මෙනි සිරි ලන්කන්ස්
ආහ්හ්...ශිෂ්යත්වේ පාස් නැද්ද?
AL වලට ආර්ට්ස් කරන්න එපා. රස්සා නැහැ..
බඳින්නේ කවදද? ඔහොම ගියොත් ගෙදෙට්ට නාකි වෙනවා.
තව දෙවෙනියෙක් ගේන කාලේ හරි නේද?
අපේ රටේ බොහෝ දෙනෙක් කිරීම පැකිලීමක් නැතුව අනුන්ගේ ජීවිත වල අතිශය පුද්ගලික දේ තමාගේ ජීවිතය කරගෙන සිටිති. විලි ලැජ්ජාවකින් තොරව ඒ ගැන ප්රශ්න කරති.
මේ වයසට රස්සාවක් ලැබෙනවා, මේ වයසට බඳිනවා, මේ වයසට ළමයි ;ලැබෙනවා කියා සම්මතයක් ඔවුන්ම හදාගෙන සිටිති. නමුත් එහෙම වෙන්නට ජීවිතය යනු ෂොපින් ලිස්ට් එකක් නොවේ.
බැරක් ඔබාමා ජනාධිපති වූයේ අවුරුදු හතලිස් ගණනේදීය. ඒබ්රහම් ලින්කන් තුමා වැඩි වයසකදී ජනාධිපති විය. ඔප්රා වින්ෆ්රී කවදාවත් විවාහ වූයේ නැත. චේ ගුවේරා දෙ වරක් විවාහ විය. . ජෙෆ්රි බාවා ගෘහ නිර්මාණ ශිල්පියෙක් වුනේ වයස 40 ගණනුත් පැනලාය. මාර්ක් සකබර්ග් අවුරුදු 30 ට පෙර කොටි පතියෙක් වුයේය. මේ කිසිම කෙනෙක් අසාර්ථක මිනිස්සු ලෙස වර්ග කිරීමට අපිට හැකිද?
ජීවිතය එකිනෙකාට ගත කරන්නට ලැබෙන්නේ විවිධ වූ සැලසුම් වලට අනුවය. අපි හරකුන් පිරිසක් නම් ඒකාකාරී ලෙස ජීවිතය ගෙවන්නට තිබුණි. ඉපදෙනවා, මේ වයසේදී පට්ටි දානවා. මේ මුරේදී පැටවූ ගහනවා.... ඉන් පස්සේ මේ වයස වෙනකන් කිරි ගන්නවා..ඉන් පස්සේ මේ වයස සම්පූර්ණ වුනාම මරල මස් වලට ගන්නවා.
අවාසනාවට ලංකාවේ මිනිස්සු තමන් පට්ටි හරකුන්ගේ ලිස්ට් එකක් හදාගෙන අනික් මිනිස්සුද ඒ ලිස්ට් එකට ඇතුල් කරන්නට බලති. එසේ නොකර වෙනස් ලෙස ජීවත් වෙන්න හදන මිනිසා ගෙන් කිසිම පැකිලීමක් නොමැතිව ඒ ගැන ප්රශ්න කරති.
අපි පළමුව තනිව හැදිය යුතුයි. අනුන්ගේ පුද්ගලික ජීවිත වල සාර්ථක අසාර්තකත්වය බැලීමට පෙර තමාගේ ජීවිතය සම්පූර්ණ කර ගන්න ඒ කාලය වැය කළ යුතුයි. මෙහෙම අනුගේ දේවල් ප්රශ්න කරන බොහෝ දෙනෙක් තම ජීවිතය ඉතාම මුග්ධ අයුරින් ගෙවා දැමූ උදවිය වෙති.
එවැනි මිනිස්සුන් ගේ වචන වලට හිත රිදවාගෙන තමාගේ ජීවිතය ගැන කලකිරෙන්නට උවමනා නැත. ඔවුන් මේ දේවල් අහද්දීම හොඳ පිළිතුරක් දීම නැවත එවැනි ප්රශ්න නාහන්නට ඔවුන්ට දෙන හොඳ පාඩමකි. ඒ වගේම තමා ජීවිතයේ වැදගත් කටයුතු කළ යුත්තේ තමාගේම කැමැත්ත අනුවයි. ඔබට විවාහ වෙන්න වුවමනා නම් විවාහ වන්න...මේවා පුද්ගලික තීරන මිස අනුන්ට වුවමනා ලෙස ගත හැකි තීරණ නොවේ. ඔබ කොයි දේ කලත් ඇවසි වන්නේ එක දෙයකි ඒ ඔබේ සතුටයි.
--------උපුටා ගන්නා ලදි-----