මෙන්න මැ.කො. අද (03/03) කල ප්‍රකාශය....

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
මෙන්න මැ.කො. අද (03/03) කල ප්‍රකාශය....

(ලංකා ඊ නිව්ස් -2010 පෙබ.03, ප.ව.5.50* ජනාධිපතිවරණයට පෙර ප‍්‍රචාරක කාල සීමාවේදී සිදුවූ දේවල් ගැන තමා සතුටු නොවන නමුත් ඡුන්දය දීම සහ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්වන්නේ යයිද, මැතිවරණ ප‍්‍රතිඵලය ගැන සැක පහළ කරමින් එකිනෙකා කරන විග‍්‍රහ සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන අතර ඡුන්ද විමසීමේදී වැරදි සිදුවී ඇතැයි ඔවුන්ට හැගෙන්නේ නම් මැතිවරණ ප‍්‍රතිඵලය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කළ හැකි යැයිද මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා අද (3* පෙරවරුවේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී කියා සිටියේය.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැවසෙන විවිධ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ සම්බන්ධයෙන් තමාගේ පාර්ශවයෙන් කරුණු පැහැදිලි කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡුාව කැඳවා තිබිණ.

මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට පැමිණියේ ජනාධිපතිවරණය ¥ෂිත බවටත් එහි ප‍්‍රතිඵලය පිළිනොගන්නා බවටත් පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු විපක්ෂයේ ¥ත පිරිසක් ඉදිරිපත් කළ කරුණු දැක්වීමට සවන් දීමෙන් අනතුරුවය.
වෛරී දේශපාලනයේ මුල් බිජුවට පැළ වූයේත් මැතිවරණ දේශපාලන සංස්කෘතියේ පිරිහීම ආරම්භ වූයේත් 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්පසුව බව කී මැතිවරණ කොසාරිස්වරයා එහි විපාක විඳින්නට සිදුව ඇත්තේ මැතිවරණ නිලධාරින්ට යැයිද 17 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයද කඩිමුඩියේ සම්මත කරගත් එකක් බැවින් ඉන් අපේක්‍ෂිත ප‍්‍රතිඵල ලැබී නැතැයි ද පැවසීය. 78 ව්‍යවස්ථාව ද 17 වන සංශෝධනය ද සද්භාවයෙන් ක‍්‍රියාත්මක නොකළ ඒවා බැවින් බෞද්ධයකු ලෙස තමාට කිව හැක්කේ අසත්භාවයෙන් කරන වැඩ අසත්භාවයෙන්ම අවසන් වන බව පමණකැයි ද අවධාරණය කළේය. මෙම රාමුව තුළ ඉදිරි මහ මැතිවරණයේදී ද ජනාධිපතිවරණයේදී දුටු අඩු පාඩු එලෙසින්ම පිළිබිඹු වනු ඇතැයි ද මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් තමාට ඒවා වැළැක්වීමේ හැකියාවක් නැතැයි ද කීය.
මැතිවරණ කොමසාරිස්වරයා මෙසේද කීය.

ඡුන්ද දිනයට පෙර කාලයේදී ප‍්‍රාදේශීය නායකයන්ගේ බල පුළුවන්කාරකම් මත බැනර්, කටවුට්, පෝස්ටර් දමමින් සියලූ දෙනාම නීතියේ සීමා ඉක්මවා කටයුතු කළහ. පසුව මෙම තත්ත්වය බොහෝ දුරට පාලනය විය. විරෝධතා රැුලි පැවැත්වීම නීති විරෝධී වුවද එය ද සිදු විණි.

මැතිවරණ දිනයේදී කිසිම ඡුන්ද පොළක ඡුන්දය ශූන්‍ය කිරීමට තරම් බරපතල සිදුවීමක් නොවීය. ඡුන්ද පෙට්ටි සමඟ ඡුන්ද පොළ නියෝජිතයෝ ද පැමිණියහ. ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළුවීමට ඉඩ නොදුන් බවට පැමිණිලි ලැබී ඇතත් එසේ තමන්ට යන්නට නොදුන් බව කී අයම ගණන් කිරීමේ ලේඛනවලට අත්සන් තබා ඇත.

ඡුන්ද පෙට්ටි විවෘත කිරීමට පෙර ඒවා ඡුන්ද පත‍්‍රිකා පාවිච්චි කිරීමේ ගිණුම් සමඟ සසඳා බැලූණි. ඡුන්ද පත‍්‍රිකා වර්ග කිරිම සහ මිටි බැඳීම නිසි පටිපාටියට අනුව සිදු කෙරුණි. ප‍්‍රතිඵල ලේඛනය කාබනික කළ කොළ 6 ක පිටපත් සහිතව සකස් කෙරුණේ කිසිම ¥ෂණයකට ඉඩ නොතබනු පිණිසය. එහි පළමු පිටපත ගණන් කිරීමේ මධ්‍යස්ථානයටත්, දෙවැනි තෙවැනි හා සිව්වන පිටපත් අදාල මැතිවරණ කොට්ඨාශයේ පළමු, දෙවන හා තෙවන ස්ථානවලට පත් අපේක්‍ෂකයන්ගේ නියෝජිතයන්ටත් ලැබුණි. පස්වන පිටපත අදාල ගණන් කිරීමේ ශාලාවේ ප‍්‍රදර්ශනය කළ අතර අවසන් පිටපත ශාලාධිපතිගේ ජර්නල් සමඟ අදාල ලිපි ගොනුවේ ගොනු කෙරුණේය. මෙම කි‍්‍රයාවලිය අලූතෙන් හඳුන්වා දුන්නක් වන අතර ඒ නිසා මැතිවරණ කොට්ඨාශවල ප‍්‍රතිඵලය නිල ප‍්‍රතිඵලය නිකුත් වීමට පෙර කල් තබා දැන ගත හැකි විය.

මෙලෙස ඡුන්ද පොළ ප‍්‍රතිඵල නොනිල ලෙස ප‍්‍රචාරය වෙමින් පැවති 27 වන දින මධ්‍යම රාත‍්‍රිය පසු වන විට පෙර නොවූ විරූ ලෙස කට කතාද පැතිරෙන්නට ගත්තේය. මැතිවරණ කොමසාරිස් නිවාස අඩස්සියේ, ඔහුගේ දරුවන් අත්අඩංගුවේ, මැතිවරණ කොමසාරිස්ට තුවක්කු එල්ල කර බලපෑම් කරනවා වැනි විවිධ කටකතා එසේ පැතිර ගියේය. මේ සියල්ල අසත්‍යය.

ගණන් කිරීමේ ශාලාවල ප‍්‍රතිඵල ලේඛනවල සංඛ්‍යා එකතු කිරීම අතින් සිදුවූ අතර ඉන් ආසනයේ ප‍්‍රතිඵලය ලැබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්‍ෂණ අංශය පරිගණක ගත කළේ මෙම ප‍්‍රතිඵලයි. එය ඉතාමත්ම විශ්වසනීය ආකාරයෙන් සිදුවිය. ප‍්‍රකාශයට පත් කළ සෑම ප‍්‍රතිඵලයකටම මැතිවරණ කොමසාරිස්වරයා අත්සන් තැබීය. එබැවින් මැතිවරණ ප‍්‍රතිඵල ගැන එකිනෙකා කරන විග‍්‍රහ සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂේප කරමි.

මා අවසන් ප‍්‍රතිඵලය නිවේදනය කිරීමේදී කළ කතාවට ද විවිධ අර්ථකථන දී තිබේ. 28 වන දින මා රිය අනතුරකට ලක්වී ඇපලෝ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවට පැතිරී තිබුණු කට කතාව මට අසුබ පෙර නිමිති පෙන්නුම් කළේය. මේ අනුව පැය 37 ක් නොකඩවා එක දිගට වැඩ කළ මට ආතතියක් ඇති වීම මවිතයට කරුණක් නොවේ.
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Maco nomari marenawa me chanda nisa. dan aith chandayak enawa ne. Maco tath thiyenne wenasakatath ekka chande illanna :)