මෙන්න කොළඹ 90 ගණන් වල අන්තිම

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    කොළඹ ඒ කාලේ ජිවත් උන මිනිස්සු පට්ට බයකින් දිවි ගෙවන්න ඇති නේද බන්
    Api nam Galle indapu nisa loku aulak wune naa. 2006 Galle harbor ekata gahapu wele nam iskoleta sadde awa. Parentsla pisso wage iskole issaraha lamayi aran yanna.

    Yudde antima kaale nam apea areas walat poddak bayen hitiye. Lawata wage matakai eka paarak prefects room eka gawa kalu paata tulip bag ekak tibila bomb squad eken awa. Passe mokekge hari prank ekak kiyala un giya. gadolak da koheda bag eke tibila tiyenne.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    කොළඹ ඒ කාලේ ජිවත් උන මිනිස්සු පට්ට බයකින් දිවි ගෙවන්න ඇති නේද බන්
    ehemat ne. ae kale eka jeewithe kotasak wage. ape ammala, thathtala bomba pipurunath neththath hamadama wedata giya. apith iskole giya monawa unath. hamathiseema bayen hitiya kiyanna be. bomabayak pipiruna kiwwama thama tikak baya wenne. apahu eka normal wenewa. bomba pupurapu than wala pare chithra adinawa ae kale. ewa bala bala yanawa. bayak ne.

    sundara kalayak monawa uanth.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉස්සර බන්, රත්මලානෙන් නවත්තලා ඔක්කොම බස් චෙක් කරනවා, ආපහු විලියම් එක හරියේ වැල්ලවත්තේත් චෙක් කරනවා, යුනිටියට, ලිබටියට එහෙම ආවත් ගෙදර යනකන් සුවර් නැ. කොච්චියේ යන්නේම නැති තරන් එ කාලේ.
    චෙක් පොයින්ට් නැති කරන එක ඡන්ද පොරොන්දුවක් වෙලා තිබ්බලු ඒ කාලෙ... ඒ වගේම නංගිලාට මල්ලිලාට ඉක්මනට කොළඹ එන්න ඒවා ඉවත් කලාලු..
    ඉස්සර එක පවුලෙ දෙන්නෙක් කොළඹ එනවානම් එක බස් එකේ එන්නෙ නෑලු... එක්කෙනෙක් කලින් ඇවිත් අනිකා පැය ගානකට පස්සෙ එන්නෙ. මැරුනොත් දෙන්නම එකවර මැරෙයි කියලා...
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    තාත්තා ඉගැන්වීමට අමතර පොඩි බිස්නස් එකක් කරා ඉතින් හැමදාම වගේ පිටකොටුවේ. සමහර දාට මාවත් අරගෙන පාරවල් බලාගන්න කියලා හැම පාරේම වගේ ඇවිදිනවා. පට්ට ආසයි මමත් වටේ පිටේ අමුතු අමුතු ගැජට් බැජට් බල බල යන්න.
    අපේ ගෙවල් පැත්තට කොළඹ බෝම්බ පිපුරුනොත් පොඩියට සද්දේ ඇහෙනවා, තාත්තා පරක්කුවුනොත් අපි පුදුම බයකින් හිටියේ ඒ කාලේ. අම්මත් කොටහේනෙයි බොරැල්ලෙයි ඉගැන්වුවේ හැන්දෑ වෙලා ගෙදර එනකන් විශ්වාසයක් නෑ.


    තාත්තා මුළු රටටම වගේ මේවා සප්ලයි කරා. තවත් ප්‍රඩක්ට් ටිකක් තිබුනා. 😊

    PageHeader_Prod_Woven-1.jpg
    Le-Mark_PVC-Electrical-Insulation-Tape-All-Colours__29159.1633427708.370.370.jpg
    Mahinda mahathayata pinsidda wenna den ebaya ne
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අනූ ගණං වලනං මට මතක නෑ...
    හැබැයි දැන් එක්ක ගත්තම, ක්‍රොස් ස්ට්‍රීට් වල ලොකු වෙනසක් නෑ...

    0.48 පෙන්නන කෝවිල දැන් ලොකු කරල හදනව. තාම වැඩ ඉවර නෑ...

    1.21 රතු පල්ළියට හේත්තු කරල ඒ උසට වඩා පොඩ්ඩක් අඩුවෙන විදිහට බිල්ඩින් හදල තියෙනව දෙපැත්තෙම... පල්ළියත් ටිකක් වයිඩ් කරල වගේ මේකෙ තියෙනවට වඩා...

    2.00 මාළු මාකට් එක දැන් ඔතන නෑ... ඒක තියෙන්නෙ පෑළියගොඩ. ඔතන තිබුණ කාලෙ මම ගිහින් තියෙනව...

