මෙනි සිරි ලන්කන්ස්

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙනි සිරි ලන්කන්ස්

    ආහ්හ්...ශිෂ්‍යත්වේ පාස් නැද්ද?

    AL වලට ආර්ට්ස් කරන්න එපා. රස්සා නැහැ..

    බඳින්නේ කවදද? ඔහොම ගියොත් ගෙදෙට්ට නාකි වෙනවා.

    තව දෙවෙනියෙක් ගේන කාලේ හරි නේද?

    අපේ රටේ බොහෝ දෙනෙක් කිරීම පැකිලීමක් නැතුව අනුන්ගේ ජීවිත වල අතිශය පුද්ගලික දේ තමාගේ ජීවිතය කරගෙන සිටිති. විලි ලැජ්ජාවකින් තොරව ඒ ගැන ප්‍රශ්න කරති.

    මේ වයසට රස්සාවක් ලැබෙනවා, මේ වයසට බඳිනවා, මේ වයසට ළමයි ;ලැබෙනවා කියා සම්මතයක් ඔවුන්ම හදාගෙන සිටිති. නමුත් එහෙම වෙන්නට ජීවිතය යනු ෂොපින් ලිස්ට් එකක් නොවේ.

    බැරක් ඔබාමා ජනාධිපති වූයේ අවුරුදු හතලිස් ගණනේදීය. ඒබ්‍රහම් ලින්කන් තුමා වැඩි වයසකදී ජනාධිපති විය. ඔප්රා වින්ෆ්රී කවදාවත් විවාහ වූයේ නැත. චේ ගුවේරා දෙ වරක් විවාහ විය. . ජෙෆ්රි බාවා ගෘහ නිර්මාණ ශිල්පියෙක් වුනේ වයස 40 ගණනුත් පැනලාය. මාර්ක් සකබර්ග් අවුරුදු 30 ට පෙර කොටි පතියෙක් වුයේය. මේ කිසිම කෙනෙක් අසාර්ථක මිනිස්සු ලෙස වර්ග කිරීමට අපිට හැකිද?

    ජීවිතය එකිනෙකාට ගත කරන්නට ලැබෙන්නේ විවිධ වූ සැලසුම් වලට අනුවය. අපි හරකුන් පිරිසක් නම් ඒකාකාරී ලෙස ජීවිතය ගෙවන්නට තිබුණි. ඉපදෙනවා, මේ වයසේදී පට්ටි දානවා. මේ මුරේදී පැටවූ ගහනවා.... ඉන් පස්සේ මේ වයස වෙනකන් කිරි ගන්නවා..ඉන් පස්සේ මේ වයස සම්පූර්ණ වුනාම මරල මස් වලට ගන්නවා.

    අවාසනාවට ලංකාවේ මිනිස්සු තමන් පට්ටි හරකුන්ගේ ලිස්ට් එකක් හදාගෙන අනික් මිනිස්සුද ඒ ලිස්ට් එකට ඇතුල් කරන්නට බලති. එසේ නොකර වෙනස් ලෙස ජීවත් වෙන්න හදන මිනිසා ගෙන් කිසිම පැකිලීමක් නොමැතිව ඒ ගැන ප්‍රශ්න කරති.

    අපි පළමුව තනිව හැදිය යුතුයි. අනුන්ගේ පුද්ගලික ජීවිත වල සාර්ථක අසාර්තකත්වය බැලීමට පෙර තමාගේ ජීවිතය සම්පූර්ණ කර ගන්න ඒ කාලය වැය කළ යුතුයි. මෙහෙම අනුගේ දේවල් ප්‍රශ්න කරන බොහෝ දෙනෙක් තම ජීවිතය ඉතාම මුග්ධ අයුරින් ගෙවා දැමූ උදවිය වෙති.

    එවැනි මිනිස්සුන් ගේ වචන වලට හිත රිදවාගෙන තමාගේ ජීවිතය ගැන කලකිරෙන්නට උවමනා නැත. ඔවුන් මේ දේවල් අහද්දීම හොඳ පිළිතුරක් දීම නැවත එවැනි ප්‍රශ්න නාහන්නට ඔවුන්ට දෙන හොඳ පාඩමකි. ඒ වගේම තමා ජීවිතයේ වැදගත් කටයුතු කළ යුත්තේ තමාගේම කැමැත්ත අනුවයි. ඔබට විවාහ වෙන්න වුවමනා නම් විවාහ වන්න...මේවා පුද්ගලික තීරන මිස අනුන්ට වුවමනා ලෙස ගත හැකි තීරණ නොවේ. ඔබ කොයි දේ කලත් ඇවසි වන්නේ එක දෙයකි ඒ ඔබේ සතුටයි.

    --------උපුටා ගන්නා ලදි-----
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thava private question ekak thama----Mokadha Karanne ? Monava kalama ,anikata mokadha ? Uta karadarayak nathnam ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    කෝල් කරලා දැන් කොහෙද ඉන්නෙ කියලා අහන උන්ව මට පෙන්නන බෑ බන්. උන්ට අපි ඉන්න තැන දැන ගන්න පට්ටම පුපේ අමාරුවක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: $Gangster$

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    agreed.gif


    Rep
     
    • Like
    Reactions: $Gangster$

    blue_in_rio

    Well-known member
  • මට අර කතාව මතක් උනේ.එක වයසක ඩයල් එකක්, වෙඩින් වලට එහෙම ගියාම අදුරන කොල්ලෙකුට කියනවලු, "ඊළඟට ඔයා තමයි" කියලා.මේ කොල්ලට මේක මල වදයක් වෙලාලු තිබුනේ.අන්කලයට කොරන්නම් වැඩක් කියලා, දවසක් මූ අන්කලයට කිව්වලු, "ඊළඟට ඔයා තමයි" කියලා.හැබැයි මළ ගේකදි. :rofl::rofl:

    මම නම් එච්චර දරුණු නෑ.ඒත් මම බදින්නැද්ද කියලා අහන උන්ගෙන් නම් මම අහන්නේ, "ඇයි ඔයා වෙඩින් එක කරලා දෙන්නද ? " කියලා විතරමයි. :yes::yes:
     
    • Like
    Reactions: $Gangster$

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට අර කතාව මතක් උනේ.එක වයසක ඩයල් එකක්, වෙඩින් වලට එහෙම ගියාම අදුරන කොල්ලෙකුට කියනවලු, "ඊළඟට ඔයා තමයි" කියලා.මේ කොල්ලට මේක මල වදයක් වෙලාලු තිබුනේ.අන්කලයට කොරන්නම් වැඩක් කියලා, දවසක් මූ අන්කලයට කිව්වලු, "ඊළඟට ඔයා තමයි" කියලා.හැබැයි මළ ගේකදි. :rofl::rofl:

    මම නම් එච්චර දරුණු නෑ.ඒත් මම බදින්නැද්ද කියලා අහන උන්ගෙන් නම් මම අහන්නේ, "ඇයි ඔයා වෙඩින් එක කරලා දෙන්නද ? " කියලා විතරමයි. :yes::yes:
    ඇත්තට දැන්ම බඳින්න අදහසක් නැද්ද..? :)
     
    • Like
    Reactions: $Gangster$

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිතරම අහන ප්‍රශ්න ටික faq විදිහට ටී ශර්ට් එකක print කරගෙන ඇඳං යන්න තියෙන්නෙ :baffled:
     
    • Like
    Reactions: $Gangster$

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මට අර කතාව මතක් උනේ.එක වයසක ඩයල් එකක්, වෙඩින් වලට එහෙම ගියාම අදුරන කොල්ලෙකුට කියනවලු, "ඊළඟට ඔයා තමයි" කියලා.මේ කොල්ලට මේක මල වදයක් වෙලාලු තිබුනේ.අන්කලයට කොරන්නම් වැඩක් කියලා, දවසක් මූ අන්කලයට කිව්වලු, "ඊළඟට ඔයා තමයි" කියලා.හැබැයි මළ ගේකදි. :rofl::rofl:

    මම නම් එච්චර දරුණු නෑ.ඒත් මම බදින්නැද්ද කියලා අහන උන්ගෙන් නම් මම අහන්නේ, "ඇයි ඔයා වෙඩින් එක කරලා දෙන්නද ? " කියලා විතරමයි. :yes::yes:

    යකෝ මනුස්සයෙක් ප්‍රස්නයක් ඇහුවම හරියට කතා කරපන් බන්
    සමහර මිනිස්සු ඕපඩුප නිසා නෙමේ ඇත්ත්ටම උබලට අපිට තියෙන ආදරේට ඔය වගේ දේවල් අහනව වෙන්න පුලුවන් ඉතින් එතකොට ඔහොම නස්පුක් උත්තර දුන්නම මිනිස්සු අපිව නහර කාරයෙක් කියල හිතනව
     

    756123KBC

    Banned
    Dec 13, 2017
    80
    5
    0
    කෝල් කරලා දැන් කොහෙද ඉන්නෙ කියලා අහන උන්ව මට පෙන්නන බෑ බන්. උන්ට අපි ඉන්න තැන දැන ගන්න පට්ටම පුපේ අමාරුවක් තියෙන්නෙ.

    ubala gedara inne kiyahan
    ubalage amma nangi akka balanne aawa kiyahan ayi kiyala ahuwoth
    aayi inna thana ahanne na
    :yes: