මෙන්න මිනිස්සු..

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
මෙන්න මිනිස්සු..

ඉංජිනේරුවරුන්ට බැරි අමුණක්‌ හැදූ තුවාරගල ගමේ පෙදරේරු විඡේසිංහ
bass.jpg

අපට ඉන්නේ පාරට්‌ටු කරන්නට පුළුවන් මිනිස්‌සුය. ඒත් ඒ මිනිස්‌සුන්ගේ පාරට්‌ටු අපට පේන්නේ කලාතුරකිනි. කලාතුරකින් හමුවන එවැනි මිනිස්‌සු පිරිසක්‌ පසුගියදා අපට හමුවුණේය. ඒ මහවැලි සී කලාපයේ තුවාරගල ගම්මානයේදීය. තුවාරගල ගම්මානයේ මිනිස්‌සු මහවැලි කලාපයේ සිටියත් ගොයමට වතුර නැතිව දුක්‌ වින්දහ. වගා පාලු වූ විට එදා වේල පිරිමහ ගත නොහැකිව පීඩාවට පත්වූහ.

ඒත් තුවාරගල මිනිස්‌සු හැඬුqවේ නැත. තැන් තැන් වල අඳෝනා කීවේත් නැත. ආණ්‌ඩුවේ මහත්තුරු හෝ මහවැලියේ මහත්තුරු වතුර දෙනතුරු උපවාස කළෙත් නැත. තුවාරගල මිනිස්‌සු අපතේ යන මහවැලි වතුර කුඹුරුවලට හරවා ගන්නට අමුණක්‌ තැනූහ.

ඒ හුංගමාල ඔය හරස්‌ කිරීමෙනි. හුංගමාල ඔයෙන් ගලාගෙන යන ජලය අමුණකින් හරස්‌කොට කිලෝමීටර දෙකක්‌ දිග ඇළ මාර්ගයක්‌ ඔස්‌සේ කුඹුරු යායට රැගෙන ඒමට කටයුතු කළහ.

වැඩේට මහවැලියේ ඉංජිනේරු මහත්වරු කැමැති වූයේ නැත. ඒ මහත්තුරු කීවේ මේ වැඩේ කරන්නට බැරි කෙමනක්‌ කියාය. ඒත් සොරොව්ව තනා ඇළ සකස්‌ කිරීමේ කටයුත්ත ගමේ ඉන්නා පෙදරේරුවෙක්‌ භාර ගත්තේය. සහජ ඉංජිනේරු ඥනයක්‌ සහිත ඒ. එම්. විඡේසිංහ නම් වූ මේ පෙදරේරු තැනගේ මෙහෙයවීමෙන් ඉංජිනේරු කාර්යය ආරම්භ විය. ඒ 2009 අවුරුද්දේය.

ඉලක්‌කය වූයේ මෙතෙක්‌ හරිහැටි අස්‌නොවැද්දූ හෙක්‌ටයාර 152 ක්‌ අස්‌වැද්දීමය. වී කිලෝ ලක්‍ෂ හතක්‌ කන්නයකදී නිෂ්පාදනය කිරීමය.

මේ අසිරිමත් කටයුත්ත දකින්නට පසුගියදා අපි තුවාරගල ගම්මානයට ගියෙමු. මේ තුවාරගල ගමේ මිනිස්‌සු තමුන්ගේ අපූරු කටයුත්ත ගැන අපට කී කතාවය.

කුඹුරු හෙක්‌ටයාර් 152 කට වතුර ගැනීමට හුංගමාල ඔය හරස්‌ කර ඉංජිනේරු තාක්‌ෂණය ලබාදුන් ගමේ ඉංජිනේරුවා ඒ. එම්. විඡේසිංහය. තුවාරගල අංක 58 පදිංචි පෙදරේරුවෙක්‌ වන ඔහු අපට මෙවැනි කතාවක්‌ කීවේය.

bass1.jpg
මම වෘත්තියෙන් මේසන් වැඩ කරන්නෙක්‌. ගමේ හැම දෙනාම එක්‌ක මම හොඳින් ඉන්නවා. අපේ ගමේ කුඹුරු අස්‌වද්දන්න වතුර ලැබෙන්නේ බොහොම අඩුවෙන්. මේ ගැන අපි ජල පාලකට, මහවනාවෙල කොට්‌ඨාස කාර්යාලයට දෙහිඅත්තකණ්‌ඩිය මහවැලි අධිකාරියට පැමිණිලි කළත් කවදාවත් විසඳුම් ලැබුණේ නෑ, ඒ හින්දා 2009 අවුරුද්දෙ ගොවීන් සියලු දෙනාම එකතුවෙලා සාකච්ඡා කළා. හුංගමාල ඔයෙන් මුවගම්මන ඔයෙන් එන වතුර විශාල ලෙස මහවැලි ගඟට යනවා. මහවැලි ගඟට අපතේ යන වතුර වලින් කුඹුරු සංවර්ධනය කර ආර්ථික තත්ත්වය උසස්‌ කිරීමට ගමේ අය මාව විශ්වාස කරලා කි. මී. 2 ක්‌ දුරට ඇළ හදන්න මට භාරදුන්නා.

මට ඉංජිනේරු උපාධියක්‌ නැහැ. ඒත් මේ ජලය ලබාගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමයක්‌ ගැන මට හොඳට වැටහිලා තිබුණා. අපි මේ කුණු ඇළ හරස්‌ කරලා වතුර ගැනීමේ සාර්ථකකම හිටපු මහවැලි ඉංජිනේරුවරියකට කිව්වා. එයා මේ කතාව පිළිගත්තේ නැහැ. ඒ නිලධාරිණිය සිටින කාලේ තමයි පළවෙනි වතාවට ගොවීන්ට ගොවිතැන් කරන්න මහවැලි සී කලාපයට වතුර ලැබුණේ නැත්තේ. එම නිලධාරිණිය මහවැලි නිලධාරින්ගේ හා ගොවීන්ගේ දැඩි අප්‍රසාදයට පත් වුණා. පසුව ඇය මෙහෙන් මාරුවෙලා යන්න ගියා. ඊට පස්‌සෙ අපි ඇළ කැපුවා. අපේ අත්වලින් මහා ගල් කැඩුවා. කියන්න ආඩම්බරයි මහත්තයා......... අද වන විට කුඹුරු වැඩ කිරීමට වතුර ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. මේක ලේසි වැඩක්‌ නෙමෙයි. කාගෙන්වත් මගපෙන්වීමක්‌ නැතිව අපේ හයියට කිලෝ මීටර් 2 ක්‌ දුරට ඇළක්‌ හදනවා කියන්නේ මහ ලොකු වැඩක්‌. තව මේ ඇළ හදන්න තියෙනවා. ඒකට ශක්‌තිය හා මුදල් අපි ළඟ තිබුණෙ නෑ. ඒ මුදල දෙන්න දිගාමඩුලු දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සරත් වීරසේකර මහත්තයා දැන් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔහු ලක්‍ෂ 40 ක්‌ දුන්නා. වාරි ඇළ හැදීමට තාක්‌ෂණ ඥනය අපි ළඟÊනෑ, අපි ගාව තියෙන දැනුම උපයෝගී කරගෙනයි මේ ඇළ හදන්නෙ. අපි ළඟ ශක්‌තිය තියෙනවා. අපට ඒ දැනුමයි මගපෙන්වීමයි දෙන්න. තුවාරගල ගමේ ආඩම්බරකාර ඉංජිනේරුවා වන පෙදරේරු විඡේසිංහ කියන්නේය.

තුවාරගල ආර්. සුසන්ත චමිල් කුමාර කියන්නේ මෙවැනි කතාවකි.

1996 අවුරුද්දෙ ගොවියෝ 152 ක්‌ ඩී 6 ශක්‌ති බෙදුම් ඇළ ගොවි සංවිධානයට සිටියා. බෙදුම් ඇළ පිහිටලා තියෙන්නේ හුංගමාල ඔය ආසන්නයේ. ඇළ දිගට පිහිටීම නිසා මෙම කුඹුරුවලට හරවන ජලය ඉතාමත් ඉක්‌මණින් හුංගමාල ඔයට ගලාගෙන යනවා. එම තත්ත්වය නිසා කුඹුරු වලට විශාල ලෙස ජලය හිඟයක්‌ ඇතිවෙනවා. එයට පිළියමක්‌ විදියට 1996 මහැවැලි වාරි ඉංජිනේරුවරයෙක්‌ පළමු වතාවට ඇළේ මැනුම් කටයුතු කළා. කෙත් ඇළට වඩා අඩි 10 ක්‌ හුංගමාල ඔය පහත් නිසා මෙම කටයුත්ත වන බව ඔහු කීවා. පසුව අපේ ඉල්ලීම නොසලකා හැරියා.

bass22.jpg
ඒත් අපේ උත්සාහය අත්හැරියේ නෑ. ආයෙත් 2009 කුඹුරුවලට විශාල ජල හිඟයක්‌ ආවා. අපි ආර්ථික අතින් බින්දුවට වැටුණා. අපේ ගමේ ගොවියෝ ඒ. එම්. විඡේසිංහ අයිය ගැන විශ්වාසය තිබ්බා. එයා මේසන් බාස්‌ කෙනෙක්‌. විඡේසිංහ අයියා ආයෙත් මැන්නා. මැනලා කිව්වා වතුර ගන්න පුළුවන් කියලා. එතැන් සිට අපි වැඩ කළා. බාධක මැදින් වැඩ කළා. අපි ඇළ හැදුවා. මේ ගැන ජනාධිපතිතුමාටත් දැන්නුවා. ඊටපස්‌සේ මහවැලි අමාත්‍යාංශයේ ඉංජිනේරුවරු මෙම ප්‍රදේශයට ඇවිත් වාරි ඇළ මැනුම් කටයුතු කළා. පසුව අවශ්‍ය වාර්තාව ලබා දුන්නා. ඊටපස්‌සෙ මහවැලි නිලධාරීන්ගේ විරෝධය නැති වුණා. කලින්ම මේ විදියට වඩ කළා නම් අපි මේ තරම් අපහසුවට පත්වෙන්නෙ නෑ.

තුවාරගල ඩී 7 ගොවි සංවිධානයේ සාමාජික ඒ. ඩී. ගුණසේනටත් මේ කටයුත්ත ගැන කීමට කතාවක්‌ තිබේ. අපි ඔහුටත් ඇහුම්කම් දුන්නෙමු.

අපට අයත් නොවන ගොවි සංවිධානයක මේ සාර්ථක වාරි ඇළ හැදීම පිළිබඳව තොරතුරු අපේ ගොවි සංවිධානයට ආරංචි වුණා මේ වාරි ඇළ හදන්න අපේ ගොවි සංවිධානයේ සභාපතිතුමා, ලේකම්තුමා සාමාජිකයෝ ඔක්‌කොම එකතුවෙලා රුපියල් ලක්‍ෂයක්‌ ගොවි සංවිධානය මගින් දෙන්න තීරණය කළා. ඒත් එවකට සිටි මහවැලි නිලධාරීන් මේ අසාර්ථක වැඩක්‌ කියලා එම මුදල් ලබා දුන්නේ නෑ. නමුත් අද වන විට මහවැලි නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ලැබී තිබෙනවා. නව නේවාසික කළමනාකරු ලලිත් කුමාර මහතා ඇතුළු නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඇළේ වැඩෙත් යස අපුරුවට වෙනවා.

තුවාරගල ගොවි සංවිධානයේ භාණ්‌ඩාගාරික කසුන් ලලන්ත කුමාර - ඉන් පසු කතා කළේය. මේ වැඩේ කිරීමට අපේ ගොවියන් තුළ පුදුම එකමුතුකමක්‌ තිබුණා. එම නිසා 2009 අවුරුද්දේ එක ගොවියකුගෙන් රුපියල් 1000/} බැගින් එකතු කළා. ඊට පසු එක කන්නයක රුපියල් 2000 බැගින් එකතු කරලා නඩත්තු මුදලක්‌ ඇතිකරගැනීමෙන් පසු වාරිඇළ හැදීමට සියලුම දෙනා එකමුතුව කටයුතු කළා. මේ වන විට මේ වාරි ඇළ හැදීම සඳහා රුපියල් කෝටි 21/2 ක මුදලක්‌ වැයවී තිබෙනවා. ඒ මුදලට ශ්‍රමයේ වටිනාකමයි ලබා දුන් ආධාරයි ඇතුළත්.

ඉතිරි කොටස කර ගැනීමට අපිට රජයේ මැදිහත් වීමක්‌ අවශ්‍යයි. මැදිහත් වනවානම් වැඩ මේවාය. ආණ්‌ඩුව මෙවැනි මිනිස්‌සුන්ව කරපිටින් ඔසවාගෙන ගොස්‌ ලෝකයට පෙන්විය යුතුය. සංවර්ධන කළ යුත්තේ මෙවන් මිනිස්‌සුය. මෙවැනි මිනිස්‌සුන්ගේ ආත්ම ශක්‌තියය.
http://www.divaina.com/2013/08/18/feature10.html