මෙන්න බලන්න නමේ බලේ ....බලන්නම ඕනේ

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මෙන්න බලන්න නමේ බලේ ....බලන්නම ඕනේ


    Mr%20Nine%20Mathemagics%20Prof.jpg
    හුඟක් පොඩ්ඩෝ හිතාගෙන ඉන්නෙ ගණිතය කියන්නේ හරිම කරදරයක් කියලා. ඒත්, ගණිතය කියන්නේ හිතා ගන්නත් බැරි තරමට අපූරු මැජික් එකක්! මේ මැජික් වල රහ වැටුනොත් නම් පොඩ්ඩො ගණිතය එක්ක මීට වඩා හුඟාක් යාළු වෙයි. ඔන්න ඉතිං අපි ගණිත මැජික් දැන ගන්නත් එක්කලා ඔයාලා කවුරුත් දන්න කියන යාළුවෙක් එක්ක කතාබහ කළා. ඒ තමා Mr. Nine! මේ ඒ රසවත් කතාබහෙන් කොටස් කීපයක්.

    අපි: Mr. Nine, ඇත්තටම ගොඩක් අය කියනවා ඔයා හරි නපුරුයි කියලා....
    අපිට මුලින්ම කියන්නකෝ මේ කතාව ඇත්තක්ද කියලා....

    Mr. Nine: හපොයි පිස්සුද? ඔය කතාව මහම මහ බොරුවක්නේ..... මගේ චරිතය ඝාතනය කරන්න හදපු එකක්. මට කරන්ඩ පුළුවං අපූරු වැඩ ගැන දන්නව නම් කිසිම කෙනෙක් ඔය වගේ දෙයක් කියනවා තියා හිතන්නෙවත් නෑ .

    අපි: මොනවද අප්පේ ඔය කියන අපූරු වැඩ?

    Mr. Nine: හා..... එහෙනං..... ලේසි එකකින් පටන් ගන්නම්කෝ... ඕනෙ ඉලක්කමකින් මාව වැඩි කරන්න. උත්තරයේ ඉලක්කම් එකතුකලාම ඒ එන උත්තරෙත් නවය.

    අපි: ආං.. කෝ.. බලමු....
    9x11=99
    9+9=18
    කෝ ඉතිං උත්තරේ දහ අටනේ?

    Mr. Nine: හරි දැං දහ අටෙ ඉලක්කම් දෙක එක්තු කරන්නකො...

    අපි: 1+8=9
    ෂා ඔව්මයි... ඉන්න තව ඒවා බලමු....

    9x25=225
    2+2+5=9

    9x22=198
    1+9+8=18
    1+8=9

    ඒකනං හරිම මැජික්...!

    Mr. Nine: ඕක මොන මැජික්ද මෙන්න තවත් වැඩක්... සංඛ්‍යාවක් ලියන්න.

    අපි: ම්........853..

    Mr. Nine: රායිට් දැං ඒක අග ඉඳන් මුලට ලියන්න

    අපි: 358 යි නේ.....

    Mr. Nine: දැන් වැඩි ගානේන් අඩු ගාන අඩු කරන්න

    අපි: 853 -358 නේ? ම්.... උත්තරය 495....

    Mr. Nine: දැං ඔය ඉලක්කම 9න් ඉතුරු නැතුව බෙදෙනවා....

    අපි: ඔහ් හොඳටම ෂුවර්ද...?

    Mr. Nine: ඉර හඳ වගේ

    අපි: ම්..... බලමු 495 / 9 = 55
    ඇත්ත නේන්නම්..
    බලමු තව එකක්....
    ම්... 5912 - 2195 = 3717...
    ඒක 9 බෙදෙනවද බලමු...
    3717 / 9 = 413
    දෙයියනේ හරි පුදුමයි....

    Mr. Nine: මේකත් බලන්න..... ඔන්න මේකනං රාජකීය වැඩක්....

    987654321 x 09 = 08888888889
    987654321 x 18 = 17777777778
    987654321 x 27 = 26666666667
    987654321 x 36 = 35555555556
    987654321 x 45 = 44444444445
    987654321 x 54 = 53333333334
    987654321 x 63 = 62222222223
    987654321 x 72 = 71111111112
    987654321 x 81 = 80000000001

    නවයෙ ඉඳං අවරෝහණ ක්‍රමයට ඉලක්කම් නවය පෙළට ලිවුවහම එන ඉලක්කම තමා 987654321..... ඕං ඒ යෝදයව මගේ ගුණාකරවලින් වැඩි කරගෙන ගිහිල්ලා තමා ඔය තියෙන්නේ. පේනවා නේද වැඩේ?

    හැමතිස්සෙම උත්තරේට එන ඉලක්කමේ මුලයි අගයි අංක දෙකෙන් පෙන්නන්නේ අර ගුණකරපු ඉලක්කමමයි. දැක්කා නේ? ඒදෙක අතර තියෙන්නෙත් ඉලක්කම් නවයයි.... ඒ මැද තියන ඉලක්කම් වලත් අපූරු සංඛ්‍යා රටාවක් හොඳට බැලුවොත් ඔයාලට පෙනේවි.

    අපි: ඔහ්... Mr. Nine, අපට වතුර ටිකක් දෙනවද?

    Mr. Nine: (තමාටම) මැජික් දැකලා උගුර කට වේලිලා ඇති.
    Iwarayi.jpg


    උපුටා ගත්තකි.......

     
    Last edited: