Sirama kathawa ban.
මමත් පොඩි බිස්නස් එකක් කරන්නෙ. ඒත් තව වෙනකම් බැංකුවකින් ලෝන් එකක් අරන් නෑ
(දීලා නෑ කිව්වොත් නිවැරදියි) එහෙම බැක්ග්‍රවුන්ඩ් එකක් තිබ්බා නම් අද මීට වඩා ඉහල තැනක
හරියට හරි.
උබට ඒ අත්දැකීම තියෙන නිසා උබ හරියටම දන්නව ඇති. මටත් ඔය වගේම ඔය අත්දැකීම තියෙනවා.
අපිටත් ඔහොම business loan එකක් දුන්නෙ නෑ. ඒකම තමයි අන්තිමට අපේ business එක (construction) වැටෙන්න මූලික හේතුව උනේ. ඒ අස්සෙම ලංකාවෙ තියෙන ජරා මජර සිස්ටම් එක බලපෑවා ලොකුවටම. මහ උත්තෙ සිස්ටම් එකක් තියෙන රටක්. ලංකාව එපා වෙලා රට යන්නත් ඕක තමයි මට වැඩිපුරම හේතු උන දේ.
ලංකාව කියන්නෙ ගොඩක් business වලට සුදුසු රටක් නෙවෙයි. ජාවාරම් වලට නං සුදුසුයි.
හැබැයි ඉතින් උන්ගේ අම්මල තාත්තලට සල්ලි තියෙන්නේ background නිකන් ඉදල නෙමේනේ ... පරම්පරා ගානක් එකම තැන කියන්නේ ඉතින් අම්මල තාත්තල වැඩක් ඇති දෙයක් කරලත් නෑ උන්ගේ කලින් එවුන් කරලත් නෑ උබල කරන්නෙත් නෑ ... උබලගේ ළමයින්ටත් නෑ තමා
අනික නැති උන්ම තමා ළමයි 5 , 6 හදා ගන්නේ ... බලපනෝ පොඩ්ඩක් දැන් එදා වෙලා කන්න නෑ .. වේලක් කාල ඉන්න කියන උන්ගේ ළමයි කියක් ඉන්නවද කියල ... ඉන්න තැනකුත් නැතුව ළමයි 4ක් 5ක් හදා ගන්නවා .. ඉබේ පහල වෙන් නැනේ ළමයි ... උන්ට හොදට ඉන්න දෙන්න බැරි නං .. ළමයි හදන නැතුව ඉන්න ඕනේ .... ළමයි නෙමේ බදිනේන්ත් නැතුවම ඉන්න ඕනේ
ඔය උබ ළමයි වැඩි කතාව හැමෝටම අදාළ දෙයක් නෙවෙයි. සාමාන්‍ය මධ්‍යම පාන්තිකයට වෙන රටවල් වල මධ්‍යම පාන්තිකයට ගොඩ එන්න පුළුවන් හරි විදියක් නැති එක ගැන අදහස් කරන්නෙ
රාජපක්සල උනත් එහෙම තමානේ ... හම්බු කරපු විදි ගැන නොසලකා හැරියොත් ... නාමල් ල උන් ආතල් එකේ හිටියට ... මහින්දලා එහෙම ඉදල නැනේ මුල ඉදලම ..
උබේ කමෙන්ට් ඔක්කොම කියවලා මේක දාන්නෙ. කියන පොයින්ට් එක උබට තේරෙන්නෙ නැතුවද කියල මං දන්නෙ නෑ.
"හම්බු කරපු විදි ගැන නොසලකා හැරියොත්" කියන එකම වැරදියිනෙ බන්. ඒක නොසලකා හැරියොත් නාමල්ලා කියන්නෙ බල්ලෙක්වත් නොදන්න නිකම්මු. ඔය අයතා හම්බ කිරිල්ලෙන් තමයි හැම එකම පටන් ගන්නෙ.
දේශපාලනේට එන්නෙත් එතනින්. උබ අමතක කරල දාන්න කියන්නෙ මූලය. හරියට නිකන් මුදුන් මුල කැපුවා කියලා හිතාගෙන ගහක වර්ධනය හිතන්න කියනව වගේ.
නාමල් ලා ගැන කියපු නිසා අයථා හම්බ කිරිල්ල ගැන කිව්වෙ. මේ ත්‍රෙඩ් එකේ ඒගොල්ලො ගැන විතරක් නෙවෙයි.
------
Post added on Aug 26, 2021 at 6:51 PM