මෙන්න ගන්න වුනු හේතුව

eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    මෙන්න ගන්න වුනු හේතුව

    මෙන්න ගන්න වුනු හේතුව.වැට් බද්ධ වැඩි කිරීම හා නූතන සරදියෙල්ගේ හෙළුව
    වත්මන් ආණ්ඩුව මේවන විට වැට් බද්ධ 15% දක්වා වැඩි කර ඇත, මේම වැට් බද්ධ වැඩි කිරීමට බලපෑ හේතු කිහිපයකි, මේම හේතු අතුරින් ප්රාධානතම හේතුව වන රාජ්යැ සේවක වැටුප් රු 10 000කින් වැඩි කිරීමේ බරපතලකම ඔබට පෙන්වාදිම අපේ බලාපොරොත්තුවයි.
    මේ අගාධයට රට ඇද දෑමු ප්ර ධානතම හේතුව තමයි රු 10 000කින් රාජ්යජ සේවක වැටුප් වැඩි කිරීම. රනිල් වික්ර මසිංහ කියන්නේ මැතිවරණ ජයග්රුහණයක් උදෙසා මුළු රටම අගාධයට ඇද දාපු නායකයෙක් බව ඔබට මේ ලිපිය අවසානය දක්වා කියවිමේන් අවබෝධ කර ගන්න පුළුවන් වෙවි.
    අපි දැන් බලමු මේම රු 10 000ක වැටුප් වැඩි කිරීම සදහා කොපමණ මුදලක් අවශ්යඋ ද යන්න, දැනට රාජ්යල සේවයේ නියුතු සේවක ප්රැමාණය ලක්ෂ 14ක් පමණ වනවා, මේම ලක්ෂ 14ක් වන රාජ්යර සේවකයන් සදහා මසකට රු 10 000ක් බැගින් වසරක් සදහා කොපමණ මුදලක් අවශ්ය ද? 1 400 000*10 000*12 = 168 000 000 000ක මුදලක් අවම වශයෙන් අවශ්යක වෙනවා. මේම බිලියන 168ක් කියන්නේ එක් වසරක් සදහා අවම වශයෙන් අවශ්යශ මුදල් ප්රමමාණය, නමුත් මේම මුදල තව දුරටත් ඉහල යනවා මින් කොටසක් මුලික වැටුපට එකතු කිරීම නිසා, දැනටමත් මින් රු 2500කි මුලික වැටුපට එකතු කරලා තියෙනවා, මේ නිස රාජ්ය, සේවක ආපදා ණය (10මන්ත් ලොන් එක) එක් පුද්ගලයෙකුට රු 25 000කින් අමතර ඉහල යෑමක් සිදු වෙනවා, එ විතරක් නෙවෙයි අතිකාල දීමනා වැඩිවිමත් මේම වැටුප් වැඩි කිරීම නිසා සිදු වෙනවා, එ අනුව එක් වසරක් සදහා රු බිලියන 168ත් ප්රවමාණවත් නොවන බව ඔබට හොඳින් පැහැදිලි ඇති.
    දැන් අපි බලමු මේම බිලියන 168ක් කියන්නේ කොපමණ මුදලක් ද කියලා,
    01) ඔබ දන්නවා මත්තල ගුවන් තොටුපල, මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීම සදහා අපට වැයවුයේ බිලියන 27ක මුදලක් විතරයි, මේම ගුවන් තොටුපල ඉදිකිරීම සදහා වැයවු බිලියන 27ක මුදල නැවත නැවතත් දැරිය යුතු පුනරාවර්තන වියදමක් නෙවෙයි, එය එක් වරක දි දරා අවසන් කරන ලද්දක්, නමුත් රාජ්යර සේවක වැටුප් කියන්නේ පුනරාවර්තන වියදමක් එය නැවත නැවතත් සෑම වසරක් පසා දැරිය යුතු මුදලක්, දැන් බලන්න මත්තල හදන්න ගියේ බිලියන 27යි නමුත් රු 10 000ක රාජ්ය සේවක වැටුප් වැඩි කිරීම සදහා එක් වසරකට පමණක් බිලියන 168ක් අවම වශයෙන් වැය වෙනවා, තවත් අවබෝධ කර ගන්න පහසු විදියට කිව හොත් මත්තල හදන්න ගිය මුදල වගේ 6 ගුණයක මුදලක් එක් වසරකට වැටුප් වැඩි කිරීම වෙනුවෙන් වැය කරනවා,
    02) අපි තවත් කරුණු කිහිපයක් අරන් බලමු. කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීම සදහා අපට වැයවුයේ බිලියන 37ක මුදලක් විතරයි, මේම කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීම සදහා වැයවු බිලියන 37ක මුදල නැවත නැවතත් දැරිය යුතු පුනරාවර්තන වියදමක් නෙවෙයි, එය එක් වරක දි දරා අවසන් කරන ලද්දක්, නමුත් රාජ්යය සේවක වැටුප් කියන්නේ පුනරාවර්තන වියදමක් එය නැවත නැවතත් සෑම වසරක් පසා දැරිය යුතු මුදලක්, දැන් බලන්න කටුනායක කොළඹ අධිවේගී මාර්ගය හදන්න ගියේ බිලියන 37යි නමුත් රු 10 000ක රාජ්යක සේවක වැටුප් වැඩි කිරීම සදහා එක් වසරකට පමණක් බිලියන 168ක් අවම වශයෙන් වැය වෙනවා, තවත් අවබෝධ කර ගන්න පහසු විදියට කිව හොත් කටුනායක කොළඹ අධිවේගී මාර්ගය හදන්න ගිය මුදල වගේ 4 ගුණයක මුදලක් එක් වසරකට වැටුප් වැඩි කිරීම වෙනුවෙන් වැය කරනවා,
    03) අපි හම්බන්තොට වරාය ගැනත් බලමු. හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා අපට වැයවු මුදල බිලියන 46යි නමුත් වැටුප් වැඩි කිරීමට වසරකට බිලියන 168ක් වැය වනවා. එක් වසරකට හම්බන්තොට වරාය හදන්න ගිය මුදල වගේ 3ගුණයක මුදලක් මේම වැටුප් වැඩි කිරීම වෙනුවෙන් වැය කරනවා,
    04) අවසාන වශයෙන් ඉහත ව්යා පෘති 3 සදහා කොපමණ මුදලක් වැය වි ඇති දැයි බැලීම වැදගත්, මම මේම ව්යාාපෘති තුන තොර ගන්න ප්රෘධාන හේතුවක් තමයි වත්මන් රජය වැට් බද්ධ වැඩි කිරීම සදහා හේතු ලෙස ඉහත ව්යා පෘති තුන අසාර්ථක ව්යානපෘති නිසා ආදායමක් නොලැබිම යන කරුණ හුවා දැක්වීම කොතරම් සාධාරණ ද යන්න ඔබට ම පැහැදිලි කර ගැනීම සඳහායි. මත්තල ගුවන් තොටුපොළ කටුනායක අධිවේගී මාර්ගය හම්බන්තොට වරාය යන මේම ව්යා ප්ති තුන සදහා වැයවි ඇති මුළු මුදල බිලියන 110ක් පමණයි, එම මුදල එක් වරකදි දරා අවසන් කරන ලද මුදලක් පමණයි, නමුත් රාජ්ය් සේවකයන් සදහා සිදු කල වැටුප් වැඩි කිරීම සදහා එක් වසරකට පමණක් බිලියන 168ක් අවම වශයෙන් වැය වෙනවා. එක් වසරකට වැටුප් වැඩි කිරීම සදහා දරන මුදලින් ඉහත ව්යා,පෘති තුනම අවසන් කර තවත් බිලියන 58ක් ඉතිරි කර ගත හැකිව තිබුණා.
    ඉහත සංවර්ධන ව්යායපෘති තුන සදහා දරණ ලද මුදල දිගු කාලින ණය මුදල් නිසා එක් වසරකදි අපි විසින් ගෙවිය යුතු ණය වාරිකය හා පොළි මුදල කුඩා අගයක්. මේම මුදල දිගු කාලින ණය මුදලක් නිසා රජය විශාල මූල්ය පීඩනයකට ලක් වෙන්නේ නැ, නමුත් රජ්යක සේවක වැටුප් වැඩි කිරීම සදහා දරණ බිලියන 168ක මුදල සෑම වසරකදිම ඒ ආකාරයෙන් ම දැරිය යුතුයි, එය කොටස් වශයෙන් ගෙවීමේ හැකියාවක් නැ, දැන් ඔබට වැටහෙනවා ඇති මැතිවරණ ජයග්රිහණයක් උදෙසා රනිල් වික්රේමසිංහ රට කොතරම් අගාධයකට ඇද දමා තිබේ ද යන බව, මේම වැටුප් වැඩි කිරීම සදහා එක් වසරකදි දරණ බිලියන 168ක මුදල ඉතිරි කර ගත්තා නම් මත්තල ගුවන් තොටුපොළ කටුනායක අධිවේගී මාර්ගය හම්බන්තොට වරාය යන මේම ව්යාිප්ති තුන සදහාම දරණ ලද ණය මුදල ගෙවා අවසන් කිරීමට හැකියාව තිබුණාත් මහින්දගේ හොරකම් නතර කර සහන දෙන බවට පෙන්වීමට ගොස් අද රට තව තවත් ණය උගුලක පැටලී ඇත.
    ඉහත ව්යාරපෘති තුන මගින් ආදායම් නො ලැබේ යැයි පුන පුනා කියමින් ඉහත ව්යාොපෘති තුන සදහා වැය කල මුදලටත් වඩා වැඩි මුදලක් වැය කොට රාජ්යැ සේවක වැටුප් වැඩි කිරීමෙන් රජයේ ආදායම් වැඩිවේද? රාජ්යය සේවකයාගේ වැටුප් වැඩි කල පමණින් රාජ්යආ සේවකයාගෙන් ලැබෙන ආදායම වැඩිවුයේ නැත, 8% වන රාජ්යව සේවකයාගේ චන්දය ලබා ගැනීම සදහා මුළු රටම අගාධයට ඇද දමමින් තීන්දු තිරණ ගත්තේ කවුද යන්න දැන් ඔබට හොඳින් වැටහෙනවා ඇත.
    පසුබිම් කථාව
    ජනාධිපති චන්ද විමසීමේ ජයග්රණහණය සදහා යහපාලන කණ්ඩායමේ ප්රෙධානතම සටන් පාඨයක් වුයේ රු 10 000කින් වැටුප් වැඩි කරන බවයි, මේය කිසි ලෙසකත් ඉටු කල නොහැකි බව විශ්ව විද්යාුල ආචාර්යවරුන් බැංකු හා මූල්යර ආයතන නියෝජිතයන් විසින් සහ ජාත්යලන්තර මූල්යව අරමුදල තරයේ පෙන්වා දෙන ලදි, නමුත් මැතිවරණ 29ක් පරාජය වි යන එන මන් නැතිව සිටි රනිල් වික්ර මසිංහට රටට වඩා තම ජයග්රතහණය වැදගත් වුයේ එම අවස්ථාවේදිත් පරාජය වුවහොත් සදහටම දේශපාලනයෙන් සමුගැනිමට සිදු වන බැවිනි. එම නිසා ඔහු විසින් මේම රු 10 000ක වැටුප් වැඩි කිරීම කල හැක්කක් බවත් එය මහින්දගේ හොරකම් නතර කිරිමේන් කල හැකි බවත් තවද මහින්දගේ හොරකම් නතර කිරීමෙන් බදු රහිත මිලට ප්රෙිටල් හා ඩිසල්ද ලබා දිය හැකි බවත් දිගින් දිගටම පවසන්නට විය, අවසානයේ මොවුන්ගේ බොරුව කොතරම් ප්ර බල වුවාද කිවහොත් මහින්ද සිදු කල සියල්ලේ වටිනාකම බිංදුවට ඇද දමන්නට මොවුන්ට හැකි විය.
    මිට හොදම නිදසුනක් ලෙස පෙන්වා දිය හැක්කේ රාජ්ය් සේවකයන් සදහා රු 50 000ක සහන මිලට මහින්ද රාජපක්ෂ විසින් ලබා දුන් 210 000ක් වටිනා යතුරු පැදිය යහපාලනය යටතේ සියලු හමුදා නිලධාරීන් සඳහාත් ලබා දෙන අතර මෙතෙක් ලබා දුන් බයිසිකල් සදහා අය කරන ලද රු 50 000ක මුදල ද නැවත ලබා දෙන බවට ප්ර කාශ කිරීමයි.
    මේම යහපාලන කණ්ඩායම ජනවාරි 8ට පෙර ජනතාවට පොරොන්දු වුයේ තම පාලනයක් යටතේ, රට සුර පුරයක් කරන බවයි. එ අනුව දුන් පොරොන්දු සිය ගණනකි, නොමිලේ වයි ෆයි, ගුගල් බැලුන් හරහා නොමිලේ ඉන්ටනෙට්, වොක්ස් වැගන් කම්පැනි, වැස්සේ තෙමි තෙමි යන අයට අඩුවට කාර්, තේ කිලෝවට රු 80ක් රබර් කිලෝවට රු 350ක් වී කිලෝවට රු 50ක් ආදි අසීමිත පොරොන්දු කන්දකි, අවසානයේ 62ලක්ෂයක් ජනතාව මේම පොරොන්දු කන්දට රැවටුණු අතර යහපාලනය යටතේ දින 100න් හදන අළුත් රටේ ආඩම්බරකාර හිමිකරුවකු විමේ බලාපොරොත්තු ඇතිව තම කුළුඳුල් චන්දයම භාවිතා කර පැවති පාලනය පෙරලා දමන්නට විය.
    ජනපති චන්ද විමසිමේන් ජයගත් යහපාලන කණ්ඩායමේ මිලඟ අභියෝගය වුයේ දුන් පොරොන්දු ඉටු නොකර මහ මැතිවරණය ජය ගැනීම කල නොහැක්කක් බවයි, මේ නිසා සරදියෙල් අයවැයක් ලෙස හඳුන්වා නව අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට යහපාලන කණ්ඩායම තීරණය කල අතර එම සහන මහින්දගේ හොරකම් නතර කිරිමේන් ඉතිරි වු මුදල් ලෙස ජනතාවට පෙන්වන්ට විය, නමුත් සැබෑ තත්වය වුයේ රට භාර ගෙන මාසයක් යන්ටත් පෙර පෙබරවාරි මස 04 දින බිලියන ගණනින් මුදල් නෝට්ටු අච්චු ගැසීමත් ඉන්දියාවෙන් බිලියන ගණනින් ණය ලබාගැනීමත්ය. මේම මුදල් ද ප්රලමාණවත් නොවු නිසා ඉතිහාසයේ විශාලතම හොරකමට දායක වෙමින් මහ බැංකු බැදුම්කර නිකුත් කරමින් තවත් ණය ලබාගන්න විය.
    මේ වන විට ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල විශාල වශයෙන් පහත වැටි ඇත, පසු ගිය පෙබරවාරි මස වන විට බොර තෙල් බැරලයක අඩුම අගය ලෙස $ 26ක් වර්ථා විය $ 30මිල යටතේ පෙට්රසල් ලීටරයක නිෂ්පාදන වියදම රු 29ක් පමණි එ අනුව පෙට්ර$ල් ලීටරයකින් රු 87ක් ආණ්ඩුව විසින් ජනතාවගෙන් උදුරා ගෙන ඇත, මේවන් තත්වයක් තුළ තවමත් මහින්ද හොරා කෑවා මහින්ද හොරා කෑවා එ නිසා බදු වැඩි කරන්න උණා යන තර්කයෙන් මිදි ඇත්තට මුහුණ දිමට යහපාලන ආණ්ඩුවට නොහැක්කේ තමන් විසින් ලක්ෂ 62ක් ජනතාව තුළ ගොඩනගන ලද බලාපොරොත්තු සියල්ල බොදවි ඇති නිසා ය, බොරුවෙන් දිනා ගත් ජයග්රළහණය බොරුවෙන් ම පවත්වා ගන්නවා මිස වෙනත් යමක් ඔවුන්ට ඉතිරිවි නැත. මේය ශේයා කර බොරුවෙන් රැවටුණු තවකෙකුට ඇත්ත පහදා දෙන්න.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    එතකොට එල්ලලා තිබ්බ 10000 ක් නෙමෙයිද මුලික වැටුපට එකතු වුනේ? :confused::confused:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    100% true machan rate tiyena economy awula ati une me seen eken tamai. 168 Billion walata wada wadi oya 10000 wadi karapu ekn ati una wiyadama. Mokda normal gov sewakayanta 10000 k wadi karapu hinda CEB, Water Board, Bank wage ayathana wala ayage salary oita wada gaanain wedi kara collective agreement walin. Tawa pension hemath wadi una ne itin Aasannawa 200 billion walata kittu gaanak oya seen ekata wasarakata wiyadam wenawa ati. Kisima practical nati deyak meka deshapalana uwamanawa witarak ma salakala karapu gon wadak
    .
    Rajaye sewakayanta nam wedi una gaana hari tiye eth anith bahutharaya me billion 200 ka witara wiyadama aanduwa wenuwen daranda one
     
    Last edited:

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    ඇත්ත කියද්දි රිදෙනව තමයි.

    attachment.php
     

    Attachments

    • untitled.jpg
      untitled.jpg
      12.5 KB · Views: 60

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    එතකොට එල්ලලා තිබ්බ 10000 ක් නෙමෙයිද මුලික වැටුපට එකතු වුනේ? :confused::confused:

    10,000 ක් එල්ලුව ඒක තමයි දැන් මූලික වැටුපට එකතු කරන්න කියල ඉල්ලන්නෙ