මෙන්න සක්විතියා
මෙන්න මං වෙබ් අඩවියක සක්විතියා ගැන දැක්ක දේ.අපි දන්නේ නැති කතාවක් තියෙනවා වගේ
.කියවල බලන්නකෝ.මේක දැම්ම කියල rep නම් එපා
.ඔයාලගේ දැන ගැනීම පිනිස දැම්මේ.ඇත්තද?බොරුද දනෙනේ නෑ





SOURCE
මෙන්න මං වෙබ් අඩවියක සක්විතියා ගැන දැක්ක දේ.අපි දන්නේ නැති කතාවක් තියෙනවා වගේ

.කියවල බලන්නකෝ.මේක දැම්ම කියල rep නම් එපා
.ඔයාලගේ දැන ගැනීම පිනිස දැම්මේ.ඇත්තද?බොරුද දනෙනේ නෑ





![]()
ටිං ටිං ටිං ටිං………ඩක ඩක ඩක ඩක…………….භ්රී ලාංඛේය අබි මානය.
හායි හායි හැමදෙනාටම.කුණු රසය වඩවන දිනයක් වේවා.මම ඔබේ හිතවත් මාද්දියවේදී කුකුලා අරින්ඩ ජයලාල්.පේක්සකයිනි අපි අද බුද්දිමය සංවාදය කොරන්න යන්නේ දේශයට අමිල මෙහෙයක් කොට සංසාරය ගැන කළකිරී වසර දෙකකට අදික කාලයක් වනගතව තවුස් දම් රැක අප හමුවට නැවත පැමිණ සිටින ඉංග්‍රීසි ජාතියේ පින් පියා වන සක්විති මහතා සමඟයි.
අපි ඔබතුමා හායි කියල පිළිගන්නව.”හායි…හායි.”
”ඇත්තටම කියන්ඩ සතුටුයි මෙතුමා කාලාන්තරයක් මුළුල්ලේම දැයේ දරුවන්ගේ කඩ්ඩ පොලිස් කරපු විත්තිය.කෙලිංම කියනව නං මමත් කඩ්ඩ දාගත්තෙ මෙතුමාගෙන් තමයි.ඉස් අයි රයිට් ඕ ලෙෆ්ට් සර්?”
“යූ ආ රයිට් පුතා”
”දැං අපට කියංඩ සෑර් ඔබතුමාගේ මෙම ආගමනය කොහෙමද සිද්ද උණේ?”
“මචං මං උඹට ඇත්තම විස්තරේ ප්‍රයිවෙට් එකේ කියන්නංපොඩ්ඩක් ඕෆ් රෙකෝඩ් දාපං.”
”අරි අරි අයියා පොඩ්ඩක් ඉන්ඩ”
”රායිට් දැං අරි.ඉතිං කියන්නකො මොකද්ද කේස් එක?”
”උඹට කියංඩ මල්ලි මං හරි අසරණ වෙලා ඉන්නෙ බං.අතේ පිච්චියක් නෑ.මේ බලහං ලක්ස එකහමාරක් විතරයි තියෙන්නෙ.උඹ දන්නව නේ පහුගිය ටිකේ මට වෙච්චි නස්පැත්තිය.මං ටික ටික දියුණුවේගෙන එනකොට ගනුදෙනු කාරයො මං ගැන ඊරිසියා කොරන්න අරං අවලං කතා කිව්ව.මං උංගෙං හොරකං කොරාලු.උඹ දන්නව නෙ මල්ලි උං සල්ලි වැඩිකරගන්න තියන පෙරේතකමට තමයි බැංකු වල නොදා මගේ ළඟ සල්ලි දැම්මෙ.හෙණ ගහන්න එපාය මුංට.මගේ බිස්නස් එක ලියාපදිංචි මූල්‍ය ආයතනයක් කියල කොහේවත් ගහල නෑ.එහෙව් එකේ උං දැනගන්න එපෑයැ හොයල බලල වැඩ කරන්න.මුංට විරුද්දව නීත්‍යානුකූලව ඇක්සන් ගන්න ඕන මල්ලි.මිනිහෙක් දියුණුවෙනකොට කටවහ දාන අවලං හැත්ත.මේ බලහං මට දැනුත් ඇඬෙනව.”
”හරි හරි..අඬන්නැතුව හිටහං අයියෙ.උඹ කොහොමද හැබෑට ඉන්දියාවට පැන්නෙ.”
”කවුද බං ඔය ගජබින්න කියන්නෙ.මොන ඉංදියාවක්ද?මං උන්නෙ කොරියාවෙ.අප්‍රමාණ දුක් විඳගෙන වළං හෝද හෝද හිටියෙ.බලහං රැවුලත් වැවිල.කොහොමට හිටිය පොරක්ද මං?”
”කොහොමද අයියෙ කොරියාවට පැනගත්තෙ?සල්ලි ටික කොරියාවෙ බැංකුවක දාන්ඩ ඇති නේද?දැං කාලෙ කොරියාවට යන එකත් ලේසි නෑ.කොරියන් බාසාව දන්නෙ නැත්තං වීසා දෙන්නෙත් නෑ මයෙ හිතේ.”
”එහෙම එකක් නෑ බං මමත් කොරියාවට ගිහිල්ලමයි කොරියන් බාසාව දැනගත්තෙ.මිරිහානෙ අයි ඕ සී ගෙ ගෑණි හොඳට කොරියන් බාසාව දන්නව.”
”හැබෑටම අයියෙ කොහෙමද කොරියාවට ගියෙ.”
”මිරිහානෙ අයි ඕ සීගෙ ගෙයි පස්ස දොරෙං කුස්සිය පැත්තට පළයං.අන්න නියම කොරියාව.වැඩ තියනව ඕසෙට.හැබැයි එකක් තියෙන්නෙ ඕන වෙලාවක කන්න හම්බුවෙනව.බලහං මං ඩිංගිත්තක් ඉතර මහත්වෙලා නේද?මායි ගෑණියි ඔය කොරියාවෙ තමයි අවුරුදු දෙකක්ම උන්නෙ.ඔය අවුරුදු දෙකට අයි ඕ සියා තඹයක් වත් මට දුන්නෑ බං.මං අර ජහමනයාගෙං යංතං හම්බු කරගතපු තුට්ටු දෙකටත් ඌ කෙලිය.ඌ කියන විදිහට මහ රජ්ජුරුවොත් කොටහක් ගත්තලු.මං නවගමුවෙ නැන්දිලයි දිහෑ ගියෙ පොඩි එකාට ටොපියක්වත් අරං දෙන්න රුපියල් දෙකක් ඉල්ලගන්න.මේ පඩත්තලය මායි ගෑණියි අල්ලගෙන පත්තරවලට කියල පොටෝ ගස්සවල ආයිත් අල්ල දුන්න නේ මචං.
කොහොම උණත් ඌ රිලයබල් පොර.ඌ කියන විදිහට මේ දවස්සල රජ්ජුරුවංට නස්පුක් වෙන්න පුරස්නලු.එහෙං කේ පියා ගෙ වීඩියෝ එළියට දාලලු.මෙහෙං මරවියා ජෝගි නටනවලු.ජහමනයාගෙ අවදානය ගන්නලු මාව අල්ලල දුන්නෙ.දවසක් දෙකක් ගියාම කේස් එක යට ගහල දෙන්නං කිව්ව.
පොඩ්ඩක් කිට්ටු වෙයං මල්ලි උඹට පොඩි රහසක් කියන්න.”
”මොකද්ද අයියෙ ඒ?”
”දඬුවම් මුත්තත් අන්න අයි ඕසී ගොයියගෙ කුස්සිට වෙලා තේ හද හදා ඉන්නව.පවු අහිංසකය.ඌටත් උණේ මට උණ සන්තෑසියම තමයි.මාව ප්‍රසිද්ද කොරල කේස් එක ගොඩදාගන්න බැරි උණොත් දඬුවම් මුත්තත් එළියට දාවි මයෙ හිතේ.”
මෙවිට හදිසියේම පැමිණි සුදු වෑන් රතයක් මගින් සක්විති සර් තුසිත දෙව්ලොවට ගෙන යන ලදී
SOURCE

eth mehema wennath ida tiyenawa
