British Army to send 4,000 Buddhist troops to India for meditation to combat post-traumatic stress
කාලාන්තරයක් තිස්සේ මුහුණ දෙන යුද්ධයේ බියකරු මතකයන් ඉතාම පරිණත සොල්දාදුවන් පවා පරදවන සුළුය. විශේෂයෙන් ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යයේ පැරණි හමුදා භටයන් ගෙන් අනාවරණය වන කරුණු අනුව සාමාන්‍ය ජීවිතයට ගොස් බොහෝ කලක් ගියත් ඔවුන්ට එම අත්දැකීම් අමතක කල නොහැක.
පශ්චාත් වේදනා ආතති කැලඹීම (PSID) යනු තව දුරටත් මනෝ විද්‍යාත්මක ග‍්‍රන්ථ හෝ ජර්නල වල හමුවන කදිම වචනයක් නොවේ. එය සටන් වල නියැලි රටවල් එදිනෙදා අත්දකින දෙයකි. හමුදා භටයින්ට ඉන් ගැලවීමට උදවු කරන ලෙස එම රටවලට බලකිරීමක් ඉන් සිදුවේ.
මේ සිතුවිල්ල නිසා බි‍්‍රතාන්‍යයේ යුද්ධයෙන් පීඩනයට පත් බෞද්ධාගම අදහන භටයින් 4000 ක් බුද්ධගයාවේ මහා බෝධිය අසල භාවනා කර සිත සන්සුන් කර ගැනීමට යැවීම සඳහා සූදානම් කර තිබේ.
ජනවාරියේ සිට 100ත් 150ත් අතර කණ්ඩායම් ලෙස ඔවුන් ඉන්දියාවට පැමිණ බුද්ධගයාවේ හා සාරානාත් හි සතියක් නැවතී සිට යුද්ධයේ අමිහිරි මතකයන් අමතක කිරීමට උත්සාහ කරනු ඇත.
ඉන්දියාවේ සංචාරක කටයුතු ඇමති සුනිල් කුමාර් පිංතු කියන්නේ ඔවුන් දින 6 ක් බුද්ධගයාවේද දිනක් සාරානාත්හි ද සිටිනු ඇති බවයි. මෙම අදහස ඇතිවූ ආකාරය පිලිබඳ ඔහු කියා සිටියේ බිහාර් සංචාරක දෙපාර්තමේන්තුව නොවැම්බර් 5 සිට 8 දක්වා දිනවල ලන්ඩනයේ පැවැත්වුනු ලෝක සංචාරක වෙලඳපොලේදී බි‍්‍රතාන්‍යය සමඟ එකඟතාවයකට පැමිණි බවයි.
බි‍්‍රතාන්‍ය සොල්දාදුවන් ගේ ආරක්ෂාව හා පහසුකම් පිලිබඳව ඉන්දීය රජය වගබලාගන්නා බවද ඔහු කියා ඇත.
fb එකේ තිබුනේ

Last edited: