සුරූපීනියගේ හෙළිදරව්ව

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    සුරූපීනියගේ හෙළිදරව්ව

    ලොවක් කැළඹූ සුරූපීනියගේ හෙළිදරව්ව
    :nerd::nerd:

    හරියටම 1984 අගෝස්තු මාසේ 28 වැනිදා පුංචි දැරියක් අතුරුදහන් වෙනවා. ඇගේ නම එලිසබෙත්.

    එලිසබත්ගේ මවත් පියත් බොහෝම කම්පාවෙන් ඇගේ අතුරුදහන් වීම ගැන පොලීසියට දැනුම් දෙනවා. ඇගේ මව රෝස්මරි, පියාගේ නම ජෝසෆ්.

    අනතුරුව දින කිහිපයකින් ලිපියක් ලැබෙනවා. ඒ ලිපිය එලිසබෙත්ගෙන්. එහි සඳහන්ව තිබුණේ, තමා මේ නිවසේ ගෙවන ජිවිතය ගැන කළකිරීමෙන් පිටව යන බවයි. පොලීසිය මේ පිළිබඳව කළ ප්‍රශ්න කිරීම්වලදී ජෝසෆ් කියා තිබුණේ එලිසබෙත් විසින් එම ලිපියේ තමා සිටිනා තැනක් හෝ ඒ ගැන පැහැදිලි විස්තරයක් ලියා නොමැති බවයි.

    ඒත්... ඇත්තම කතාව තමයි, ඒ වෙනකොටත් එලිසබෙත් ඉන්න තැනට අඩි 20ක් ඉහළිනුයි පොලිස් නිලධාරින් සිටගෙන හිටියේ.

    මෙතනින් තමයි ඒ ඛේදජනක කතන්දරය පටන් ගන්නේ. අගෝස්තු මාස් 28 වැනිදා ඇය අතුරුදහන් වුණා කියලා බොහෝ දෙනෙක් දැන හිටියත් ඇත්තටම සිද්ධ වෙලා තිබුණේ වෙන දෙයක්.

    එදින ඇගේ පියා වන ජෝසෆ් විසින් ඇයව බිම් මහලට කැඳවාගෙන යනවා. ඒ අලුත නිමවූ දොර පියනක් ඉහළට රැගෙන යාමට උදව් කරන මෙන් ඉල්ලමින්. ඇය බිම්මහලට පිටත්ව ගිය පසූ ඇගේ මුහුණ මත තෙත තුවායක් තබා ඇයව සිහිසුන් කර තිබෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි, ඇගේම පියා විසිනුයි.

    එදින පටන් වසර ගණනාවක් යනතුරුම ඇය හිටියේ මේ බිම්මහලේ හිරවෙලා. වෙනත් පුංචි දරුවන් ළමා ලෝකයේ සුන්දරත්වය අත් විඳිනකොට ඇයට ඇගේ වටේට තිබුණේ කිළිටි බිත්ති හතරක් පමණයි. ඒ අතරතුර ඇගේ පියා විසින් බිරිඳටත් මවටත් බොරු කියා ඇති බව එලිසබෙත්ට තේරුණත් ඇයට කළ හැකි දෙයක් තිබුණේ නැහැ.

    කාලයත් සමඟ පුංචි එලිසබෙත්ව හැමෝටම අමතක වුණා. ඇය ගැන සිදු කළ පරීක්ෂණ පවා අතරමඟ නැවතුණේ කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූ නිසයි. සමහරවිට ඇගේ ලිපියේ තිබුණා වගේ ඇය නිවස ගැන කළකිරීමෙන් පිටව ගොස් මොන යම් හෝ තැනෙක සුවෙන්, සනීපෙන් ඇති කියලා ඇගේ මව වුණත් හිතන්න ඇති.

    ජෝශෆ් හැමදාම බිම් මහලට ගියේ වැඩ කටයුතුවල යෙදීමට බවයි බිරිඳට කියා තිබුණේ. සැමියා වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරීම ගැන බිරිඳ සතුටු වුණා මිසක් දශමයකින්වත් ඔහු මේ යන්නේ තමන්ගේම දියණිය අපයෝජනය කරන්න බව ඒ මව දැනගෙන හිටියේ නැහැ.

