මෙන්න ලගින් යන වෝ ???????????????

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙන්න ලගින් යන වෝ ???????????????

    අපේ පෘථිවිය පසු කර ගෙන අඩි 900ක් පළල මේ ග‍්‍රහකය හැඳින්වෙන්නේ ‘ඇපොෆිස්’ කියායි. එයට ඒ නම තබා ඇත්තේ ඊජිප්තුවේ හෙවත් මිසරයේ මිථ්‍යා කථාවල එන ඒ නමින් යුත් යක්ෂයකු අනුව යමින්.

    විද්‍යාඥයන් කියන විදියට මේ ග‍්‍රහකය අපේ පෘථිවියේ හැපෙන්නේ නැහැ. ඒත් මේ වතාවේ එය පෘථිවිය මග හැර ගියත් 2036 දී යළිත් මතු වී එන විට ඒ වතාවේ නම් පෘථිවිය අසලින් ම යන නිසා එහි හැපෙන්නත් ඉඩ තියෙන බවයි විද්‍යාඥයන් කියන්නේ.

    මේ වතාවේ එය පෘථිවියට සැතැපුම් මිලියන නවයක් ඈතින් යන බවටයි ගණන් බලා තියෙන්නේ. මෙය කුඩා ප‍්‍රමාණයේ ග‍්‍රහකයක් වුවත් පෘථිවියේ හැපුනොත් භයානක ප‍්‍රතිඵල ගෙන ආ හැකි බවයි ඔවුන් කියන්නේ.

    1.jpg

    විශේෂඥයන්ගේ අදහසේ හැටියට ඇපොෆිස් පොළොවෙහි වැදුණොත් ටීඑන්ටී මෙගටන් 500ක් යොදා කරන පිපිරීමකට සමාන පිපිරීමක් ඇති වන බවයි.

    නාසා ආයතනය මේ ගැන විශේෂ අවධානයක් යොමු කර තියෙනවා. යම්හෙයකින් පොළොවෙහි ගැටීමක් ඇති වුණහොත් එය ජලකර බෝම්බයක පිපිරුම මෙන් දසගුණයක් තරම් වෙතැයි ගණන් බලා තියෙනවා.

    සෝවියට් දේශය මෙතෙක් පිපිරවූ ප‍්‍රබලම හයිඩ‍්‍රජන් බෝම්බය වූ සාර් බොම්බා නිසා ඇති වූ පිපිරුම මෙගටන් 57කට සමානයි. මෙය පොළොවෙහි ගැටුණොත් එයින් ඇති වන පිපිරුම එවැනි බෝම්බ දහයක් එකවර පිපිරුවා හා සමානයි කියලයි නාසා ආයතනය කියන්නේ.

    2029 දී මේ ග‍්‍රහකය පොළොවට කිලෝමීටර් 30,000ක් තරම් දුරකින් යන බවත් 2036 දී මෙය තවතවත් පෘථිවියට සමිප වන බවත් පොයා ගෙන තියෙනවා. දැනට අපේ සන්නිවේදන චන්ද්‍රිකා කක්ෂ ගත කර ඇත්තේ මේ උසකින් බව සිහිපත් කටයුතුයි.

    මේ අපූරු සංසිද්ධිය හෙට මධ්‍යම රාති‍්‍රයේ දී සිදු වන බවයි, කියන්නේ. එය අවශ්‍ය අයට අන්තර් ජාලය හරහා දක ගන්න පුළුවන්. ස්ලූ (Slooh) වෙබ් අඩවිය ඔස්සේ මෙය දැක ගත හැකි බවයි.

    ස්ලූ සභාපති පැට්රික් පාඔලූසී කියන්නේ පෘථිවිය අසලින් යන ග‍්‍රහක අතරින් මෙය කෙරෙහි විශේෂ අවධානය යොමු වුණේ 2029 දී හා 2036 දී මෙය වඩාත් පෘථිවියට ආසන්නයෙන් යන නිසයි. එයින් වඩාත් අවදානම් වසර ලෙස සැලකෙන්නේ 2036 දියි.

    2.jpg
    2036 දී යළිත් මතු වී එන විට ඒ වතාවේ නම් පෘථිවිය අසලින් ම යන නිසා හැපෙන ඉඩකඩ වැඩි බවයි කියන්නේ.​

    උපුටා ගැනීම :මල් කැකුළු
    Read more: http://www.malkakulu.com/2013/01/blog-post_280.html#ixzz2HTRqhS5h

    සබැදි ලිපි
    2013 වසරේ අහසේ සිදු වන අසිරිමත් දෙයක්! සඳටත් වඩ
    http://www.elakiri.com/forum/showthread.php?t=1522547

    අල්ලා ගන්න හදන්නේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1521198


    මෙම තොරතුරු අනුව බලනවිට 2013 වසරේදී අබ්යවකාශයෙන් එන යම් වස්තු නිසා පෘතුවියට
    යම් බලපෑමක් සිදුවීමට ඉද ඇති බවට මත පලවෙමින් තිබේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ ත්‍රෙඩ් එක දන කොට මම කොටු 4ක් වෙනකන් ඇවිත් ඉන්නවා
    මට උදව් කරුපු ත්‍රෙඩ් බලපු ,බම්ප් කරපු කමෙන්ට් කරපු හැමෝටම
    ස්තුති කරනවා


    මම දාපු ත්‍රෙඩ් කීපයක් කියවපු නැති අය වෙනුවෙන් මම දාන්නම්

    බෝම්බය හා අපි 18+++++++ ?????????
    http://www.elakiri.com/forum/showthread.php?t=1522956

    හිත දුර හන්දා ලිරික්ස්

    [/SIZE][/U][/I][/B]http://www.elakiri.com/forum/showthread.php?t=1523482

    CFL බල්බ???පාවිච්චිය පරිස්සමින්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1522862

    සයුරු තෙර
    http://www.elakiri.com/forum/showthread.php?t=1519737

    ටයිටැනික් ගිලූණේත් මිරිඟුවක් නිසා ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1524022
    මේවගේ තවත් හොද තොරතොරු නිර්මාණ එක්ක එළකිරි එක්ක රැදී ඉන්න බලාපොරොතු වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: sebastian show