මෙයා කවුද charitha attalage

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,760
    113
    ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අධිමාත්‍ර පෙති වල උරුමක්කාරයා.
    "Music කවදාවත් මට cheat කළේ නෑ."
    __________________________________________________

    188845090_4671793829504617_459619784478752023_n.jpg



    ඔහු සරල මනුස්සයෙක්. බොරු සෝබන නෑ. Show එකට trend එකට Music කරේ නෑ. තමන්ගෙ සංගීත ගමනට Political Support එක ගත්තෙ නෑ. Tv, Radio channels වලට සල්ලි දීලා ඔහුගේ සිංදු ප්‍රචාරය කරගන්න උත්සාහ කරේ නෑ. කොටින්ම කිව්වොත් ඔහු අනුගමනය කරන්නේ තමන්ටම ආවේණික වූ philosophy එකක්.
    දිනක් YouTube Interview එකකදි ඔහු කිව්වේ ඔහු ලංකාවේ Music කියන දේ නිරෑපණය කරන typical artist කෙනෙක් නෙවෙයි කියලා. ඒ ඔහු එහෙම නිරූපණය වන ආකාරයේ දේවල් නොකරන නිසා බවත් ඔහු ප්‍රකාශ කරා. ඔහු Tv, Radio programs වලට සහභාගී වෙන්නේ නෑ. Facebook fan page එකක් run කරන්නේ නෑ, ඔහුට verified Instagram account එකක් නෑ . අඩුම තරමේ ඔහුට තමන්ගේ නමින් YouTube channel එකක්වත් නෑ. Technology එකත් එක්ක Music කියන දේ අලුත් අලුත් විදි වලට Experiment කරන ඔහුගේ Music Journey එකේ Main Inspiration එක වෙන්නෙ Indian Music වෙනස්ම තලයකට ගෙන ගියපු A.R. Rahman කියන ප්‍රකට සංගීතඥයා.
    ඔහුගෙ vision එක වුණේ ගුණාත්මක බවින් ඉහළ නිර්මාණයක අවසානය දකින එක. නිර්මාණයක් අවසානයේ තමන්ට ආත්ම තෘප්තිය කියලා දෙයක් ලැබෙනවා නම් ඔහුට ඕන වුනේ එච්චරයි. ඒ කියන්නෙ ඔහු සිංදුවක් එළියට දැම්මට පස්සෙ ඒකට ලැබුණු View Count එකවත් Comment ගැනවත් බලන්න ගියේ නෑ. තමන්ගෙ නිර්මාණයක් trending වෙනවද නැද්ද කියන එක කොහෙත්ම සැලකිල්ලට ගත්තෙ නෑ. ඇත්තම කිව්වොත් අද වෙද්දි ලංකාවේ YouTube trending list එකට එන සිංදු දිහා බැලුවම ඔහුගේ සිංදු ඒ list එකට එන්නෙ නැති එක පුදුමයක් නෙවෙයි. Music කරන young generation එක තමන්ගෙ Inspiration එක කරගන්න තරම් සුදුසු මනුස්සයෙක් තමයි ඔහු.
    අද වෙද්දි ඔහුගේ නාමය ලාංකීය තාරුණ්‍යයේ වැඩි පිරිසක් වැළඳගෙන ඉවරයි. පොඩිම පොඩි fan base එකකින් පටන් අරගෙන දැන් ඒක සැළකිය යුතු ප්‍රමාණයක එකක් වෙලා තියෙනවා දකින්නත් සතුටුයි. ඒ fan base එක හරිම naturally හැදුන fan base එකක්. ඔහුගේ නිර්මාණ වලට වරක් ඇබ්බැහි වුණොත් ආයෙ ඒකෙන් මිදෙන්න ලේසි නෑ හරියට මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වුණා වගේ. මමත් ඔහුගේ ලොකු Fan කෙනෙක් නිසා මම ඒක අත්දැකීමෙන්ම දන්නවා.
    "ගලන ගඟ",
    "රහත් හිමිවරුන්",
    "කම්පා නොවන් මහාමායා",
    "සකුරා"
    වගේ නිර්මාණ තමයි මගේ personal favourites අතර උඩින් තියෙන්නෙ.
    ඔහුගේ මෙතෙක් නිර්මාණ වල දැවැන්තම එකතුවක් සිනමාත්මක අත්දැකීමක් ආකාරයෙන් අපට තිළිණ කරපු කුවේණි ප්‍රසංගය ආසියාවේ හොඳම ශ්‍රව්‍ය දෘශ්‍ය සිනමාත්මක අත්දැකීම ලෙසින් A.R.Rahman සමඟ සම රන් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ පහුගිය අවුරුද්දෙ. කාලෙන් කාලෙට එන කිසිම හරයක් නැති සංගීත රැලි වලට අහුවෙන්නෙ නැතිව තමන්ගෙම කියලා අපූරු රැල්ලක් ලංකාව තුළ නිර්මාණය කළ, ශ්‍රී ලාංකීය සංගීතයේ අධි මාත්‍රා පෙති වල උරුමක්කරු.
    ඔහු නමින් චරිත රක්ෂිත අතලගේ.
    Charitha Rakshitha Attalage
    "Music කියන්නේ Addiction එකක්.. ඒ වෙලාවේදි ඔලුවට ගේන Emotion එකට හරියන්නේ මොකක්ද ඒක තමා Music කියන්නේ.. ආදරේ කියන්නේත් Emotion එකක්.. ආදරේ වගේ දෙකක් Classify කරන්න අමාරුයි.. මියුසිකුත් Classify කරන්න අමාරුයි.. මට Music එක්ක තියෙන ගනුදෙනුව ඊට වඩා වෙනස්.. මියුසික් කියනකෙනා මනුස්සයෙක් නම් මට වැඩක් නෑ එයාගේ පෙනුම මොකක්ද එයා කාලෙන් කාලෙට වෙනස් වෙනවාද එහෙම නැත්නම් එයාට තරහ යනවද එයා මට කැමතිද නැද්ද කියන දේ.. මට ඕනේ එයත් එක්ක Emotionally ගනුදෙනුවක් කරන්න.. Music මට කවදාවත් Cheat කරලා නෑ..
    " - Charitha Rakshitha Attalage-
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Mata nam muge okkoma music eka wage....
    Mula 1k 2k hoda gathiyak tibba podi aluth vibe ekak hinda...eetapasse apu hama ekama ekama wage
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අපරාදෙ සිංදු YOUTUBE එකටවත් දාන්නෙ. ඒකත් නොකර ඉන්න තිබ්බ. බොරු සෝබන ටෝක්.
    අපරාදෙ මෙහෙම බොරු සෝබන පම්පෝරි Article එකක් ලිව්වෙ
    එය ප්‍රසිද්ධියට අකමැතිනම් ගෙදරට වෙල කරන දෙයක් කරගෙන ඉන්න දෙන්න තිබ්බෙ
    music වගේ දේවල් මහජනතාවට රස විඳින්න නිර්මාණය කරන්නෙ ඒව ජනතාවට විඳින්න දෙන්නෙ නැත්නම් ගෙදරට වෙලා තනියමචූන් එකක් අරගෙන ඉන්න තියෙන්නෙ
    නල්ල මලේ Professional music artist

    හවසට බීල ගෙදර ට වෙලා සීපද කියන සිරිපාල වගේ මින්හටත් මාර හැකියාවක් තියෙනව ඒත් facebook, youtube, instagram මොනවත් නෑ
    මිනිහ ගයන්නෙ මිනිහගෙ ගෑනිට
     
    Last edited:
    • Haha
    Reactions: ncpasan and dmsupun