    ඇතැම් විට දිනපතා මේ දේ ඒ විදිහට සිද්ධ වුණා. රාත්‍රීය පවා බිම් මහලේ ගත කරපු ජෝශෆ් ඒ සෑම තප්පරයකම තමන්ගේම ලෙයින් උපන් දියණියව වරින් වර දූෂණය කළා.

    එසේ අපයෝජනය කළ දියණිය වසර 2කට පසුව ගැබිණියක් වනවා. තවත් අවුරුදු 4ක් ගෙවෙන තැන ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් වෙන්නේ කාටත් රහසින්. ඇත්තටම ඒ වෙද්දි ඒ රහස ඇයත් ඇයට මේ දරුවන් දුන්නු පියාත් ඇරෙන්න වෙන කවුරුත්ම දැනගෙන හිටියේ නැහැ.

    පියාට දාව මෙසේ උපන් දරුවන්ට ආහාර ගෙන ගියේද ජෝශෆ් විසිනුයි. ඒ දේ ඔහු කළේ කාටත් හොර රහසිනුයි. එලිසබෙත් ඇයට අවුරුදු 24ක් වන විට පියාට දාව දරුවන් පස් දෙනෙකු බිහි කර තිබුණා. ඉන් එක් දරුවෙක් උපන් විගස මිය ගොස් තිබුණා.

    මෙහිදී සිදු වූ තවත් පුදුමසහගත දෙයක් වුණේ, ජෝශෆ් තමන්ගේම දියණියගෙන් උපන් දරුවන් තිදෙනක් හදා වඩා ගැනීමට ඉහළ මහළයට ගෙන ගොස් තිබීම. ඔහු බිරිඳට කිව්වේ, මේ දරුවන් කවුරුන් හෝ විසින් නිවස ඉදිරිපිට දමා ගොස් ඇති බවයි. ඒ ගැන නොසිතූ බිරිඳ දෙවරක් නොහිතා එම දරුවන් හදා වඩා ගන්න තීරණය කරන්නේ ඒ තමන්ගේම දියණිය බිහි කළ දරුවන් කියාවත් නොදැනයි.

    ඒත් ජෝසෆ්ට මේ සෙල්ලම වැඩි කාලයක් කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. 2008 වර්ෂයේදී එලිසබෙත්ගේ එක දරුවෙක් අසනීප වෙනවා. හදිසියේ අසනීප වුණු දරුවාව රෝහල්ගත කරන්න කියලා එලිසබෙත් තමන්ගේ පියාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම අහක දාන්න බැරි තැන ජෝසෆ් තමන්ට දාව දියණියගෙන් උපන් අසනීප දැරියවත් අරගෙන රෝහලට යනවා.

    රෝහලේදී දරුවන්ගේ දෙමව්පියන් ගැන ජෝසෆ්ගෙන් විමසීමක් කළත් ජෝසෆ් ඒ ගැන වසං කරනවා. මේ ගැන රෝහල් බලධාරින්ට සැක පහළ වුණා වගේම ඊළඟ මොහොතේ පොලිස් නිලධාරිනුත් ඒ ස්ථානයට පැමිණියා. හැම අතින්ම අසරණ වුණු ජෝසෆ්ට සියල්ලම හෙළි කරන්න සිද්ධ වුණා.

    2008 අප්‍රේල් මාසයේදී වසර 24කට පසුව එලිසබෙත් බිම් මහළින් එළියට එනවා. ඒ මොහොතෙම ඇයව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන්නත් බලධාරින් පියවර ගත්තා. ඉන් අනතුරුව එලිසබෙත් විසින් පොලීසියට තමන්ට සිදු වූ දේ ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

    අත්අඩංගුවට ගත් තම පියා වසර ගණනාවක් තිස්සේ තමන්ට කළ හිරිහැර ඇය පවසද්දි ඇගේ මවටත් මෙය විශ්වාස කිරීමට පවා අපහසු වුණා.

    තමා සමඟ කාමුක චිත්‍රපට නරඹමින් පියා තමන්ව දිනපතා අපයෝජනයට ලක් කළ හැටි එලිසබෙත් පොලීසියට කියා තිබුණා.

    මෙය ලොව පුරා මහත් කතාබහට ලක් වූ ප්‍රවෘත්තියක් බවට පත් වන්නේ එහෙමයි.

    කෙසේ වෙතත් එලිසබෙත්, අද වන විට වෙනත් අනන්‍යතාවයකින් “එක්ස්“ නමින් හඳුන්වන ඔස්ට්‍රියානු ගම්මානයක ජිවත් වනවා. ඇගේ අනන්‍යාවයක් හෝ වත්මන් ජායාරූපයක් පවා පොලීසිය විසින් මාධ්‍ය සඳහා ලබා දී නැහැ. අදටත් මාධ්‍ය විසින් භාවිතා කරනු ලබන්නේ ඇගේ ඉපැරණි ජායාරූප කිහිපයක් පමණයි. (එම ජායාරූප පහතින් ඔබට නැරඹිය හැකියි.)

    එපමණක් නොවෙයි, ඇය සිටින තැන්හි CCTV ආරක්ෂක කැමරා පද්ධති පවා සවි කරමින් ඇයට ඉහළ ආරක්ෂාවක් සලසා ඇති බවද සඳහන්.​

    පහත ජායාරූපවල සිටින්නේ එලිසබෙත්. මේ ඇයගේ ඉපැරණිම ජායාරූප වන අතර මේ ඇරුණුකොට ඇගේ ජායාරූප කිසිවක් මාධ්‍ය වෙත ලබා දී නැහැ.​

    http://gossip.hirufm.lk/data/gossip...9Feb/13/aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.jpg
    aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.jpg

    aaaaaaaaaaaaaaaaaaaaaww.jpg

    එලිසබත්ගේ දෙමව්පියන්..

    2222222222222222222222333.jpg

    එලිසබෙත් අතුරුදහන් වීමෙන් අනතුරුව දින කිහිපයකට පසු ඇය එවූ බව කියන ලිපිය. (ඇගේ පියා පොලීසියට පවසා තිබුණේ ඇය එහි සිටින ස්ථානයක් ගැන සඳහනක් කර නොමැති බවයි.)​

    444444444444434343434343434343434.jpg

    එලිසබෙත්ව සිරගත කොට තිබූ බිම්මහලේ ජායාරූප

    ggggggggggggggggggggggggggggg.jpg

    බිම්මහලේ සැලසුම...

    ffffffffffffffffr.jpg

    ඔවුන්ගේ නිවසේ ඉදිරිපස ජායාරූපයක්..

    ජෝසෆ් (එලිසබත්ගේ පියා) අත්අඩංගුවට පත් වූ මොහොත.. ඔහු මෙසේ අත්අඩංගුවට පත් වන්නේ තමන්ගෙන් දියණියට දාව උපන් දරුවෙකු ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් සිටියදීයි.​

    jjjjjjjjjjjjjjjjjhhhh.jpg


    jjjjjjjjjjjjjjjjjjjjjuuu.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බලහං ඒ පොලීසි වල තියෙන මානුෂීය ගති..:love:
    කිසිම ෆොටෝ එකක් රිලීස් කරලා නෑ.. අනික අනන්‍යතාව වෙනස් කරගන්නත් සෑහෙන උදව් කරන්න ඇති..:love:
    අපේ රටේ වගේ උනානම් ආයේ ආයේ ප්‍රයෝජන ගන්න බලයි අපේ අය..:baffled:
     
    • Like
    Reactions: wqe123

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    බලහං ඒ පොලීසි වල තියෙන මානුෂීය ගති..:love:
    කිසිම ෆොටෝ එකක් රිලීස් කරලා නෑ.. අනික අනන්‍යතාව වෙනස් කරගන්නත් සෑහෙන උදව් කරන්න ඇති..:love:
    අපේ රටේ වගේ උනානම් ආයේ ආයේ ප්‍රයෝජන ගන්න බලයි අපේ අය..:baffled:

    :yes::yes:
     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    ඒ ගෑනි නිකමටවත් යට තට්ටුව බලන්නෙ නැද්ද කවදාවත්
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ඒ ගෑනි නිකමටවත් යට තට්ටුව බලන්නෙ නැද්ද කවදාවත්

    එකනේ බන් මිනිහව එච්චර විශ්වාස කරලා​
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ ගෑනි නිකමටවත් යට තට්ටුව බලන්නෙ නැද්ද කවදාවත්


    ඒකනේ අවුරුදු 24ක් වෙනකම්ම... අනික ළමයි 4ක් හදනකම්ම, උන් අඬන්නෙවත් නැද්ද අප්පා....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජෝශප් කාරයගෙ කුරුංගොයියා අල්ලන්න තිබ්බෙ ලාච්චුවට....