මෙන්න සෙම් රෝග දහයකට ආයුර්වේදයෙන් විස්මි

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
මෙන්න සෙම් රෝග දහයකට ආයුර්වේදයෙන් විස්මි

මෙන්න සෙම් රෝග දහයකට ආයුර්වේදයෙන් විස්මිත ඖෂධ කිහිපයක්.

ඝසෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට




අමු ඉගුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල් බටු, කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.

සෙම්ප්‍රතිශ්‍යා උණට

අමු ඉගුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල්බටු, දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.

කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට

තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.

සෙම සහිත කැස්සට

අමු ඉගුරු, කටුවැල්, බටු තිප්පිලි, සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.

පපුවේ සෙමට

සරිතේක්කු, අමු ඉගුරු, කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.

සෙම් ගෙඬිවලට

නිල් කටරොල් මුල්, මුරුංගා පොතු සිවිය, නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.

මුරුංගා මුල්, ඇඹුල් දොඩම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.

ගම්මිරිස් කුඩු, දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත. භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.

කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට

රසකිඳ, කටුවැල් බටු, අමු ඉගුරු, කලාඳුරු අල, සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.

කැස්සට

කටුවැල් බටු මුල්, පොල්පලා මුල්, එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.

වැල් මී, මුද්දරප්පලම්, තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.

වේලුම් කැස්සට

ආඩතෝඩා මුල්, රසකිඳ, කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.

පීනසයට

අසමෝදගම්, තිප්පිලි, ඛෙලිමුල්, සිද්ධි ගුරු, බැදපු කොත්තමල්ලි, කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)


;)
 
  • Like
Reactions: Sadun Buwa

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    මුරුංගා මුල්, ඇඹුල් දොඩම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.