You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මෙන්න බිරින්දෑවරුන්ගෙ වැඩ
=======================
එක්තරා බිරිඳක් මියයන්නට ආසන්නයේ ඇඳ මත ඉන්න ගමන් සැමියාගෙන් මෙහෙම ඇහුවා.
" මං මැරිලා කොච්චර කාලයක් ගියාට පස්සෙද ඔයා වෙනත් කෙනෙක්ව විවාහ කරගන්නේ ? "
" ඔයාව මිහිදන් කරපු තැන සම්පූර්ණයෙන්ම වියැලී යනතුරු මං වෙන කෙනෙක් ගැන හිතන්නෙ වත් නෑ " සැමියා කිව්වා.
කොහොම හරි බිරිඳ ටික දවසකින් මියගිහින් අවසන් කටයුතු කළාට පස්සේ සැමියා ඇයව මිහිදන් කරපු තැනට වරින් වර ගිහින් බැලුවලු. ඒ හැම දවසකම මිහිදන් කරපු තැන තෙත් සහිත ස්වභාවයක් තිබ්බා. ඉතිං ඔහු විවාහයක් කරගත්තෙත් නැහැ.
ඔහොම වසර 15 ක් ගෙවී ගියාට පස්සේ දවසක් සැමියා එතනට යද්දි මිය ගිය බිරිඳගේ සොහොයුරා ඇවිත් හිටියලු.
" ඔබ මොනාද මෙතන කරන්නේ ?" සැමියා ඇහුවා.
" මං මගේ සොහොයුරියගේ අවසන් ඉල්ලීම ඉටු කරන්න ගෙවුණු අවුරුදු 15 පුරාම මෙතනට හැමදාම උදේට එනවා " සොහොයුරා උත්තර දුන්නා.
" ඒ මොකක්ද අවසන් ඉල්ලීම?" සැමියා විමතියෙන් ඇහුවා.
" ඇය මගෙන් ඉල්ලුවා හැමදාම ඇයව මිහිදන් කරපු තැනට ඇවිත් එතන වියැලි බව නැති වෙන විදිහට හොඳට වතුර දාලා තෙමලා තියන්න කියලා "
ඒක අහපු සැමියා සිහිනැතුව වැටුනලු.....
උපුටාගත්තකි.
BUMP 

ඒකත් වෙන්න පුලුවන්....කව්ද දන්නෙ ආදරෙ වැඩිකමටද කියල...ආයිත් අමාරැවෙ වැටෙයි කියලද කියල
UP

ANIVA GURU JEEPIYAK