‍යගාරවල පිහිටෙන් ලස්සන/මොඩ් උන සෙල්ෆි ප්‍රින්සෙස්ලාට වඩා අගනේය. මෙය මා දුටු ලස්සම සහ පින් රැස්කර ගත් එකම දන්සලයි. ඒ පින් බලයෙන් ඔබ ලබන අාත්මයෙදි ඔයිටත් වඩා රූපසොභාවෙන්, කරුණාවන්ත හදවතක් හිමි පුද්ගලයකු වෙවා. ඔබට බුදුසරණයි,ජෙසු පිහිටයි,


    31484970_1772930029412404_6868192603539428987_n.jpg

    31501789_1772930116079062_2340424340114319046_n.jpg

    31564199_1772929972745743_5261366477783004921_n.jpg

    31719967_1772930162745724_6723669110076014478_n.jpg

    Source - http://webgossip.lk/%E0%B6%B8%E0%B7%99%E0%B6%BA-%E0%B6%B8%E0%B7%8F-%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94-%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8-%E0%B7%83%E0%B7%84-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB/
     
    Last edited:
    • Like
    Reactions: suneth_cad