මෙන්න නියම යාලුවෝ. මරු Set එක​.

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
මෙන්න නියම යාලුවෝ. මරු Set එක​.

මිතුරා සමග දියනෑමට ගොස්
ඔහු දියේ ගිලූනු පසු
ඇඳුම් ස`ගවා පළා ගිය
පස මිතුරෝ


අද කාලයේ විනාශවී යන මානව ගුණධර්ම අතරට හිතවත්කම මිතුරුකමද එක්ව තිඛෙනවා.
තම මිතුරා සමග නාන්නට ගොස් ඔහු දියේ ගිලී මියගියවිට නිවැසියන්ට ඇත්ත කියන්න වේයැයි බයට මිතුරාගේ ඇඳුම් වළදමා ගෙවල් වෙත පළාගිය පසමිතුරන් තිදෙනෙකු ගැන පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන් වාර්තා වුණා. මිතුරාගේ දෙමාපියන්ට ඔවුන් පවසා ඇත්තේ ඔහු තමන් සමග සිට කොහෙදෝ ගිය බවත් සිද්ධවූ දෙයක් දන්නැති බවත්ය.
29 දා උදෑසන කහතුඩුව අධිවේගී මාර්ගයේ ගමන් කළ ලොරි රථයක සිටි අයෙක් කහතුඩුව අධිවේග පිවිසුම් මාර්ගය අසලින් ගලා බසින රිළාගල ඇළේ සිරුරක් දිය මත පාවෙමින් තිඛෙනු දැක
ඒ ගැන පැවසීමෙන් පසුව මියගිය අයගේ මළ සිරුර සොයාගෙන තිබුණා.
ඔහු දියට බැස්ස ස්ථානයේ සිට කිමී. 2 ක් පමණ පහළ ස්ථානයක තිබී මෙම මළ සිරුර හමුවුණා. මෙම සිද්ධියෙන් මියගියේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවෙකු වූ හෂාන් විමුක්තියි.
මිතුරන් තිදෙනකු සමග හෂාන් පසුගිය 27 වැනි සෙනසුරාදා පොල්ගස්ඕවිට රිළාගල ඇළේ දිය නෑමට ගොස් තිබුණ නමුත් ඔහු නැවත නිවසට

මිතුරන් සමග නොපැමිණි නිසා නිවැසියන් ඔවුන්ගෙන් විමසීමේදී zඅපිත් එක්ක එයා ඉඳලා කලින් ගියා..කොහේ ගියාද දන්නෙ නෑ..Z යයි පවසා තිබුණා.
නිවැසියන් මේ නිසා කලබල වූ අතර ඔහු අතුරුදන්වීමේ අභිරහස ගැන පොලිසියට මාධ්‍යයට දන්වන්නටද ක්‍රියා කළා.
ඔහුට වුණ දේ දැනදැනත් මිතුරන් තමන් ගැන සිතා ඒ මරණය රහසක් වශයෙන් තබාගෙන සිටියා.

අධිවේගී මාර්ගයේ ලොරි රථ හිමියා දුන් ඔත්තුවට අනුව හෂාන් මිය ගිය පුවත කවුරුත් දැනගත්තේ 28 දා රාත්‍රියේය. මේ පිළිබඳ පසුව කෙරුණු පොලිස් පරීක්ෂණ වලදී මියගිය අයගේ මිතුරන් බොරු කියූ බව හෙලි වුණා.

ඔවුන් මෙම මිතුරාගේ ඇඳුම් සැ`ගවූ ස්ථානයද පොලිසියට පෙන්වුවා. තමන් සමග ගිය හෂාන් මිය ගිය බව කිව්වේ නම් තමන්ට ප්‍රශ්න ඇතිවේ යයි බියවී මෙම බොරුව ගෙතූ බව ඔවුන් පාපොච්චාරණය කළා.
මියගිය හෂාන්ගේ සිරුර හමුවන විට එය ඉදිමී විරූප වී ගොස් තිබුණා.

හෂාන්ගෙ නිවස අසළම සිටියා කියන හොඳම මිතුරාවන වන තරි`දු මේ ගමනට එක්ව තිබුණ අතර ඔහු මේ මරණය ගැන සැක සහිතව කියන ආකාරය දැක ඔහුගේ පියා මිතුරාට වුණ දේ නැවත නැවත අසද්දී ඔළුවේ අත තියා දිවුරා කියා ඇත්තේ zෆාමසියට ගිහින් ආවා ඊට පස්සේ මොකුත් දන්නේ නෑ තාත්තේ Z කියා පමණි.

පිළියන්දල ධර්මරාජ විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මියගිය හෂාන් විමුක්තිට තවත් වැඩිමහල් සොයුරියක සිටී.
හෂාන් සමග ගිය මිතුරන් තිදෙනා ඔහු දියේ ගසාගෙන ගිය පසු බේරාගන්නට බැරි බව තේරුම් ගත් නමුත් සිද්ධිය කාටවත් නොකියා පළා යන්නට තීරණය කර තිබුණා. ඔහු නාන්ට පෙර ඇළ අසළ රඳවා තිබුණ ඇඳුම් පැළ\ුම් හා සෙරෙප්පු දෙක ඇළ අයිනේ වළලා දැමූ ඔවුන් ෆෝන් එක ස`ගවාගෙන එය විසන්ධි කර තිබුණා.

පසමිතුරන් විසින් මරණය පවා ස`ගවනු ලැබූ පසු හෂාන්ගේ පාවෙන මළ සිරුර අහම්ඛෙන් හමු නොවූයේ නම් මෙම සිද්ධිය මේ වනතුරු අභිරහසක් වන්නට ඉඩ තිබුණා.


hashan-1.jpg


Source http://www.lankagossipgirl.com/2014/09/missing-students-deadbody-found-in.html
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඉමිනා පුඤ්ඤකම්මේන
මා මේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා


buddha-1.jpg

Hikzz...oka prarthana gathawa...:lol:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ස්කාවී බලන්න ගියානම් වෙන්නෙත් මේක !!!!!!!!!!!
    ඇදුම් ටික වලලන්න හරි එකේක් එතුරු උනා නම් ඇති.......
    රිදෙයි කට්ටියට :D:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ස්කාවී බලන්න ගියානම් වෙන්නෙත් මේක !!!!!!!!!!!
    ඇදුම් ටික වලලන්න හරි එකේක් එතුරු උනා නම් ඇති.......
    රිදෙයි කට්ටියට :D:D

    Ayi ahala...:lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හැම මිතුරෙක් ම මෙහෙම නෑ, ඒත් මීට පස්සේ වත් මිතුරන් එක්ක නෑමට යෑමේදි ගෙදරට කියලා යන එක කොයි එකටත් හොදයි.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    Hikzz...oka prarthana gathawa...:lol:

    ඔයා හිකිස් කියා ගත්තේ ඔයාටමයි..

    ඉමිනා පුඤ්ඤ කම්මේන
    මාමේ බාල සමාගමෝ
    සතං සමාගමෝ හෝතු
    යාව නිබ්බාන පත්තියා



    "මා විසින් කරන ලද පින්කම්
    හේතු කොට ගෙන....
    නිවන් දක්නා ජාති දක්වා
    අසත්පුරුෂ ජනී ජනයා
    ඇසුරට නොලැබේවා...!
    සත්පුරුෂ කල්‍යාණ මිතුරන්ම
    ඇසුරට ලැබේවා...!"


    ඔබ සැමට තෙරුවන් සරණයි...!
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    දුකට පත්වුණාම තමයි නියම යාලුවෝ අදුරගන්න පුළුවන්