    මේන් ස්ට්‍රීට් එක දැන් වන් වේ... වටරවුම් ටිකනං තාම ඒ වගේ මට පේන්නෙ...
    තර්ඩ් ස්ට්‍රීට් එකේ තියෙන පරණ ටාට ලොරි, නාටාමි කරත්ත තාම ඒ විදිහටම තියෙනව,

    තර්ඩ් ස්ට්‍රීට් එකේ එළවලු ලෑලි දැන් නෑ. මාළු මාකට් එකත් එක්ක ඒවත් අයින් වුණා...

    කොළඹ ඒ කාලේ ජිවත් උන මිනිස්සු පට්ට බයකින් දිවි ගෙවන්න ඇති නේද බන්
    ඔවු ඉස්සර හෙනට බෑග් එළියට විසි කරන සීන් තිබුණ කෝච්චි වලින්...

    මිනිස්සු මරාගන්නව... ඇයි රශ් ට්‍රේන් වල බෑග් හුඩ්රැක් එකේ දානව, මිනිස්සු ඉන්නෙ කොහෙවත්... ඉතින් අයිතිකාරයො නැති බෑග් කියල බෑග් විසිකරන්න හදනව, හෙන වළි ඉතිං කෝච්චි වල...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොළඹ ඒ කාලේ ජිවත් උන මිනිස්සු පට්ට බයකින් දිවි ගෙවන්න ඇති නේද බන්
    ඒකට ඒ කාලේ කලිසමේ හුජ්ජ කරගන්න එවුන් දැන් කියන කතා බලපන්කෝ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    Api nam Galle indapu nisa loku aulak wune naa. 2006 Galle harbor ekata gahapu wele nam iskoleta sadde awa. Parentsla pisso wage iskole issaraha lamayi aran yanna.

    Yudde antima kaale nam apea areas walat poddak bayen hitiye. Lawata wage matakai eka paarak prefects room eka gawa kalu paata tulip bag ekak tibila bomb squad eken awa. Passe mokekge hari prank ekak kiyala un giya. gadolak da koheda bag eke tibila tiyenne.
    Mokakda School eka, Mata oya seen ekata front row seat ekak set una. gahana welawe habour eka diha balan mano parak gahan hitiye.
     
    • Wow
    • Like
    Reactions: Kalegana and NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මාළු මාකට් එක පැලියගොඩ ,ගුණසිංහ පුර දැන් ගොඩක් වෙනස්... 1st ස්ට්‍රීට් වගේ අතුරු පාරවල් දැන් ඔක්කොම වගේ හොදට කාපට් කරලා තියෙන්නේ...ඉස්සර වගේ අපිලිවෙලක් නෑ ඕන තැනක ඇවිදන් යන්න පුළුවන්... ඔය කියන කාලේ නෙමෙ ඊට ගොඩ කාලෙකට පස්සෙත් පිට කොටුවේ ඇවිදගෙන යන්න බැරි කමක් තිබ්බා එච්චරට ජරාව, මඩ හැම තැනම....

    බයක් නැතිවමත් නෙමෙයි හැබැයි උබලා හිතනවා වගේ බයක් නෑ... මොකද හෙට උදෙටත් වැඩ යන්න ඕන නිසා මිනිස්සු ඉතින් ගියා බන් වගේ වගක් නැතිව... ඔය වීඩියෝ එකේ තියෙන රශ් එක ඒ විදියට ම තිබ්බා ගාල්ල කොලබ හයිවේ එක හදනකන්ම... මුලින් හැදුවේ ඕක නේ? එක හැදුවට පස්සේ මිනිස්සු කොලබට එන එක අඩු වෙලා ගියා.... දැන් ඔය පෙන්න තරම් වත් සෙනග නෑ සමහර පාරවල් වල.. ඔය කොටුවේ තිබ්බට ඔය තරං විල් වෙන නගර වල තිබ්බේ නෑ විල් ඔය තරං.. මම එක තමයි දැක්ක විශේෂ ම දේ... mam ඉන්නෙත් කොටුවට 7km වගේ දුරකින්...
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    ඉස්සර කොළඹ ඉස්කෝලේ යද්දී මාරම බයෙන් යන්නේ.. බස් එකේ කවුරුවත් ගන්නෙ නැති වගේ උරයක් බෑග් එකක් තිබ්බොත්.. පුදුම බයෙන් ගියේ බස් එකෙන් බහිනකන්.. ඒ බස් එකේ යන ටිකේ ජීවිතේ ගැන අත ඇරලා වගේ ගියේ !! ඉස්සර කොළඹ ඉස්කෝල වලට බෝම්බ ගහනවා කියලා කාලයක් තිබ්බා.. හැම ළමයම ඇතුලට ගත්තේ check කරලා බෑග් !! හමුදාවේන් හිටියා ඉස්කෝලේ ළඟ සමහරදාට !! එක දවසක් බෝම්බයක් කියලා බය වෙලා ඉස්කෝලේ ළඟට බෝම්බ නිශ්ක්‍රීය අංශයෙන් ආවා මතකයි...අපි බය වෙලා ඈත ඉඳන් හොරෙන් බලන් හිටපු හැටි තාම මතකයි !! අපේ අම්මලා අපි ඉස්කෝලේ ඇරිලා එනකන් බයෙන් බලන් හිටපු හැටි තාම මතකයි !!ඇත්තටම ඒකාලේ කොළඹට බස් කෝච්චි වල ආපු මිනිස්සු හිත යටින් කොනකින් ජීවිතේ අත ඇරලා වගේ හිටියේ.. ඕනෙ දෙයක් වෙන්න කියලා !! ඇත්තටම ඒකාලේ උතුරේ මිනිස්සු වගේම බස්නාහිර පළාතේ මිනිස්සුත් අනිත් පාළත් වලට සාපේක්ෂව යුද්ධෙන් මාර විදිහට බැට කෑවා !!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2006 වගේ ඉස්කොලේ යද්දි දෙමල ගැනූ කෙනෙක් තඩි බැග් එකක් අරන් බස් එකට නැගලා ඩ්‍රයිවර් චෙක් කරන්න ඔන කියද්දී බෑ කිව්ව පාර. බස් එකම පිටින් පොලිස් check point එක්ක නතර කරා 😱

    මේ නම් කොලබ නෙවේ නුවර 😆
     
    • Wow
    • Like
    Reactions: Kalegana and NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාස් පඩි කාරයන්ට බෝම්බ බයට වඩා රස්සාව වැදගත් වෙලා තිබුනේ. නිවාඩු ඉවරවුන ගමන් වැඩට නොගියොත් මුදල් නැති කමින් ප්‍රශ්ණ එනවා, ඉතින් මොන බෝම්බේ පිපිරුනත් මැරුණ මිනිස්සු අයින්කරලා කැඩුන බිඳුන දේවල් හදලා දවසින් දෙකින් සාමාන්‍ය තත්වෙට පත්වෙනවා. යුද්දේ දරුණුවට යන කාළේ දෙමව්පියෝ පුලු පුලුවන් විදියට ඉස්කෝල ඉස්සරහ ඉඳගෙන ළමයින්ගේ බෑග් චෙක්කරා. බස්වල හුඩ් රැක් වල ආවරණය කරපු දේවල් තියන්න දුන්නේ නෑ. ඉස්කෝලවලට පොලිසි වලින් ඇවිත් දැනුවත් කරනවා විවිධ ආකාරයේ නිර්මානාත්මක බෝම්බ ගැන, විවිධ හදිසි අවස්ථා වල හැසිරිය යුතු ආකාර ගැන.
    ඒ කාළේ ළමයි හැටියට නොතේරුම් කමට හා වගකීමක් නැති නිසා ලොකු බරක් දැනුනේ නෑ හිත් වලට නමුත් දැන් බලනකොට අමුතූ කාලයක්.

    තාත්තා මොන දේ ගන්න ගියත් මාවත් ඇදගෙන පිටකොටුවට තමයි යන්නේ. හැමදේම පිටින් ගන්නවට වඩා බාගෙට බාගයක් ලාබයි. තාත්තා මුස්ලිම් වෙළෙන්දන්ට දෙමළින් කතාකරාම තව අඩුයි.
    මාරයි මචන් ඒ කාළේ😍 පාර පුරා ඊ-බේ එක වගේ. වෙළෙන්දෝ මොකක් හරි අලුත් දෙයක් ගෙනල්ලා බිම තියාගෙන කුණු කොල්ලෙට විකුනණවා.ඇඳුම් ගොඩ ගහලා විකුනන්නේ. ගෝටා ඇවිත් ඕව නැතිකරාම කොටුව පාලුවට ගියා. හෙන ගැහිලා ගියා වගේ දැනුනේ.
    ඉස්සර අපිලිවෙලයි තමයි, නමුත් ඒක වෙනින් නගරෙක දකින්න තිබුන නැති දෙයක්. ඒ දවස්වල වැස්ස දවස්වලට නං පාරේ යන්න බෑ මඩ වෙලා හතර අපාය වගේ, ඒ වෙලත් මිනිස්සු පාරේ තියන් අල ලූනු විකුනණවා. මාර කාලයක් මචං ඒක.

    රැකියාවට අමතරව තාත්තා SLVNF වල හිටියා. මිනිස්සුන්ගේ හැසිරීම් සැකනම් ප්‍රශ්ණ කරනවා. අවුල් නම් පොලිසියට බාරදෙනවා. මාරම අමුතු කාලයක්.
    මැනිං මාකට් එකේ පාතාලේ සෙට් එකක් තාත්තගේ පැත්තෙන් දුරින් නෑයෝ වෙනවා. උන් ඉන්නවා කියන්නේ මාකට් එකට ගියාම පුදුම සැලකිලි. මම හරි පොඩියි හැබැයි පට්ට ගැම්මක් තිබුනේ ඇඟ හදාගත්ත නෑයෝ දකිනකොට. උන් ටික තමයි බැස්සේ ආච්චිලගේ ඉඩම මැදින් පන්සලට පාරක් දීලා ගියපු රන්ඩුවට. කඩු පොලු අරන් බැස්සා දායක සබාව විසිර ගියා.
    🤣
     
    Last edited: