මෙන්න තිත්ත ඇත්ත. !!!!!
මා කලකට පෙර ජීවත්වූයේ අති දුෂ්කර ඇඹිලිපිටිය ප්රදේශයේය. පහුගිය දිනෙක මා යලි එහි ගිය විට සිදුවූ සිදුවීමකින් මාතෘකාව ආරම්භ කිරීමට සිතුවෙමි. අපේ ගෙදරට මදක් ඔබ්බෙන් රජයේ ඉඩමක් තිබේ. එය මුඩු ඉඩමක් වූ අතර එහි අලුතින් සෑදූ පැලක් දක්නට ලැබුනි. සැබවින්ම එහි තිබුනේ වහලක් හා කනු හතරක් පමනි. මේ පිලිබඳ උනන්දු වූ මා එහි පිවිසුනු අතර පැලතුල පැදුරු කඩමාල්ලක්, මේසයක් සහ වලං කීපයක් තිබුනි. එහි කිසිවෙකුත් නොසිටි අතර ටික වේලාවක් ගියවිට පාසල් ගිය අවුරුදු 10ක් විතර වයස ලමයෙකු එහි පැමිනියේය. මාගෙ දැනුමේ හැටියට පාසලට කිලෝමීටර් 6 පමන යා යුතුවිය.එවිට මා කුඩා කාලයේ සෙරෙප්පුත් නැතිව දූවිලි කාන්තාරයේ පයින්ම පාසල් ගිය හැටි සිහිවිය.
දාඩිය පෙරමින් සිටි ලමයා පිලිබඳ අවධානය යොමු කල මා "පයින් නෑවිත් ලොරියේ එන්න තිබ්බා නේද" කියලා ඇසුවෙමි. (බස් නොමැත ධාවනය වන්නෙ මගී ප්‍රවාහනය කිරීමට සෑදු ලොරි රථයි. මේවායෙහි පිටුපස බංකු දෙකක් දමා මගීන් ගෙන යයි.) ඔහු "අත දැමූ බවත් ලොරිය නැවැත්වූයේ නැතිබවත්" පැවසීය. ඒ පිලිබඳ විස්තර විමසූවිට ඔහු කීවේ ලොරියට දෙන්න සල්ලි නැතිනිසා කවදාවත් ලොරිය නවත්තන්නෙ නැති බවය. මොහුගේ පියා අහිමි අතර මව කුලී වැඩ කොට ජීවිතය ගැටගහ ගනී. දැනගන්නට ලැබුනු ආකාරයට දවල් කාලයට ආහාර ගන්නෙ අපේ නිවසෙනි. එසේ නැත්නම් මව ආපහු එනතෙක් මෙම ලමයා සිටින්නෙ කුසගින්නේය.
මේ සිදුවීම තවත් එක් සරල සිදුවීමක් පමනි. එහෙත් මෙරට තුල එවැනි සිදුවීම් දහස් ගණනක් සිදුවන රටකි. එහෙත් එහෙම දේවල් මේ රටේ සිද්ධවන්නේයැයි සිතන්නට කවුරුත් කැමති නැත. ඒවෙනුවට බොහෝ දෙනා සිතන්නට කැමති අපි ලෝකෙන්ම උතුම්ම රට කියාය. ඇත්තෝ කනබොන-නැත්තෝ ලෙවකන ආර්ථික රටාවක් රටට දායාද කලේ පාලකයන්ය. වර්තමාන පාලකයන් යනු ඒ ජඩ ආර්ථිකයේ වර්තමාන නියෝජිතයන් පමනි. ඉතිහාසය පුරා අපව පාලනයකල නායකයන් ඊට වගකිවයුතුවේ. රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 80%ක්ම භුක්ති විඳින්නේ 4%ක සුළුතරයක් නම්,එවැනි ආර්ථිකයක් නඩත්තු කරන පාලකයන් සියලු දෙනාම අපරාධකාරයන් මිස තවදුරටත් පාලකයන් නොවේ. සම්පත් බෙදීමේ විෂමතාව බොහෝ සමාජ ගැටළුවලට මූලබීජය වන බව ආර්ථික විද්‍යාඥයෝද දාර්ශනිකයෝද පෙන්වාදී ඇත. ඊර්ෂ්‍යාව,ක්‍රෝධය,ද්වේෂය වැනි අගතිගාමී සිතිවිලි පංති සමාජයක ආවේණික ලක්ෂන බව මාක්ස් බොහෝම ඉහත කීවේය. මාක්ස්ගේ කියමන් දිරවන්නැතිනම් බුදුන්වහන්සේ උපුටා දැක්විය හැකිය. අග්ගඤ්ඤ සූත්‍රයේදී ලෝකයේ නිර්මාණය වූ හැටි සමාජය සංවිධානය වූ හැටි දේශනා කරද්දී බුදුන් වහන්සේ හිටියේද මෙම මතයේය.
මිනිසා දූෂනය වූයේ පන්ති සමාජය බිහිවූ දා සිටය. අප දැන් සිටින්නේ එහි නරකම අවධියේය. ධනපති පංතියට එරෙහිව පුපුරා යයුතුව ඇති වෛරය හුදකලා සිදුවීම් හරහා පුපුරන්නට පටන්ගෙන තිබේ. ආගමික දේශනා මගින් විරෝධය සමනය කරමින් තිබුනු යුගය ඉතා ඉක්මනින් අවසන් වෙමින් තිබේ. මේ අයුක්ති සහගත ආර්ථිකය විසින් මිනිසුන් මත අති විශාල පීඩනයක් පටවා තිබේ. ඇතිහැකි උදවිය විඳින සැපසම්පත් දෙස බලමින් නැතිබැරි උදවිය හූල්ලති. ඒ සැප සම්පත් තමන්ට ද ඇත්නම් යැයි සිතති. කොයි මොහොතකහෝ පල දෙන වාසනාවක් ගැන සිහින දකිති.ලොතරැයි සූරති. මිලියනපතියන් බිහිකරන රූපවාහිනී වැඩසටහන්වලට සහභාගීවෙති. ඒ අතරේ මාධ්‍ය විසින් මිනිසුන් හමුවේ දිව්‍ය ලෝක මවති. ඒ දිව්‍යලෝකවල දෙවිවරුන් වීමට මහ ලොකු දේවල් කළයුතු නැතැයි කියති. බල්ලො මරා හෝ සල්ලි හොයන්නට පුලුවන් ආර්ථිකයක් පාලකයන් විසින් නිර්මානය කොට දී ඇත. ඉතින් ඒ ආර්ථිකය හිසමත දරාගත් මිනිසුන් බල්ලෝ වෙනුවට මිනිසුන් මරති. මැරෙන මිනිසුන් රූපවාහිනි ප්රවෘත්ති විකාශයන්හි විශේෂාංග බවට පත්වෙයි. මලකුණද විකිනෙයි. සියල්ල තීරනයකරන මැජික් එක ඇත්තේ රුපියල් ශත තුලය.
70,80 දශකවලට වඩා මේ දශකයේ ධනවාදය භයානකය.මාරාන්තිකය. එය සියල්ල විකිණීමට යෝජනා කරයි. ධනවාදයේ මේ මොහොතට ආදරය,කරුණාව,මනුස්සකම අවශ්‍ය නැත. එය ඉල්ලා සිටින්නේ ධනයම පමණි. අල්පේච්ඡතාවය ගැන බණ දෙසන හිමිවරුන් ඒ සඳහා වැඩම කරන්නේ නවීන පන්නයේ රථ වාහන වලිනි. මහණදම් පුරන එක කෙසේ වෙතත් උන්වහන්සේලා අසපු තනති. පිරිකරට සිමෙන්ති කොට්ට ඉල්ලා සිටිති. එවැනි හිමිවරුන්ගේ බණ අසන පින්වතුන් කෙලෙස් තුනී කරගැනීම වෙනුවට හිමිවරුන්ගේ සුඛෝපභෝගී ජීවිතයට ආශා කරති.සියල්ල පැහැදිලිය. ධනවාදය විසින් මෙලොව සියලු ප්‍රාණීහු එහි ගොදුරු බවට පත්කරගෙන ඇත. ගොදුරු බවට පත්වූ මිනිසෙකුට තවකෙකු ගොදුරු කරගැනීම අපහසු නැත. හැමෝටම උවමනා අත්පත් කරගන්නටය. පරිභෝජනය කරන්නටය. ඒ අත්පත් කරගැනීම වෙනුවෙන් ඔවුහු පරපණ නසති. අදින්නාදානයේ යෙදෙති. සිල් පද පහම කඩති. මේ රටේ අපරාධ වැඩිවෙමින් තිබෙන්නේ ඒ නිසාය. බණ දහම් කියා හදන්නට බැරිතරම් ඒවා මෝරලාය. කළයුත්තේ මේ ආර්ථික ක්‍රමය පිටුදැකීමය. එහෙත් මිනිසුන් තවමත් මෙය ආර්ථිකයේ වරදක් ලෙස දකින්නට සූදානම් නැත.ඒ වෙනුවට ඔවුහු මේවා ඉරණමට හෝ කරුමයට බැර කරති. කිවයුත්තේ මේවනාහි වහාම වෙනස් කල යුතුව ඇති සමාජ ආර්ථික ක්‍රමයක් යන්න පමණි. ආර්ථික ක්‍රමය විසින් සිදුකරනු ලබන අපරාධ හමුවේ තැවි තැවී කම්පාවීමෙන් අමුතු කිසිවක් සිදුවන්නේ නැත. කලයුත්තේ මීට බොහෝ කලකට පෙර මහගමසේකර කවියා විසින් ලියූ මෙන්න මේ ටිකය.
මකා දමා අහස් තලය දුර
මකා දමා ඉර හඳ තරු
නැවතත් අපි සකස් කරමු
මේ ලෝකය මීටවඩා සැපවත් කොට

රෙප් කපන අය පිරිමි වගෙ නම කියලම කපන්න.
-සංවාදයට විවෘතයි-

Last edited: