විදේශික පින්වතුන් විසින් පූජා කරන ලද BMW 740 Le නවීන මෝටර් රථය අලෙවි කරමින් අමරපුර සිරි සුමන මහා නිකායේ දඩළු පාර්ශවයේ මහා නායක පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙරේ නිර්මාතෘ කොළොන්නාවේ ශ්‍රී සුමංගල මහ නා සමිඳුන් ජනතාවගේ කුස ගිණි නිවූ ආකාරය කැමරා කාචයේ සටහන් වූ අයුරු.
මෙහිදී කලකට ඉහතදී කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 700කට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම, අන්‍යාගමික පූජනීය ස්ථාන 350කට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම හා අසරණ පවුල් 30,000කට අධික සංඛ්‍යාවකට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම සිදු කරන ලදී.
