යෝෂිත නිසා බ්‍රිතාන්‍ය නාවික පුහුණුව අහි

monson

Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    යෝෂිත නිසා බ්‍රිතාන්‍ය නාවික පුහුණුව අහි

    අඩු දස්කම් නිසා 2007න් පස්සෙ බ්‍රිතාන්‍ය නාවික පුහුණුව ලංකාවට නෑ

    දිලංක ගුණතිලක

    බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු පාසලේ නාවික පුහුණු පාඨමාලාවට ශ්‍රී ලාංකික නාවික හමුදා කැඩෙට් නිලධාරීන් 2007 වර්ෂයෙන් අනතුරුව සහභාගි කරවාගෙන නැති බවට වාර්තා වෙයි.

    ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම පුහුණුව සඳහා අවසන් වරට සහභාගි වූ ප්‍රභූ පවුල් නියෝජනය කරන කැඩෙට් නිලධාරීන් එම පුහුණුවට සහභාගි වී දැක්වූ අඩු දස්කම් නිසාවෙන් යැයි නාවික හමුදා ආරංචි මාර්ග වාර්තා කරයි.
    අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා 2015 ජනවාරි 26 වැනි දින ආරක්ෂක ලේකම්වරයා විසින් කළ නියෝගයකට අනුව 2015 ජනවාරි 27 වැනි දින නාවික හමුදාපතිවරයා විසින් රියර් අද්මිරාල් ඩී.බී.එම්. වෑත්තෑව (සභාපති) කොමදෝරු යූ.එස්.ආර්. පෙරේරා සහ කොමදෝරු එම්.එම්.ජී.බී. මැද්දෙගොඩ යන නිලධාරීන් ඇතුළත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව විසින් සකස් කළ පරීක්ෂණ වාර්තාව 2015 පෙබරවාරි 23 වැනි දින එවකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා වෙත භාර දී ඇත.

    මේ පිළිබඳව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගෙන් 'මව්බිම' කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කෙළේ එම සිද්ධියට අදාළ පුද්ගලයා පිළිබඳ වෙනත් සිද්ධියකට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් එම සිද්ධියට අදාළව ඔහු මේ වන විට නාවික හමුදාවෙන් වැඩ තහනම් කර ඇති බවත්ය.
    ඔහුට එරෙහිව ක්‍රියාත්මක අදාළ අධිකරණමය කටයුත්තෙන් ඔහු නිදහස් වුවහොත් අදාළ ත්‍රිපුද්ගල වාර්තාවේ නිරීක්ෂණ අනුව අදාළ පුද්ගලයා පිළිබඳව නාවික හමුදා පරීක්ෂණයක් සිදු කළ හැකි බව නාවික හමුදාපතිවරයා පැවැසීය.


    - http://mawbima.lk/140-109261-news-detail.html

    From : ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක්ම දීන වූ හැටි

    රාජපක්‍ෂ පුතාගේ ‘නේවි’ පැටිකිරිය

    මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමේ අතීතය යළි මතක් කළහොත් බොහෝ දේ සිහිපත් වේ. ඒ සියල්ල පසෙක තබා එක් නිෂ්චිත වැකියක් මෙහිදී උපුටා දැක්වීම අවශ්‍යය. ‘පාලකයා යනු ඔබේ දරුවන්ගේ උරුමයෙහි හිමිකරුවා නොව තාවකාලික භාරකරුවා ය.’

    මෙය සඳහන් වෙන්නේ මහින්ද චින්තන 2005 ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේය. හරිම අගේ ඇති වාක්‍යයක්ය. මහින්ද රාජපක්ෂ පසුගිය වසර නවය පුරා ‘දරුවාගේ උරුමයෙහි හිමිකරුවා’ නොවන බව ක‍්‍රියාවෙන් තහවුරු කර තිබෙන ආකාරය තවමත් හරිහැටි නොදන්නා බොහෝ දෙනෙකු සිටිති. මේ රටේ රාජ්‍ය පාලන නීති රීති සමාජ හර පද්ධති සහ සිරිත් විරිත් මහින්ද රාජපක්ෂගේ සහ පවුලේ අයගේ වුවමනා එපාකම් අනුව බළල් අතක්, කෙළිබිමක් සහ දඩ බිමක් කරගත් ආකාරය පිළිකුල් සහගතය.


    ඒ පිළිබඳ නොදන්න වුන් ගැන අනුකම්පා කරනවා හැර අන් කළයුතු දෙයක් නැත. මේ සඳහා මූලික වී ක‍්‍රියා කළේ මහින්ද ගෝඨා හෝ බැසිල්ය. ඒ ප‍්‍රසිද්ධියේය. අප‍්‍රසිද්ධියේ තිරය පිටුපස සිට ක‍්‍රියා කළ බොහෝ දෙනෙකු ද රාජපක්ෂ පවුලේ තවත් හිඳිති. නාමල් රාජපක්ෂ ඒ අතරින් කැපී පෙනේ. තාත්තාගේ සහ බාප්පාගේ අමාත්‍යාංශවල කටයුතු වෙනුවෙන් නාමල් රාජපක්ෂගේ මැදිහත් වීම කොපමණ දැයි දන්නේ ඒ පවුලේ උදවිය පමණය. එයින් පිට සියලූ ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සීයකට අධික පිරිසක් නාමල් රාජපක්ෂට යටත්ව සිටි ආකාරය අත්දැක තිබේ. ඔවුන් ඒ පිළිබඳව යථා කාලයේ බොහෝ හෙළිදරව් කිරීම් කරනු ඇත. ඒ සඳහා ඉඩකඩ විවෘතව තැබීම යෝග්‍යය.


    වැඩි කතා බහට ලක් නොවන රාජපක්ෂ පුත‍්‍රයකු සිටී. ගගන ගාමියකු වීමට සිහින දකිනා රෝහිත රාජපක්ෂ ය. දැන් ඔහු තාත්තාගේ දේශපාලන වේදිකාවට ආනයනය කර සිටී. මෙහිදී කතා කරන්නේ රෝහිත ගැන නොව යෝෂිත රාජපක්ෂ ගැනය. පවුලේ හුරතල් නාමය ‘යෝ බබා’ ය. යෝ බබා දැන් නාවික හමුදාවේ ලූතිනන් වරයෙක්ය. ඔහු නාවික හමුදාවේ ලූතිනන් පදවියට පත්වූයේ නාමල් රාජපක්ෂ නීති උපාධියෙන් සමත් වූ ආකාරයටමය. එනම් නීතියට ඉහළින් සිටින ‘මහින්ද රාජපක්ෂ ජනාධිපති’ තාත්තාගේ බලතල තම ‘දරුවාගේ උරුමය’ වෙනුවෙන් යෙදවීම තුළින්ය. යෝෂිත රාජපක්ෂට ශ‍්‍රී ලංකා නාවික හමුදාව තෝරා දුන්නේ කුමන අරමුණකින්දැයි අපි නොදනිමු. ඒ ඔවුන්ගේ තෝරා ගැනීමය.
    ශ‍්‍රී ලංකා නාවික හමුදාව පිහිට වූයේ 1950 දෙසැම්බර් 09 වෙනිදාය.


    එදා එයට පූර්වාදර්ශ සියල්ල හිමිවූයේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගෙන්ය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සම්බන්ධයෙන් අපේ සමාජයේ තිබෙන්නේ මහේෂාක්‍ය පිළිගැනීමක්ය. ‘සුද්දා වාගේ’ යනුවෙන් හඳුන්වන්නේ ඒ නිසාය. නාවික හමුදාවට එම සුද්දන්ගෙන් ලබාදුන් පූර්වාදර්ශ සියල්ල එළෙසින්ම ආරක්‍ෂා කෙරෙන අතර තත්කාලීන ලෝකයේ නවතාවයන්ද එකතු කර ගත් බව නොඅනුමානය. නිදසුනක් වශයෙන් ආධුනික නාවික සෙබළකුගේ සිට ඉහළ නිලයන් සඳහා බඳවාගන්නා ආධුනික නිලධාරීන් සපුරාලිය යුතු අවම මූලික සුදුසුකම් දැක්විය හැකිය.




    ලකුණු රහස



    නාවික හමුදාවේ විධායක අංශයේ ආධුනික ලූතිනන් වරයෙකු වශයෙන් බැඳීමට අවශ්‍ය අවම අධ්‍යාපනික සුදුසුකම් නිර්දේශ කෙරී තිබිණ. අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ ගණිත අංශයෙන් සම්මාන සාමාර්ථ ලබා තිබිය යුතු විය. එහෙත් එම අධ්‍යාපනික සුදුසුකම 2006/ 07 වර්ෂය සඳහා ඉතා සාහසික ලෙස බිඳ දැමීය. සේනාධි නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ විසින් අත්සන් තබන ලද අති විශේෂ ගැසට් පත‍්‍රයකින් එය කළේය. ඒ ‘තම දරුවාට උරුමයක්’ සාදා දීම සඳහාය.


    ලූතිනන් ධුරය සඳහා කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි අයද බඳවා ගැනීමට ඉඩකඩ සැලසීය. මේ උරුමය ලබාදුන්නේ රජකුමාර යෝෂිතට පමණක් නොව ඔහුගේ ළඟම යාළුවාද වන දිසානායක සඳහාය. ඒ දෙදෙනාම නාවික හමුදාවේ ලූතිනන් නිලයේ ආධුනික නිලධාරීන් ලෙස ඇතුළත් විය. ඉන් පසුව 2007/ 08 වසර සිට යළි එම අධ්‍යාපන සුදුසුකම් පෙර තත්වයට පත් කළේය.


    නාවික හමුදා විධායක අංශයේ ලූතිනන් නිලයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් වශයෙන් උසස් පෙළ ගණිත අංශයේ සම්මාන සහතික අවශ්‍ය බව නිර්දේශ කර තිබෙන්නේ ආවාට ගියාට නොවේ. නාවිකයන්ගේ ගමන් මාර්ග සහ ගමනේ දුර ප‍්‍රමාණයන් ආදී බොහෝ කටයුතු සඳහා ගණිතය අවශ්‍ය වන බැවින්ය.


    මෙසේ බඳවා ගන්නා ආධුනික නිලධාරීන් ත‍්‍රිකුණාමලයේ නාවික හා සාගරික අභ්‍යාස ආයතනයේ පූර්ණ කාලීන පාඨමාලාව හැදෑරිය යුතුය. එම කාලය තුළ පවුලේ අය සමඟ පවා සම්බන්ධතා පැවැත්විය නොහැකිය. මෙම නියමය බිඳීමට යෝෂිත හා ඔහුගේ මිතුරා දිසානායකට ඉඩ ලැබිණ. පාඨමාලාවේ මුල් වසර තුළ න්‍යායික හා ප‍්‍රායෝගික මෙන්ම ශාරීරික අභ්‍යාස වෙනුවට ඔවුන් දෙදෙනාට වායු සමනය කරන ලද කාමර තුළ අධ්‍යාපනික පාඨමාලාව පමණක් විශේෂයෙන් සකස් කර ඉගැන්වීය. එයට හේතු වශයෙන් සඳහන් කරන ලද්දේ පැවැති ත‍්‍රස්තවාදී යුද්ධයේ තර්ජන තිබෙන බැවින් ජනාධිපතිගේ පුතාට විශේෂ ආරක්‍ෂක විධිවිධාන සලසන ලද බවය.




    පැරෂුට් ශිෂ්‍යත්‍වය


    මුල් වසරේ පාඨමාලාව මේ රාජකීය කුමරාට සහ ඔහුගේ මිතුරාට මාස තුනකට සකස් කර දෙන ලදී. එපමණක් නොව වසරක පාඨමාලාවෙන් පසුව අති විශිෂ්ට දක්‍ෂතා දක්වන ආධුනිකයාට මහා බි‍්‍රතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකු වශයෙන් පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලබාදීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. 2006/07 වසර සඳහා මෙම අති විශිෂ්ට සුදුසුකම ලබාගත්තේ අනුරාධපුරයේ දුප්පත් පවුලක ආධුනිකයෙක්ය. ඔහුව කපා දමා රාජකීය පුත‍්‍රයාට හා මිතුරා යන බානටම බි‍්‍රතාන්‍ය ශිෂ්‍යත්ව ලබා දෙන ලදී. එහි මුල් අදියරේ පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව පරීක්‍ෂණයක් පැවැත්වේ. එයින් දිසානායක සම්පූර්ණයෙන්ම අසමත්ව තිබිණ. ඒ නිසා ඔහු පෙරළා මෙරටට පිටත් කර එවීය. එහිදී යෝෂිත ලබාගත් දක්‍ෂතාව පිළිබඳ සහතිකය අප වෙත ලැබී තිබේ.


    එය Professional Prosress Grid සහතික පත‍්‍රය වේ.SLT RNYOC IC X- RAJAPAKSA Y 1002809M 1002809 යනුවෙන් විභාග අංකය සඳහන් වේ. එහි මාර්ග නීති පිළිබඳ විභාගය (Rule of Road Exam&) යටතේ A,B,C,E,F,G යනුවෙන් ඛණ්ඩ හයක්ය. ් A ඛණ්ඩය සමත්වීමට 70% ගත යුතුය. එයින් 80 ලබා තිබේ. ඊ ද 70%ක් ලබාගත යුතු අතර 78ක් ලබා තිබේ. ඉතිරි ඛණ්ඩ හතරම අසමත්ය.C yd E B ඛණ්ඩ ද සමත්වීම සඳහා 70% ප‍්‍රතිශතයක් ලබාගත යුතු අතර ඔහුට ඇත්තේ ලකුණු 49ක් සහ 29 ක්ය. ෑE හී සාමාර්ථ ලකුණු 80%ක් තිබිය යුතු අතර එයින් 57ක්ද G හී සාමාර්ථය ලකුණු 90%ක් තිබිය යුතු වුවද තිබෙන්නේ 36ක්ය. මේ අනුව ප‍්‍රශ්න පත‍්‍ර හයකින් හතරක්ම අසමත්ය.



    නාවික හමුදාවේ ලූතිනන් නිලයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් නොමැති රජකුමාරයාගේ ටිකිරි මොළේ තරම විෂයන් හතක් අසමත් වීමෙන් පැහැදිලි වේ. විභාගයක් අසමත් වීම සාමාන්‍ය දෙයක්ය. ඒ සඳහා මුහුණ දෙන අවස්ථාවේ පවතින ශාරීරික සහ මානසික තත්වයට අනුව බොහෝ දේ තීරණය වන්නේය. කොටින්ම එය දැනුම මත පමණක් තීරණය නොවන්නේය. සත්‍යය එය වුවද ජනාධිපති බලතල යොදවා අඩු සුදුසුකම්වලට බඳවා ගැනීම අවුරුද්දක පුහුණුව වෙනුවට මාස තුනක පුහුණුව මෙන්ම දක්‍ෂතම සිසුවාට ලබාදෙන ශිෂ්‍යත්වය රාජකීය මජරයෙකුට ලබාදීම ආදී හේතු නිසා පරීක්‍ෂණය අසමත්වීම සාමාන්‍ය තත්වය නොවේ. අම්බරුකම ප‍්‍රදර්ශනය කිරීමක්ය. බලලෝභී පවුල් පාලනයක අමනකම් හෙළිවීමක්ය. ලංකාවෙන් මෙම පාඨමාලාව සඳහා යවන අයෙකු මෙයට පෙර අසමත් වී නොමැත.




    කුරුමානම


    නාවික හමුදාවේ ලූතිනන්වරයෙකු වීම යනු වෙහෙසකර අභ්‍යාසයක ප‍්‍රතිඵලයක්ය. විධායක අංශයේ ලූතිනන් වරයෙකු වීම තවත් වෙහෙසකර අභ්‍යාසයක්ය. මන්ද නාවික හමුදාපති දක්වා යා හැකි මාර්ගය සැලසී තිබෙන්නේ මේ ඔස්සේ වන බැවින්ය. රාජකීය නාවික හමුදාවේ පුහුණුවීමෙන් පෙරළිකාර ලංකාවට කීර්තියක් ගෙනදුන් දක්‍ෂතමයන් අතීතයේ බිහිවී ඇත. ඔවුන් ඉහළටම යාම සඳහා නියම සුදුස්සන් බව ඔප්පු කර ඇත්තේය. නමුත් ජනාධිපතිගේ බලතල අනිසි ලෙස යොදා ඉහළට යැවීමේ මාර්ගය සකස් කර තිබෙන විට දක්‍ෂතා අවශ්‍ය වන්නේ නැත. ‘නිල් බලූකාය’ පිහිටුවාගෙන රටේ තරුණ තරුණියන් අනාථ කරමින් පිස්සු කෙළ වැඩිම මනාප ලබාගෙන පාර්ලිමේන්තු ආ හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජනතාව ගොනාට ඇන්දවීමේ කලාව ක‍්‍රියාත්මක කිරීම පමණය. නාමල් රාජපක්ෂ කරමින් සිටින්නේ එයය.



    නමුත් නාවික හමුදාවත් නිල් බලූකායේ තරමට හෙළන්නේ නම් තත්වය ඉතා බරපතලය. නාමල් පාර්ලිමේන්තුව ඔස්සේ රජ පුටුවට යා හැකිය. ආඩම්බරකාර තාත්තා සිටින තුරු බාධාවක් නැත. ඕනෑම පිස්සුවක් කෙළිය හැකිය. මැතිවරණවලදී ජිල්මාට් දමා වැඩිම මනාප ලබාගත හැකිය. නාමල්ට රජ පුටුව පිළිබඳ ඉලක්කයක් තිබේ. 2020 දී රටේ රජවීමය. ඒ සඳහා නිල් බලූකාය වැනි සංවිධාන ක‍්‍රියාත්මක කෙරේ. බැසිල් බාප්පා හැරුණු විට අනිකුත් සියලූම ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු නාමල්ට ඕනෑ විදියට අල්ලේ නටවමින් සිටින්නේ යුවරජකම දරමින්ය. මේ පවතින ක‍්‍රමය යටතේ ඊට කිසිම බාධාවක්ද නැත. නාමල් රජකරවීමේ ගමනට සමාන්තරව යෝෂිත නාවික හමුදාපති කරවීමේ ක‍්‍රියාන්විතයක් පවතීනම් එය ඉතාම බරපතලය. දැන් සිදු කෙරෙමින් පවතින්නේ නාවික හමුදාව යෝෂිතකරණය කිරීමය. මේ ජඩ ක‍්‍රමය යටතේ රජවීමට කිසිදු පිළිගත් ක‍්‍රමවේදයක් නැතත් නාවික හමුදාවට පිළිගත් නීති රීති හා විනය ක‍්‍රියාමාර්ග ඇත්තේය.


    යම් හමුදාවක ප‍්‍රධානියා වීම අසීරු කාර්යභාරයකි. එය පහසු දේශපාලන ගේමක් නොවේ. එම හමුදාව තුළ පිළිගත් ක‍්‍රම වේදයක් ඇත. එහි පියවරෙන් පියවර ක‍්‍රමයෙන් ඉහළට යා යුතුය. හැකියාවන් වර්ධනය කරගත යුතුය. දස්කම් ප‍්‍රදර්ශනය කළ යුතුය. යෝෂිත රාජපක්ෂ මේ ක‍්‍රියාවලිය වෙනුවට යුද්ධය පැවැති සමයේ රාජකීය ආරක්‍ෂාව යටතේ හිටියේය. යුද්ධය අවසන් කළ පසුව අළු ගසා දමා පූස් පැටවකු සේ එළියට ආවේය. රගර් ක‍්‍රීඩාව රාජපක්ෂ පවුලේ බූදලයක් කර දී රාජකීය පුතුන්ගේ මජර ශරීර සෙලවීමට තෝ තැන්නක් කරගත්තේය. යෝෂිතගේ කාර්ය වන්නේ රගර් ගැසීමය. අරලියගහ මන්දිරයේ ලැග සිටිමින් තම මිත‍්‍රයා වන දිසානායකද එහි ගෙන්වාගෙන රගර් ගැසීමය. යෝෂිත කුමක් කළ ද නාවික හමුදාවේ විනය මුළුමනින්ම බිඳ දැමීමට දෙවරක් නොසිතයි. ඕනෑම පිස්සුවක් කෙළීමට කිසිවක් බාධා කරගන්නේ නැත.


    පරිවාර සේනා


    නාවික හමුදාවේ ලූතිනන් වරයකුට සහයකයකු මෙන්ම ආරක්‍ෂකයකු වශයෙන් නාවික සෙබළකු ලබාදේ. බඩියා යනුවෙන් ඔහුව හැඳින්වේ. සාමාන්‍ය තත්වය එසේ වුවද ලූතිනන් යෝෂිතට තිබෙන්නේ රාජකීය තත්වයක්ය. රාජකීය කුමාරයකු ලූතිනන් නිලයේ සිටීම නිසාය. ඔහුට බඩියකු දීමේදී රාජකීය සැළකිල්ලක් කිරීමට සේනාධිනායක ආඩම්බරකාර තාත්තාට යුතුකමක් තිබෙන බව තහවුරු කර ඇත. ඒ යෝෂිත රාජපක්ෂගේ බඩියා ලෙස ඉහළ නිලයක් වන ‘ලූතිනන් කමාන්ඩර්’ කෙනෙකු පත්කර සිටීමය.


    මෙය නාවික හමුදාව තුළ දැනට දෘෂ්‍ය මානව තිබෙන එක් දෙයක් පමණය. මතුපිටට නොපෙනෙන බොහෝ දේද රාජකීය කුමාරයා නිසා සිදු කෙරෙමින් පවතී. මේ අතර ප‍්‍රධානම දෙය වන්නේ ගොට්ට අල්ලන්නන්ට ඉහළ වරප‍්‍රසාද සහ ඉහළට යාමේ ‘ෂෝට් කට්’ නිර්මාණය වී තිබීමය. මෙය නාවික හමුදාව තුළ ඉතා බරපතල තත්වයක් ය. වසර හැටක පමණ නාවික හමුදා ඉතිහාසයේ සිදු නොවූ විනය බිඳ දැමීම් මේ නිසා සිදු කෙරේ. නීති බිඳ දැමීම් සිදු කෙරේ. යෝෂිත රාජපක්ෂගේ නිල නොවන බඩියන් සේ ක‍්‍රියාකරන තවත් කීප දෙනෙකුම සිටී. රියර් අද්මිරාල් රොසයිරෝ සහ ඉංජිනේරු අංශයේ රියර් අද්මිරාල් බණ්ඩාර ඒ අතර කැපී පෙනේ. මොවුන් අයථා ලෙස උසස්වීම් ලබමින් සිටින්නෝය. වන්දි භට්ටකම් කරන ඉහළ නිලයන්ය. සේවා දිගු කිරීම් ද හිමි වේ. එසේ නොකරන අයට ඉක්මනින්ම ගෙදර යාමට සිදුවේ. දක්‍ෂයා කැපී යයි. වන්දි භට්ටකම් කරන අදක්‍ෂයා ඉහළ යයි.


    රාජකීය විදේශ සංචාර ලැබීම යෝෂිතට තිබෙන විශේෂ වරප‍්‍රසාදයක්ය. එමෙන්ම නාවික හමුදාවේ ලූතිනන් වරයකු සහභාගී නොවන සිවිල් කටයුතු හා රාජ්‍ය උත්සව වලටද සහභාගී වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදාක සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වීම විශේෂයෙන් කැපී පෙනේ. මෙය තනිකරම මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප‍්‍රචාරක වැඩක් ලෙස සංවිධානය කර තිබුණු උත්සවයක් ය. යෝෂිත එහි සිටි අයුරු රූපවාහිනී නාළිකාවලින් දැක ගත හැකි විය. දේශපාලනය නාවික හමුදාව තුළ ඉතා තදින් සහ යටින් ක‍්‍රියාත්මක කෙරෙමින් පවතී. ඒ එක් ඉලක්කයක් සහිතවය. ‘පවුලට කිරි -රටට කැකිරි’ න්‍යායට අනුවය. නාමල් රාජපක්ෂ රජ කරන කාලවකවානුවකදී යෝෂිත නාවික හමුදාපති කරවීම ප‍්‍රධානම දේශපාලන ව්‍යාපෘතියයි. ඒ සඳහා බාධාවක් වන නිලධාරීන් කල්තියා විශ‍්‍රාම යැවෙන ආකාරයේ ක‍්‍රියාවලි ගණනාවක් පවතින බව හෙළි වී තිබේ.




    ජිල්මාට් රහස්



    එයට අමතරව දැන් හදිසි තත්ත්වයක් මතුව තිබේ. මහින්ද රාජපක්ෂ ‘ඉල්ලං කෑමක්’ කරගත් ජනාධිපතිවරණ ය එයයි. හැමදේටම පෙර රාජපක්ෂ පවුල ආරක්‍ෂා වීමට නම් මහින්ද රාජපක්ෂ නීතියට ඉහළින් සිටින විධායක ජනාධිපති පුටුවේ සිටිය යුතුය. එය බිඳී ගියහොත් පවුලේ සියලූ දෙනාටම උන් හිටි තැන් අහිමි වෙන බව අමුතුවෙන් කිවයුතු නැත. දැන් ජනාධිපතිවරණයේ පරාජයෙන් බේරීමේ සියලූ ක‍්‍රියාමාර්ග දියත් කෙරෙමින් තිබේ. වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරේ යෝෂිත රාජපක්ෂට වෙන් කර තිබෙන සුඛෝපභෝගී කාමරයේ අති විශේෂ රහසිගත සාකච්ඡුා පසුගිය දිනවල පැවැත්වීය. එය අවට විශේෂ ආරක්‍ෂාවක්ද යොදා තිබිණ. ඒ පිළිබඳ තොරතුරු ‘ලංකා’ මගින් පසුගිය සතියේ හෙළි කළේය. නාවික හමුදාපති අද්මිරාල් නිලධාරියාව මෙහෙයවන්නේ ලූතිනන් වරයෙක්ය. ජඩ දේශපාලන ගේම්වලට අලගු තැබීමට යාමෙන් මෙවැනි පිළිකුල් සහගත ක‍්‍රියා කොපමණකට නම් යටවිය යුතුද?
    මෙයට පෙර හෙළිවූ තොරතුරු අනුව නාවික හමුදා මූලස්ථානයේ රහසිගත මුද්‍රණ යන්ත‍්‍රයක් පිළිබඳව අනාවරණය විය. ගෝඨාගේ කතා බලෙන් ඇස්සවීම සිදුවේ. එපමණක් නොව දේශපාලන පිල් මාරු කරන කලාකරුවන්ගේ ගේම්වලටද නාවික හමුදාව යොදා ගත්තේ මේ මෑතක බව කාට නැතත් අපට මතකය. සොල්දාදුවන් ගෙන් රුපියල් 100/- කපාගෙන චිත‍්‍රපටියක් පෙන්වූයේ නාවික හමුදාව දේශපාලනීකරණය වීම සහ ඊටත් වඩා පවුලේ බූදලයක් කර ගත් නිසාය. දැන් එයට වඩා තීරණාත්මක ගේමක් ක‍්‍රියාත්මක වේ. පෙනෙන ආකාරයට චමල් රාජපක්ෂ හැර අන් සියලූ දෙනා එකාවන්ව ගහන දේශපාලන ගේමක්ය. ගගනගාමියකු වීමට ‘මැදමුලන බූදලයෙන්’ සල්ලි වියදම් කරන රෝහිත රාජපක්ෂ පවා ගෙන්නාගෙන ආඩම්බරකාර තාත්තා වෙනුවෙන් මැතිවරණ ප‍්‍රචාරයේ යෙදීමට සිදුවන තරමට තත්වය බරපතල වී ඇත.


    මෙවැනි තත්වයක් තුළ යෝෂිත රාජපක්ෂ වෙනම දේශපාලන ගේමක් ගෙනියමින් සිටී. දැනට තොරතුරු අනාවරණය වන අන්දමට ඉංජිනේරු අංශයේ රියර් අද්මිරාල් එම්.යූ.කේ.පී. බණ්ඩාර එම දේශපාලන ගේමේ විශාල වැඩ කොටසක් යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් කරමින් සිටී. මේ සඳහා ඩබල් කැබ් රථයක් සහ ෆෝක්ස්වැගන් රථයක්ද වෙන්කරදී තිබේ. මේ සියලූදෙනා සහභාගී වූ විශේෂ රහස් සාකච්ඡුාවක් පසුගිය 30 වැනිදා පැවැත්වූ බව හෙළිවීමෙන් දැන් සාකච්ඡුා කරන ස්ථාන වෙනස් කර තිබේ. නිල් බලූකායේ ක‍්‍රියාකාරීන්ගේ සහෝදරයන් කීප දෙනෙක් නාවික හමුදාව තුළ සිටින බවද ඔවුන් දේශපාලන ගේමක සක‍්‍රීය කොටස්කරුවන් ලෙස සිටින බවද මේ වනවිට හෙළි වී තිබේ. මුළු රටම පවුලක බූදලයක් කරගෙන විදේශිකයන්ට සාප කිරීමේ අවස්ථාව උදාකර දී තිබේ. ඒ අතර රටම පවුලේ කෙළි බිමක්, දඩ බිමක් සේම රාජ්‍ය ආයතන සියල්ල බළල් අත් කරගෙන තිබියදී නාවික හමුදාව පමණක් එයින් ගැළවී තිබිය නොහැකිය. එය යෝෂිත රාජපක්ෂගේ සෙල්ලම් පිට්ටනියක්ය. සියලූ අවකෙළි එළිපිට සිදු කළද කිසිවකුත් කටේ කෙළ බිඳක් එයට එරෙහිව හෙළන්නේ නැත. එහෙත් මේ වනසන්නේ රාජපක්ෂ දරුවන්ගේ උරුමයක් නොව රටේ දරුවන්ගේ අනාගත උරුමයන් බව අවධාරණය කිරීමට සිදුව තිබේ. නාවික හමුදාව තිබෙන්නේ යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නොව රටේ ආරක්‍ෂාව වෙනුවෙන්ය. එය අප්පලාගේ පුතාලගේ කෙළිබිමක් නොවේ.




    ප්‍රියදර්ශන දයාරත්න
    ලංකා
    2015 ජනවාරි 07 විශේෂ කලාපය
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය සුද්දගේ ට්‍රේනින් අපිට මොකටද බන්.. ඔකුන්ට වෙල්ලස්සෙදි දුවන්න ගැහුවේ.. ඔකුන් කොහේ අපිට උගන්නන්නද?

    මීට, රුපියල් 50 ඩේටා කාඩ් එකෙන් ඉන්ටනෙට් ආපු 8 වසරේ වීර පුතෙක්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම මේ රටේ ජනාධිපති මහින්ද කියලත් හිතෙනව අප්පා, තාම මහින්ද මහින්ද මහින්ද මහින්ද ලොල් unp පොන්ස්ලට ඔක්කොම්ටම මහින්ද.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    You must spread some Reputation around before giving -Rep to monson කැ_ දෙමළා again.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    තාම මේ රටේ ජනාධිපති මහින්ද කියලත් හිතෙනව අප්පා, තාම මහින්ද මහින්ද මහින්ද මහින්ද ලොල් unp පොන්ස්ලට ඔක්කොම්ටම මහින්ද.

    මොන දේ කිව්වත්, උඹටත් තාම තේරෙන් නෑ බං මහින්ද ලංකාව ඇදලා දැම්ම තැන. උඹලට තේරෙන්න තව කල් යයි. එතකොට ඉතින් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. (මම මෛත්‍රී අනුගාමිකයෙක් නෙමෙයි)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොන දේ කිව්වත්, උඹටත් තාම තේරෙන් නෑ බං මහින්ද ලංකාව ඇදලා දැම්ම තැන. උඹලට තේරෙන්න තව කල් යයි. එතකොට ඉතින් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. (මම මෛත්‍රී අනුගාමිකයෙක් නෙමෙයි)
    ඌ කියන කතාවත් වැරදි නැනේ බන්. මහින්ද රට කැවමයි කියමුකො. ඒක හැමදාම කිය කිය ඉදලා වැඩක් නැනේ.. අද ජර්මනියේ නායකයො කියනවද හිට්ලර් රට කැවා කියලා.. ඉතාලි උන් මුසලොනිට බැන බැන ඉන්නවද රට කැවා කියලා.. උනුත් ගොඩ ගියානේ බන්.. ඉතින් මහින්දට දැන් බැනලා වැඩක් නැ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන දේ කිව්වත්, උඹටත් තාම තේරෙන් නෑ බං මහින්ද ලංකාව ඇදලා දැම්ම තැන. උඹලට තේරෙන්න තව කල් යයි. එතකොට ඉතින් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. (මම මෛත්‍රී අනුගාමිකයෙක් නෙමෙයි)
    මහින්ද ඇදල දාල විනාශ කරල තියෙන්නෙ රට, එකනේ මහින්දව එලොල සිරයි පොනිලයි පත් උනේ උන් දෙන්න එතනින් උඩට ගනි නලුවෙක් නෙමේ මොලයක් කියනවනෙ,සුපිරියටම උඩට ගන්නව මැයි 2 පස්සෙ කෙලින්ම ගෙඩිය පිටින් 15% ටැක්ස්, අන්න එහෙමයි මහින්ද ඇදල දාපු තැනින් ගොඩ ගන්නෙ,
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    තාම මේ රටේ ජනාධිපති මහින්ද කියලත් හිතෙනව අප්පා, තාම මහින්ද මහින්ද මහින්ද මහින්ද ලොල් unp පොන්ස්ලට ඔක්කොම්ටම මහින්ද.
    me hucannata monawa hari kiwwoth unp karayeklu
    mahinda amathaka nowenna puke pannare thiyala thiyenne
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මහින්ද ඇදල දාල විනාශ කරල තියෙන්නෙ රට, එකනේ මහින්දව එලොල සිරයි පොනිලයි පත් උනේ උන් දෙන්න එතනින් උඩට ගනි නලුවෙක් නෙමේ මොලයක් කියනවනෙ,සුපිරියටම උඩට ගන්නව මැයි 2 පස්සෙ කෙලින්ම ගෙඩිය පිටින් 15% ටැක්ස්, අන්න එහෙමයි මහින්ද ඇදල දාපු තැනින් ගොඩ ගන්නෙ,

    tax gahanwa kiyala kuwata tama gahuwe nane. ohoma tamai bayyo kata hadala loku seen denawa rata koityata yawalu bomba gahawalu okkoma pusss antimata. ochara dagalanne mokada ban puduma amaruwak ne tiyenne ubalata.. mahinda rata vinasa karapu waye wandiya tama dan oya gewanne wenne ubala hitanne dan inne anduwa salli gas walin kadanawa kiyalada. unuth karanne tax walin tamai mahinda kapuwa dan tamai apita gewanne wela tiyenne ubala nisa tamai tawath mahinda mahinda gaga inne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ කියන කතාවත් වැරදි නැනේ බන්. මහින්ද රට කැවමයි කියමුකො. ඒක හැමදාම කිය කිය ඉදලා වැඩක් නැනේ.. අද ජර්මනියේ නායකයො කියනවද හිට්ලර් රට කැවා කියලා.. ඉතාලි උන් මුසලොනිට බැන බැන ඉන්නවද රට කැවා කියලා.. උනුත් ගොඩ ගියානේ බන්.. ඉතින් මහින්දට දැන් බැනලා වැඩක් නැ..
    අනිව මහින්ද ඇදල දාපු තැනින් ගොඩ ගන්ඩනෙ යහපාලනේ පත් උනේ, ඒත් වෙලා තියෙන්නෙ මහින්දට බැන බැන ඉන්න එක. ඔකට මක්කටද අප්පා ආණ්ඩු විපක්ශෙට වෙලා බැන බැන ඉන්ඩ තිබ්බනෙ, පාලනේ ගත්තනම් කරන්ඩයි තියෙන්නෙ මහින්දට වඩා හොදට, පේන්නෙ නම් මහින්ද කරපුවගෙන් දශමයක් කරගන්ඩ බැරුව ගල උඩ පහරපු බලල්ලු වගේ ඉන්නව කියලයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    tax gahanwa kiyala kuwata tama gahuwe nane. ohoma tamai bayyo kata hadala loku seen denawa rata koityata yawalu bomba gahawalu okkoma pusss antimata. ochara dagalanne mokada ban puduma amaruwak ne tiyenne ubalata.. mahinda rata vinasa karapu waye wandiya tama dan oya gewanne wenne ubala hitanne dan inne anduwa salli gas walin kadanawa kiyalada. unuth karanne tax walin tamai mahinda kapuwa dan tamai apita gewanne wela tiyenne ubala nisa tamai tawath mahinda mahinda gaga inne
    තාම මැයි දෙක උනේ නැ නේ එදාට ගහයි අගමැති පොනිලට වඩා උබ දන්නව්ද? ආ මේ මහින්ද කරපුවට ටැක්ස් ගහන්නෙ ඒ බන් මහින්ද යස අගේට පාලනේ කොරානෙ,ආර්තික ඔස්තාර්ල කියා ගත්ත පොනිල මොකො මේ බදු ගහන්නෙ, උන්දට වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද ඔක කරන්ඩ, මට නම් පේන්නෙ ඔස්තාර් නන්නත්තාර වෙලා වගේ.චීනෙට ගියාට සතයක්වත් හම්බෙලා නැති හැඩයි පව් අප්පෙ පොනිල්. දැන් ඒව අල්ලනව අපෙන් ගෙවමු බදු 15% ගෙඩි පිටින් . මම නම් ඔය බද්දට පුද්ගලිකම කැමතියි ඔය මදි 50% විතර ගැහුවන්ම් පට්ට,එතකොට මහින්ද කරපු විනාශයෙ තරම රටේ උන්ට හොදටම දැනෙන්ඩ ගනන්ව.:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me hucannata monawa hari kiwwoth unp karayeklu
    mahinda amathaka nowenna puke pannare thiyala thiyenne

    මහින්දගෙ කොලු සීන් නැ උබලගෙ මහ එකා වද පොනිලගෙ වගේ,
    oka munta terenne ne ban puluda washiyak gilla tiyenne mahinda kiyanne maha puduma kapatiyek:yes:

    ඔව් බන් අපි වශී වෙලා ඉන්නෙ උබල වශි වෙලා නැනෙ. ඔහොම හිටපන් වෙනසෙ සැප උබලට හම්බෙනකන්.:cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    ඌ කියන කතාවත් වැරදි නැනේ බන්. මහින්ද රට කැවමයි කියමුකො. ඒක හැමදාම කිය කිය ඉදලා වැඩක් නැනේ.. අද ජර්මනියේ නායකයො කියනවද හිට්ලර් රට කැවා කියලා.. ඉතාලි උන් මුසලොනිට බැන බැන ඉන්නවද රට කැවා කියලා.. උනුත් ගොඩ ගියානේ බන්.. ඉතින් මහින්දට දැන් බැනලා වැඩක් නැ..

    බනිනවා නම් බනින්න වෙනවා මේ රට ප්‍රේමදාස, ජේ ආර්ගේ කාලේ ඉඳලා රට කරපු එවුන්ට. කෑවා රට. ඒ පටන් ගත්තු පනතවල් නිසානේ දේශපාලනේ ගැන තඹ දොයිතුවක් දන්නේ නැති එවුන් රට පාලනය කරන්න ආවේ. හොඳ කියන්න පුලුවන් නම් වැරදි කියන්නත් පුලුවන් මචං. ඔන්න වැරදි විතරක් කිය කිය ඉන්නවා නම් ඒක වැරදියි. යම්තාක් දුරකට රටට අවශ්යය් දේවල් දුන්නා මහින්ද, යුද්ධේ ඉවර කරන්න උදව් කරපු එක එහෙම. නමුත් ඊට සාපේක්ෂව ලොකු අර්බුධේකටත් රට ඇදලා දැම්මා ඒ පාලනය. ඒක නිතර්කයි මචං. මම බනින්නේ අපේ එවුන්ට. මොළයක් නැති මෙච්චරටම කෙලවන් ඉන්න එවුන්ව තාමත් පාර්ලිමේන්තුව අස්සට රිංඟවන එකට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බනිනවා නම් බනින්න වෙනවා මේ රට ප්‍රේමදාස, ජේ ආර්ගේ කාලේ ඉඳලා රට කරපු එවුන්ට. කෑවා රට. ඒ පටන් ගත්තු පනතවල් නිසානේ දේශපාලනේ ගැන තඹ දොයිතුවක් දන්නේ නැති එවුන් රට පාලනය කරන්න ආවේ. හොඳ කියන්න පුලුවන් නම් වැරදි කියන්නත් පුලුවන් මචං. ඔන්න වැරදි විතරක් කිය කිය ඉන්නවා නම් ඒක වැරදියි. යම්තාක් දුරකට රටට අවශ්යය් දේවල් දුන්නා මහින්ද, යුද්ධේ ඉවර කරන්න උදව් කරපු එක එහෙම. නමුත් ඊට සාපේක්ෂව ලොකු අර්බුධේකටත් රට ඇදලා දැම්මා ඒ පාලනය. ඒක නිතර්කයි මචං. මම බනින්නේ අපේ එවුන්ට. මොළයක් නැති මෙච්චරටම කෙලවන් ඉන්න එවුන්ව තාමත් පාර්ලිමේන්තුව අස්සට රිංඟවන එකට.
    ඔය කියන පුරස්නෙ ආවෙ මහින්දගෙ වරදින් නෙමේ පොනිල්-සිරාගෙ වරදින්, මහින්ද රට දියෙවුවෙ මහා පරිමාන ආයොජන වලින්, ඒකෙන් රටත් දියුව අවශය සම්පතුත් එකතු උනා, ඒත් මුන් දෙන්න ආවෙම චීන තරහ කරගෙන චිනෙට කුනුහරපෙන් බැනල ලොකු ලොකු ටොක් දීල පොනිල හිතාගෙන උන්නෙ ඌට සුද්ද දෙයි කියල මල්ල පුරොල.

    අගමැති උන ගමන් ටයි කොට් දාගෙන දියුව සුද්ද ලගට මොනවද හම්බුනෙ තේ කොප්පෙකුයි පාන් කෑල්ලකුයි විතරයි, ඒක කාල බීල පොනිල් ආව,හම්බුන තුට්ටුවක් නැ. ඉට පස්සෙ අවුරුදු දෙකක් විතර ගිහින් බල්ලෙක් වගේ චීනෙට ගියා, උන් පොනිලව තබේකට ගනන් ගත්තෙ නැ, හම්බුන තබ දොයිතුවක් නැ,ආයොජන නැ , ඉතින් කොහෙද සල්ලි මොන ආයොජනයද අලුතින් ඇවිත් තියෙන්නෙ.??? සල්ලි හොයන්ඩ බදු පිට බදු ගහනව,මේක මහින්දගෙ වරද නෙමේ මේ ගොබ්බයො දෙන්නගෙ වරද.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔය කියන පුරස්නෙ ආවෙ මහින්දගෙ වරදින් නෙමේ පොනිල්-සිරාගෙ වරදින්, මහින්ද රට දියෙවුවෙ මහා පරිමාන ආයොජන වලින්, ඒකෙන් රටත් දියුව අවශය සම්පතුත් එකතු උනා, ඒත් මුන් දෙන්න ආවෙම චීන තරහ කරගෙන චිනෙට කුනුහරපෙන් බැනල ලොකු ලොකු ටොක් දීල පොනිල හිතාගෙන උන්නෙ ඌට සුද්ද දෙයි කියල මල්ල පුරොල.

    අගමැති උන ගමන් ටයි කොට් දාගෙන දියුව සුද්ද ලගට මොනවද හම්බුනෙ තේ කොප්පෙකුයි පාන් කෑල්ලකුයි විතරයි, ඒක කාල බීල පොනිල් ආව,හම්බුන තුට්ටුවක් නැ. ඉට පස්සෙ අවුරුදු දෙකක් විතර ගිහින් බල්ලෙක් වගේ චීනෙට ගියා, උන් පොනිලව තබේකට ගනන් ගත්තෙ නැ, හම්බුන තබ දොයිතුවක් නැ,ආයොජන නැ , ඉතින් කොහෙද සල්ලි මොන ආයොජනයද අලුතින් ඇවිත් තියෙන්නෙ.??? සල්ලි හොයන්ඩ බදු පිට බදු ගහනව,මේක මහින්දගෙ වරද නෙමේ මේ ගොබ්බයො දෙන්නගෙ වරද.
    wada nadda buruwo kanawandum gani wage haminenne methana?