මෙන්න මිනිස්සු.. පුට් සයිකලෙන් එක්ස්ප්‍ර&#3523

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙන්න මිනිස්සු.. පුට් සයිකලෙන් එක්ස්ප්‍ර&#3523

    කටුනායක අධිවේගයේ පාපැදියෙන් යයි

    කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක සිට සීදුව දක්වා පාපැදිකරුවෙකු ගමන් කර තිබේ.

    මෙම පුද්ගලයා කටුනායක පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවී සීදුව මුදල් අයකරන ස්ථානය දක්වා ගමන් කර ඇති අතර එහිදී ඔහු අත් අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා අද මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පුද්ගලික ඇප මත මුදා හැර ඇති අතර ලබන 21 වනදා ඔහුට නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

    මෙම පාපැදිකරු අධිවෙගිමාර්ගයට ඇතුළුවූ ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රාජකාරියේ යෙදී සිට ඇති අතර මෙම පුද්ගලයාට අධිවේගී මාර්ගයට ඇතුළු වීමටඉඩ දීමේ නිසා රාජකාරිය පැහැරහැරිම හේතුවෙන් එම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත් හිටුවා තිබේ.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලබන්නේ යතුරුපැදි, ත්‍රිරෝද රථ, ට්‍රැක්ටර්, වැනි ඉඩම් වාහන පාපැදි හා කරත්ත අධිවේගී මාර්ගයට ඇතුළු කිරීම සපුරා තහනම් බවත් එවැනි පුද්ගලයින්ට නඩු පවරන බවත්ය.

    44493_cyclist.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,530
    113
    පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත් හිටුවා තිබේ.:(
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අපිට කොහහෙන්ද කාර් මහත්තයෝ ඒත් අපිත් හයිවේ එකේ යන්න ආසයිනේ තියෙන්නේ බයිසිකලේ විතරයි එකෙන් ගියා හයිවේ. :oo::rofl: