මෙන්න රියැදුරකු නැතිව දුවන විස්මිත කාරය! &#346

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    මෙන්න රියැදුරකු නැතිව දුවන විස්මිත කාරය! &#346

    මෙන්න රියැදුරකු නැතිව දුවන විස්මිත කාරය! අනාගත මහමඟට දැන්ම පිවිසෙන්න!​

    පසුගියදා ඇමරිකාවේ ලස් වේගාස්හී පැවති ඉලෙක්ට්‍රොනික නව නිපැයුම් ප‍්‍රදර්ශනයේ දී අනාගත කාරය, ‘නව ඕඩි ඒ6’ (Audi A6) රියයි, මේ.

    ලස් වේගාස්හී ‘ඉන්ටර්ස්ටේට් 15’ සුපිරි මාවතේ වාහන තදබදය අතරින් මේ සුපිරි ස්වයංකී‍්‍රය රිය එහි ගමන් කළ බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදියා මවිතයට පත් කළා.

    බි‍්‍රතාන්‍යයේ ඬේලි මේල් පුවත්පතේ මාධ්‍යවේදී පීටර් ෂෙරිඩන් ඒ අත්දැකීම විස්තර කළේ මෙහෙමයි.



    4.JPG



    ”රියැදුරු අසුනේ හිටියත් මගේ අත් සුක්කානම මත නෙමෙයි තිබුණේ. කාරය පාලන කරන්න කිසිම දෙයක් මම කළේ නෑ. මම විතරක් නොවෙයි මා සමග එහි ගිය අනෙක් අයත් නිකම්ම වාඩි වෙලා බලන් හිටියා.

    ”මම තමයි, ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ජාතිකයා අත්හදා බැලීමේ ගමනක යෙදුණු, මේ අනාගත කාරයේ - ‘නව ඕඩි ඒ6’ රියේ. ඒක තමන්ම පදවා ගෙන ගියා වාහන තදබදය මැද හරිම පුදුම විදියට. ඒක ඇඟහිරි වැටෙන අත්දැකීමක්, මං මේ ඇත්තමයි කියන්නේ! මට බය හිතුනා අනිත් වාහන ඇවිත් හැපෙයි කියලා. ඒත් කිසිම ප‍්‍රශනයක් නැතිව මෝටර් රථය අපේ උදවු නැතුව තදබදය මැද තමන්ම පදවා ගෙන ගියා. හරිම පුදුමයි!” පීටර් ඒ අත්දැකීම විස්තර කළා.



    1.jpg

    පීටර් ෂෙරිඩන් ඕඩි රථයේ ස්වයංකී‍්‍රය රියැදුරු නියාමක පද්ධතිය කි‍්‍රයාත්මක කර රථගාලට රිය යන්නට සැලැස් වූ අයුරු.



    ”හිතා ගන්නවත් බැහැ. වාහන පේළියට වැටුණු අපේ වාහනයත් ඉදිරියෙන් ගිය වාහනවලට අනුව වේගය අඩුවැඩි කරමින් ඉදිරියට ගියා. ඉදිරියේ වාහනය වේගය අඩු කරන විට අපේ වාහනයත් වේගය බාල කළා. නවත්වන විට නැවැත්තුවා. අනිත් වාහන වේගය වැඩි කරන විට නැවත වේගය වැඩි කරගෙන ඉදිරියට ගියා.

    ”අපි තරගයක් පැවැත්තුවා කාටද වැඩිම වෙලාවක් ඇස් පියා ගෙන ඉන්න පුළුවන් මේ කාරය ඉබේ පැදවෙන අතරෙදි කියලා.” මා සමග ගිය අනික් මිතුරා බියෝන් ගීස්ලර් කීවා. ඔහු මේ ‘අනාගත ඕඞී රිය’ නිර්මාණය කළ පිරිසේ රොබොටික ඉංජිනේරුවෙක්. ”ඇස් පියා ගෙන ඉන්න පුළුවන් වුණු වැඩිම වෙලාව තත්පර 15ක් විතරයි. ඒක ඇත්තෙන්ම ඇඟ හිරි වැටෙන විස්මිත අත්දැකීමක්!” ඔහු කීවා.




    5.jpg




    6.jpg



    ”ඇස් පියා ගෙන ඉන්නෙ කොහොමද ? රියැදුරු අසුනේ සුක්කානම අල්ල ගෙන ඉන්නෙ නැතුව. මට නම් එක මොහොතක්වත් ඉන්න බැරි වුණා, අවට වාහන කොයි වේලේ හැපෙයිද කියන බය හින්දා. ඒත් අපි සැතැපුම් කීපයක් ම ගියා අනෙක් රියැදුරන්ට යම්තම්වත් දැනුනෙ නෑ අපේ රිය ඉබේ පැදවුනු එකක් කියලා. කිසිම වෙලාවක වාහනයක ගෑවෙන්නවත් ගියෙ නෑ.” පීටර් කියනවා.

    මේ තමයි, රියැදුරු නැතිව පැදවිය හැකි අලූත් ම රිය. ඔබට හිතට වදයක් නැතුව වාඩි වෙලා ඉන්න පුළුවන්, වාහනය තමන්ම පදවගෙන යද්දි. මෝටර් රථ නිෂ්පාදකයන්ගේ අලූත් ම බලාපොරොත්තුව මේකයි. දැන් ලොව පුරා ඔවුන් අතර තරගයක් ඇති වෙලා මේවා නිපදවන්න.

    ටොයොටා සමාගමට අනුබද්ධ වෙළඳ නාමයක් වූ ලෙක්සස් මෝටර් රථයක්ද රියැදුරු රහිතව නිපදවීමට සැලසුම් කර ඇති බව පසුගියදා ප‍්‍රකාශයට පත් කෙරුණා. ඒ අතර ඉන්ටර්නෙට් යෝධයකු වූ ගූගල් සමාගමත් බලපත‍්‍රයක් ලබා ගෙන තියෙනවා, නෙවාඩාවලදීත් ඒ වගේම කැලිෆෝනියාවේ හා ෆ්ලොරිඩාවේදිත් එවැනි රියක් අත්හදා බලන්න.




    2.jpg



    Audi සමාගමේ අරමුණ වාහන තදබද ගමන්වල දී රියැදුරාට ඇති වන පීඩනයට පිළියමක් යොදන්නයි. මේ ක‍්‍රමයෙන් අනිත් කාරවල නොගැටී ආරක්ෂිත දුරක් තබා ගෙන වාහනය පදවිය හැකියි. හැබැයි උපරිම වේගය පැයට කි.මී. 60ක් (පැ.සැ. 37ක්) විතරයි. රියැදුරාට තියෙන්නේ වාහන තදබදයකදී සහාය ලබා දෙන (traffic jam assistant) බොත්තම ඔබා රියටම ඒ කටයුත්ත බාරදී නිහඬව බලා සිටින එකයි.

    එවිට ඉදිරියෙන් යන වාහනය වේගය බාල කළොත් ඕඩි රියත් වේගය ඊට ගැළපෙන ආකාරයට වේගය අඩු කරනවා. වාහන පේළිය නැවත වේගය වැඩි කළ විට ඕඩි රියත් ඒ අනුව වේගය වැඩි කරනවා.

    මේ කාරයට රේඩාර් සංවේදක සවි කරල තියෙනවා, අඩි 820ක් දුරට මොනිටර් කළ හැකි වන පරිදි. මග මග ඇති මං තීරු සලකුණු මොනිටර් කරන්න පුළුල් කෝණයක් සහිත විඩියෝ කැමරාවක් සවි කරලා තියෙනවා. රථය වටේට අතිධ්වනික සංවේදක අටක් සවි කරලා තියෙනවා. මේ රථයට පුළුවන් තවත් රථයකට අඟල් 4ක් තරම් ළං වෙන්න ගාල් කරන්න.








    ”ඒත් මේ ක‍්‍රමයේත් අඩුපාඩු තියෙනවා. ඔබට මං තීරු මාරු කරන්න අවශ්‍ය වුනොත් ඒකට සුක්කානමට අත ගහන්න ඔබට සිදු වෙනවා. ඒ නිසා මේ රියට පුළුවන් වුණේ නෑ මුළු ගමනම මාව ගෙනියන්න එයාම පදවා ගෙන මා නැවතී සිටි හෝටලයේ සිට ලෝක ඉලෙක්ට්‍රොනික ප‍්‍රදර්ශනය තිබුණු තැන දක්වා.” පීටර් කියනවා.

    ඒ වගේම වාහන පේළියේ වේගය පැ.සැ. 40ට වැඩි වුණොත් ස්වයංකී‍්‍රය නියමු ක‍්‍රමය නවතිනවා. එවිට වාහනය ඔබ අතට ගන්න වෙනවා. ඒ නිසා රියැදුරාට සුක්කානම ඉදිරියේ අවදියෙන් ඉන්න සිදු වෙනවා.

    ”ඒ ගැනත් ඕඩි රථය අවදියෙන් ඉන්නෙ. ඔබ දිහා, ඔබේ හිසේ චලනයන් දිහා, බලා ඉන්න කැමරාවක් එහි සවි කර තියෙනවා. හදිසියේ ඔබට නින්ද ගියොත් ශබ්දයක් කරලා ඔබව ඇහැරවන්න එයාට පුළුවන්.” බියෝන් කියනවා.

    දැන් ඔබ කැමති නම් ගූගල් රියැදුරු රහිතව පැදවිය හැකි වාහනය පහත වීඩියෝවෙන් බලන්න පුළුවන්.






    හොදනම් ඉතින් සලකලා යන්න

    මේ ලිපිය උපුටා ගැනීමකි-:-malkakulu.com
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Ape danumenuth mewa hadanna puluan kawru hari apita atha hitha denwanm..mokada mee wage deyak karanna reserch ekakata unath laksha paha hayak yanwa.. :(