මෙමා එක්කල යළි කතා නෑ...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මෙමා එක්කලා යළි කතා නෑ
    කියා තිබුනලු වෙන කෙනෙක් හා...
    කාරියක් නෑ එහෙම කෙරුවට
    වෛරයක් නෑ මගෙ හිතේ නම්...

    නොදන්නා වූ දෙයක් හරිහැටි
    අල්ලගෙන කරනා කියන දේ...
    මමයි හරි නම් කෝප ගත යුතු
    සියල්ලම කණපිටට පෙරලුනු...

    කතා නොකළත් කමක් නෑ මට
    හිනාවක්වත් ඕනේ නෑ...
    බැලුවෙවත් නැති වුනත් කම් නෑ
    හිතේ කෝපය නිම වනා තුරු...

    නමුදු සත්‍යය දැන සිටියෙ නම්
    කිසිදිනක නොකියාවි ඒ ලෙස...
    සිදු වුනා වූ දේ සැබෑවට
    විශ්වාස නොකරාවි කිසිවෙක්...

    ස. මභීර ර.
    2210231908
    'ස. මභීර ර.' පළකිරීම : 2210231934

    #smabheerar
    #spn
     
    • Like
    Reactions: kinkon

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ස. මභීර ර.
    2210231908
    'ස. මභීර ර.' පළකිරීම : 2210231934
    Confused Little Girl GIF
     
    • Haha
    Reactions: s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    https://elakiri.com/threads/spn.2111468/
    මේකේ තියනව, ස. මභීර ර. කවුද කියල...
    උඩ තියෙන්නෙ කවිය ලියල ඉවර කළ වෙලාව.
    'ස. මභීර ර. පළකිරීම' කියන්නෙ කලින් ඒ නමින් තිබුන fb acc එකක post කළේ. ඒ post කළ වෙලාව. පස්සෙ ඒක delete කරලා ඒ ටික page එකට ගත්ත.