මෙන්න මේ පාර චන්ද පත්‍රිකාව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙන්න මේ පාර චන්ද පත්‍රිකාව

    150102130653_b_paperwww.jpg

    රජයේ මුද්‍රණාලයේ මුද්‍රිත බවට සැක කෙරෙන ඡන්ද පත්‍රිකා බෙදා හරිමින් බලන්ගොඩ ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සංධානයට අයත් දේශපාලනඥයෙකු ගෙන ගිය බව කියන මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළ බව රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම් ඒ පී සී පෙරේරා පවසයි.
    මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට ද තොරතුරු වාර්තා වූ බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.
    ‘අපි දන්නේ නෑ මේක ආණ්ඩුවේ මුද්‍රණාලයේ මුද්‍රිත එකක් ද කියලා. කොහොම එළියට ආවද කියන්න අපි දන්නේ නෑ. මේක ආකෘතියක්ද කියලා දන්නෙත් නෑ. ඒ කොහොම වුණත් මේක නොවිය යුත්තක්. මැතිවරණ නීති රීති වල මේ බව පැහැදිලිව තියනවා. මහජනතාවට ඡන්දයක් ගැන වගේම ඡන්දයක තියන රහස්‍ය බව ඉන් නැති වෙනවා. ඒක විශ්වාසවන්ත බවට කැළලක්’ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කීවේය.
    ඡන්ද පත්‍රිකාවක් හෝ එහි ආකෘතියක් භාවිතා කිරිම, ළඟ තබා ගැනීම පවා දඩුවම් ලැබිය හැකි වරදකි.
    රජයේ මුද්‍රණාලයේ මුද්‍රිත බවට සැක කරන මෙම ඡන්ද පත්‍රිකාවේ SHE 000200-P.E 2015 Government Press PV යනුවෙන් ද සඳහන්ව ඇත.
    ලබන 08දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ඉන් පෙන්නුම් කර ඇත.
    නිල ලිපි ශීර්ෂ
    ‘මේ ඡන්ද පත්‍රිකාව බෙදලා දීලා තියෙන රැස්විමට ආරාධනා කරලා තියෙන්නේ ප්‍රාදේශීය සභාවක නිල ලිපි ශීර්ෂ යොදා ගෙන සැකසූ ලිපියකින්. ඊට අත්සන් කරලා තියෙන්නේ එහි සභාපතිවරයා. ඒකත් නුසුදුසු ක්‍රියාවක්. මේ වගේ දේවල් වලින් මැතිවරණයක විශ්වාසවන්ත බව ජනතාවගෙන් ගිලිහිලා යනවා.’ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා තව දුරටත් සඳහන් කළේය.
    මෙම ඡන්ද පත්‍රිකාව පසුගිය තැපැල් ඡන්දයේදී පිටවූවක්ද, රජයේ මුද්‍රණාලයෙන් පිටවූවක්ද එසේත් නැත්නම් ව්‍යාජ ලෙස සැකසූ එකක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඉහත කී පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.​
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,322
    113
    Hora Chanda petti ready karalalu thiyenne.STF eke kenek kiwwe.para ballo.me parath jilmart danna wage hadanne.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    නෑ නෑ ඒ් වෙන කෙනෙකුගේ පුතෙක්ලු..
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඕක බොරු එකක් වෙන්න ඕන බන්.මොකද දැනටමත් සරත් මනමේන්ද්‍ර මරාට සහය දෙන්න ගියා නේ