ඇස, කන, නාසය , දිව සහ ශරීරය බාලයන් නොවේද? ඔව්ද? නැද්ද?
නැත.ඇස, කන, නාසය , දිව සහ ශරීරය බාලයන් කියලා ඔය සහෝදරයට කිව්වෙ කවුද..?
මේකට අභියෝග කරන්න පුළුවන්ද?
ඔව්.පැහැදිලිවම පුලුවන්..
කාටවත්ම කියන්න බැහැ පංචේන්දියන් බාලයන් නොවේ කියා. මන්ද බෞද්ධ ඕනේම කෙනක් දන්නවා පංචේන්ද්‍රිය සසර දික් කරන බාලයා බව
පංචෙන්ද්‍රියන් සසර දික් කරනවා කියලා ගෞතම බුදුන් වහන්සේ නම් දේශනා කරලා නැහැ.ඒත් අර දකුණේ කේතුමතී රාජධානියේ පහල වුනු කවුරු හරි එහෙම කියලා තියෙනවද නම් මම දන්නේ නෑ
සහෝදරයා ,පංචස්කන්ධය හෙවත් ඇස, කන, නාසය , දිව සහ ශරීරය බාලයන් කියලා කොහේවත් දේශනා කරලා නෑ.ඔය කියන පංචස්කන්ධය හෙවත් ඇස, කන, නාසය , දිව සහ ශරීරය රහත් නොවුනු සිදුහත් කුමාරයටත් තිබුනා සම්මා සම්බුද්ධත්වයට පත් වුනු ගෞතම බුදුන් වහන්සේටත් තිබුනා.මොකද බුදු වුනා කියලා පංචස්කන්ධය නැති වෙන්නේ නෑ නේද .එහෙනම් කොතනද වැරැද්ද ...වැරැද්ද තියෙන්නේ ,පෘතග්ජන සිත හා අර්හත් සිත මෙ පංචස්කන්ධය පාවිච්චි කරන විදියෙයි.සරළවම කිව්වොත් පෘතග්ජන සිත පංචස්කන්ධයට එන මෙ අරමුණු තදින් ග්රහනය කරගෙන ඒ ඔස්සේ ගමන් කරනවා.නමුත් අර්හත් සිත මෙ අරමුණු තදින් උපාදානය කර ගන්නේ.නෑ ඉතිං වැරැද්ද තියෙන්නේ පංචස්කන්ධයෙද එහෙම නැත්නම් අරමුණු උපාදානය කරගන්නා නොදැමුණු සිතේද...බුදු හාමුදුරුවොත් සෞන්දර්ය රස වින්දා පංචස්කන්ධයෙන්. ඔබතුමා ඒ ගැන පොඩ්ඩක් බෞද්ධ සාහිත්‍යයේ ඒ ගැන හොයලා බලන්න. පංචසිකගේ වීණා වාදනය රස වින්ද හැටි ලස්සනට තියෙනවා නමුත් ඒක දැඩිව උපාදානය කලේ නෑ එතකොට බුදුන් වහන්සේත් බාලයෙකු වෙනවා ඔයාගේ මතයට අනුව..ඔන තරම් උදාහරණ තියෙනවා ඒ ගැන..
අරහත් සිත නියම පණ්ඩිතයා නොවේද? කලිකාල සාහිත්‍ය සර්වඥ්ඥ පණ්ඩිත වුවත් අරහත් සිතට යටයි.
අනිවාර්යෙන්ම අරහත් සිත නියම පණ්ඩිතයායි.සියලුම ලෞකික පට්ටම් ඊට යටයි.ඒ ගැන තර්ක නැත .මෙම Thread 1 තුල කිසිවෙකුත් එසේ නැතැයි කියාද නැත..
මෙන්න මේක තේරුම් කරන්නයි මම හදන්නෙ. මේක බොරුද නැද්ද?
.....
ඔබ කියන අන්දමට පංචේන්ද්‍රියම බාලයා නොවේ, අරහත් සිත් පණ්ඩිතයන් නොවේ.
අර්හත් සිත බාලයෙකැයි කියා ඇත්තේ කවුද කොතැනතද ..මා " බාලයෙකු " යැයි කීවෙ ඔබට පමණි ..එසේ නම් ඔබට ඇත්තේ අර්හත් සිතක්ද..එය සමහර විට "අර්හත්" යන පදය ඔබගේ ශාස්තෘවරයණෙන් විසින් ලබා දුන් පට්ටමක් විය හැකිය..
මේක පොඩි එකාටත් තේරෙනවා, අලි නාම්බන්ට තේරෙන්නේ නැත්තෙ උන්ගේ මානය, මෝහය නිසයි. ඒවට බෙහෙත් නැහැ මගේ ලඟ.
මම කියන්න ඔනේ එක ඔයානේ කියලා තියෙන්නේ.. බුදු දහමෙ නම් බෙහෙත් තියෙනවා ඒක තමයි " අසේවනාච බාලානං ".ඔය සහෝදරයත් බාලයො ඇසුරු කරන එක නවත්තන්න..
මම මගේ ගැන කියන්න කැමති නැහැ. මොකද ඒක අනුන්ට කියල ඇති ඵලයකුත් නැහැ. මටත් වැඩකුත් නැහැ. මොකද දැනටමත් මට වැඩක් ඇති දෙයක් කරගෙන හමාරයි. මේ කිවුවුව දේවල් මොන මොන විදියකින් ඔයා තේරුම් ගත්තට මට කමක් නැහැ. ඔයා එහෙම තේරුම් ගන්න උත්සහ කරනවනම් මගේ ගැන එක එක විදියට සංඛාර කරල ඔයාගේ වටිනා කාලය කා දැමීමක් වගේම චිත්ත සංඛාරයන් පවටත් පෙරෙලෙනවා.
චිත්ත සංඛාරයන් පවට පෙරෙළෙන එකම ගැඹුරු දහමක්. ඔයාට කිවුවා කියල තේරෙන්නෙත් නැහැ.
ඇත්තම කිව්වොත් තේරෙන්නේ නෑ. තේරෙනවා නම් මම ගිහියෙක් නෙවෙයි .රහතන් වහන්සේ කෙනෙක් .අඩුම ගානේ මාර්ග ඵල ලාභියෙක්.නමුත් මම ඒක ගැන දන්නවා .
ලංකාවෙ ඉන්නවා චතුරාර්ය සත්‍ය වගේ ගැඔූරු දහම් දේශනා කරන දක්ෂ ස්වාමීන් වහන්සේලා .ඒ අය සියලු කෙලෙසේ ප්‍රහීරණය කරපු රහතන් වහන්සේලා නෙවෙයි .උන් වහන්සේලා මෙ ගැන හොඳට දන්නවා .ඒත් තේරෙන්නේ නෑ.අන්න ඒකයි වෙනස... දන්නවා ,ඒත් තේරෙන්නේ නෑ....නැත්තම් අපි හැමෝම රහත් වෙන්න ඔනේ නේද.. එහෙම වෙන්නේ නෑත්තේ අපිට ඒවා නුවණීන් අවබෝධ කරගන්න බැරි හන්දා..