මෙය යහපාලනය

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    බුද්දිමතුන්ගේ කියවීමට පමනි..
    ..........යහපාලනය......
    1 අපේ රට දැන් කේතුමතී පුරයක්.
    2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.
    3 ඔක්කොම හොරු මෙගා ඩීල් ඇල්ලුවා.
    4 වේලේ සුදා කුඩු දුමිය හිරේ දැම්මා
    5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.
    6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්‍රවාහණ නැව් සේවයක් දාල -
    7 රටපුරාම හාරල හාරල හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්.
    8 යෝශිතගේ රත්තරන් අශ්වයෝ සීප්ලේන් මිනිසුන්ට නොමිලේම ප්‍රදර්ශනයට තියලා,
    9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ ටැක්සි සර්විස් එකක් දාල.
    10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල.
    11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් සමගියක් .
    12 ශ්‍රී ලන්කන් මිහින් ලංකා විකුනනවා කියන්නෙ බොරුවට.
    13 දැන් විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසියි.
    14 රටේ අරාක්ෂාව වෙන කිසිම කාලයකටවත් වඩා තහවරු වෙලා..පාතාලයෙක් බේතකටවත් හොයා ගන්න නැහැ..පොලිසි වලට වැඩ ඇත්තෙම නැහැ
    15 මෛත්‍රී රට යන කොට තනියෙන්මයි යන්නේ.
    16 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.
    17 බඩුමිල පොහොර මිල පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ.
    18 පඩිය 10000/= ක් ම වැඩිකරලා. බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා
    19 රු කෝටි 50000 හොරකම මහ බැoකුවේ ලොක්ක කරා කියල කියන්නේ ඉරිසියාවට.
    20 ඇමතිවරු 25යි එයාලත් පයින්මයි යන්නෙ.
    21 ජනාධිපතිගේ අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..පුතා දහම් දැන් පුෂ් බයිසිකලේට බැහැල හරිම ආදර්ශමත් පුත්‍රයෙක්
    22 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා
    23 රටම සoවර්ධනය වෙනව කර්මාන්ත පුරයක් වගේ..
    24 ස්වාදීන කොමිෂන් පිහිටුවලා දේශපාලන පලිගැනීම් නවත්තලා
    25 අපිත් එක්ක අමෙරිකාව බ්‍රිතාන්‍ය නෝර්වේ ගොඩාක්ම යාලුයි...
    26 ආර්තිකය කඩාගෙන වැටිලා කියල මූල්‍ය අරමුදල බොරු කියන්නෙ.
    27 රනවිරැවන්ව එරෙහිව කොටි ඩයස්පෝරාව ගේන්න හදපු යුද අපරාද කොමිසමත් අමෙරිකාවට කියලා නවත්ත ගත්තනේ, දැන් රනවිරැවන් සියලු චෝදනාවලින් නිදහස්...
    28 කිසිම හමුදා නිලධාරියෙක් එෆ් සී අයි ඩී ගෙනාවෙත් නැහැ...
    29 මත්තල අංග සම්පුර්න වී ගබඩාවකුත් ගුවන් තොටුපලේම විවෘත කලා..ඒකෙන් ගුවන් තොටුපලට දේශීය, විදේශීය ලොකු පිලිගැනීමක් ලැබුනා..
    30 කිව්වා වගේම ජනාධිපතිතුමත් පොලොන්නරැවේ ඉඳළමයි රට පාලනය කරන්නේ..
    31 අගමැති තමා කිව්ව රැකියා ලක්ෂදහයෙත් පලමු අදියර මේ අවුරැද්ද අවසානෙට පෙර ආරම්භ කලා..
    32 වොක්ස්වාගන් කර්මාන්ත ශාලාවත් දැන් බරටම වැඩ,රැකියා එමට, ඉතාම පහසු මුදලකට කාර් එකක් ගන්නත් පුලුවන්..
    33 ෆෙඩරල් ඉල්ලන යුද අපරාද කොමිසම ගේන්න ඕනෙමයි කියන සම්බන්දන්ලාගෙ, විග්නේෂ්වරන්ලගෙ ප්‍රජා අයිතිය අහෝසි කලා..
    34 මේ සහජීවනයෙ සංහිඳියාවෙ සතුට නිසා රාජ්‍ය සේවකයො,වෛද්‍යයවරැ, ගොවියො ශිෂ්‍යයො ගුරැවරැ, සංඝයා වහන්සේලා දිනපතා පාරට බැහැලා පෙලපාලි යමින් සතුට සමරනවා...

    35 මුලු රටම එකම පවුලක් වගේ ෆ්‍රී වයි ෆයි වලින් එකමුතුවෙලා.
    .....මෙය යහපාලනය නම් විය....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    6% GDP for Education :lol:

    :shocked::shocked::lol::lol:

    ලස්සන වචනවලට....යහපලනේට රැවටුනා. කට්ටිය පාඩමක් ඉගෙන ගත්තද?.
    එත් දුක තමයි අයිත් පාරක් රැවටෙයිද? නාගනන්දගේ, දම්මිකගේ නුල් බැලුවහම හිතුනු දෙයක්

    අයිත ලස්සනට රැවටෙයි
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    නෙක්ස්ට් රැවටීම - මේ ආණ්ඩුවෙන් ඉවත් වූ මුස්ලිම් කොන්ග්‍රස් ඇතුළු පක්ෂ වල මුස්ලිම් මන්ත්‍රීවරු නෙක්ස්ට් ආණ්ඩුවක ඇමති වරු ලෙස පත් කිරීම.



    eagerly wanted not to happen above
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    4 වේලේ සුදා කුඩු දුමිය හිරේ දැම්මා
    5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.

    just this happened among long list
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    නෙක්ස්ට් රැවටීම - මේ ආණ්ඩුවෙන් ඉවත් වූ මුස්ලිම් කොන්ග්‍රස් ඇතුළු පක්ෂ වල මුස්ලිම් මන්ත්‍රීවරු නෙක්ස්ට් ආණ්ඩුවක ඇමති වරු ලෙස පත් කිරීම.



    :yes::yes: