මෙන්න කොළඹ 90 ගණන් වල අන්තිම

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මාර වීඩියෝ එකක් මේක.... පට්ට ප්ලේස් ටිකක් තියනවා, දැන් නම් ගොඩක් වෙනස්.
    මෙහෙම දැකපු උන් ඉන්නවද?දැන් කාලයට වඩා ගොඩක් වෙනස් වෙලා.
    මේ ඉතාමත්ම දරුණු කාලයක් ඒ දවස් වල, කොටි බෝම්බ පුපුරනවා හැම තැනකම.ඒත් සෙනග සහෙන්න්ස් ඉන්නවා. මේවා වීඩියෝ කරලා තියෙන්නෙත් ඒ කාලේ .

    උඹල දන්නා දැන් වෙනස් වෙලා තියන තන්මොනවද මේකේ?






     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාත්තා ඉගැන්වීමට අමතර පොඩි බිස්නස් එකක් කරා ඉතින් හැමදාම වගේ පිටකොටුවේ. සමහර දාට මාවත් අරගෙන පාරවල් බලාගන්න කියලා හැම පාරේම වගේ ඇවිදිනවා. පට්ට ආසයි මමත් වටේ පිටේ අමුතු අමුතු ගැජට් බැජට් බල බල යන්න.
    අපේ ගෙවල් පැත්තට කොළඹ බෝම්බ පිපුරුනොත් පොඩියට සද්දේ ඇහෙනවා, තාත්තා පරක්කුවුනොත් අපි පුදුම බයකින් හිටියේ ඒ කාලේ. අම්මත් කොටහේනෙයි බොරැල්ලෙයි ඉගැන්වුවේ හැන්දෑ වෙලා ගෙදර එනකන් විශ්වාසයක් නෑ.


    තාත්තා මුළු රටටම වගේ මේවා සප්ලයි කරා. තවත් ප්‍රඩක්ට් ටිකක් තිබුනා. 😊

    PageHeader_Prod_Woven-1.jpg
    Le-Mark_PVC-Electrical-Insulation-Tape-All-Colours__29159.1633427708.370.370.jpg
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තාත්තා ඉගැන්වීමට අමතර පොඩි බිස්නස් එකක් කරා ඉතින් හැමදාම වගේ පිටකොටුවේ. සමහර දාට මාවත් අරගෙන පාරවල් බලාගන්න කියලා හැම පාරේම වගේ ඇවිදිනවා. පට්ට ආසයි මමත් වටේ පිටේ අමුතු අමුතු ගැජට් බැජට් බල බල යන්න.
    අපේ ගෙවල් පැත්තට කොළඹ බෝම්බ පිපුරුනොත් පොඩියට සද්දේ ඇහෙනවා, තාත්තා පරක්කුවුනොත් අපි පුදුම බයකින් හිටියේ ඒ කාලේ. අම්මත් කොටහේනෙයි බොරැල්ලෙයි ඉගැන්වුවේ හැන්දෑ වෙලා ගෙදර එනකන් විශ්වාසයක් නෑ.


    තාත්තා මුළු රටටම වගේ මේවා සප්ලයි කරා. තවත් ප්‍රඩක්ට් ටිකක් තිබුනා. 😊

    PageHeader_Prod_Woven-1.jpg
    Le-Mark_PVC-Electrical-Insulation-Tape-All-Colours__29159.1633427708.370.370.jpg
    කොළඹ ඒ කාලේ ජිවත් උන මිනිස්සු පට්ට බයකින් දිවි ගෙවන්න ඇති නේද බන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    කොළඹ ඒ කාලේ ජිවත් උන මිනිස්සු පට්ට බයකින් දිවි ගෙවන්න ඇති නේද බන්
    කොළඹ හිටපු උන් නම් බයෙන් තමයි හිටියේ. ඒත් කොළඹින් කිලෝමීටර් 100කට වඩා ඈතින් හිටපු අපිට නම් ෆුල් ආතල් කාලයක් අනූ ගනන් වල අග කියන්නේ. පුදුම සරල සැනසිලි දායක කාලයක්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොළඹ ඒ කාලේ ජිවත් උන මිනිස්සු පට්ට බයකින් දිවි ගෙවන්න ඇති නේද බන්
    එහෙමත් නෑ බං පිපුරුවොත් තමයි බයවෙන්නේ දවස් දෙකෙන් තුනෙන් ඔක්කොම අමතක කරලා වැඩට යනවා.
    අම්මයි තාත්තයි කතාකරගෙන තිබුනේ මිනිස්සු වැඩිය ගැවසෙන තැන්වල ඉන්නේ නෑ කියලා, ඒ වුනාට පිටකොටු ගියොත් මිනිස්සු අස්සෙමයි.
    උදේ පාන්දරින්ම යනවා මාළු ගේන්න. අපි ඇහැරෙනකොට තාත්තා මාළු ගෙනල්ලා උයනවත් එක්ක. හැන්දෑවට සෙට්වුනොත් එළවලු පලතුරු මලු ගණන් අරන් එනවා. හරි සුන්දර කාලයක්.
    පස්සේ ඔය පුරුද්දට මමත් වැඩ ඇරිලා පිටකොටු ගිහින් ලාබෙට පලතුරු එළවලු අරන් ගෙදර යනවා. දුර ඉඳලා ආපු වෙළෙන්දෝ ඉන්නවා කීයට හරි ගෙනාපු දේවල් දීලා දාලා ගෙවල්වලට යන්න බලාගෙන. ඒ අයගෙන් ගත්තම හරි ලාබයි.
    දෙකක් දාලා රෑ වෙලා පාරේ යන ත්‍රී වීල් එකක් නවත්තගත්තම ගොඩක් වෙලාවට සල්ලි ගන්නෙත් නෑ ගෙදර යන ගමන් කියලා දාගෙන යනවා.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොළඹ ඒ කාලේ ජිවත් උන මිනිස්සු පට්ට බයකින් දිවි ගෙවන්න ඇති නේද බන්

    ehema kiyala bayak thibbe naha, habai hema thenama check point thibba,
    hitapu gaman bus nawaththala check karanawa.
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Issara 2009 wage Colombo eddi bus eke Katubadde checkpoint eken bassala okkoma check karanawa, Colombo yanna enna train bus giyoth patta bayakin giye, ayithikarayo nathi bag ehema thiyenawada kiyala bala bala...

    Akurasse bomben passe Colombo walin pita minissuth baya una, eka parak Matara bus stand eke man bus ekaka nagala iddi aithikarayek nathi bag ekak thibila api okkoma bus eken panala diwwa kiyahanko, passe army eke set ekak bahala thama okkoma clear kare, eda nam patta baya hithuna :baffled:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    2002 කොටුව පොලිස් කුඩුවේ හිටපු කොටි මම දැකලත් තියෙනවා, හොඳට English පුළුවන්, සුදු පාට හම තියෙන මරාගෙන මැරෙන බෝම්බ කරුවෝ...
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ඉස්සර බන්, රත්මලානෙන් නවත්තලා ඔක්කොම බස් චෙක් කරනවා, ආපහු විලියම් එක හරියේ වැල්ලවත්තේත් චෙක් කරනවා, යුනිටියට, ලිබටියට එහෙම ආවත් ගෙදර යනකන් සුවර් නැ. කොච්චියේ යන්නේම නැති තරන් එ කාලේ.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    1997 කියන කෑල්ල අයින් කරලා, විඩියො එකේ තියෙන පික්චර් කොලිටි එක පොඩ්ඩක් එන්හෑන්ස් කරල ගත්ත නම් 2024 වගේ තියෙනවා.
    Development News 😂