මෙරටට නෑකම් කියන සිසුවකු ඉතාලි සිසුවියක මරා දමලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    image_09c2a2a293.jpg

    රෝමයේ නිවාස සංකීර්ණයක් තුළ දී ඉතාලි ජාතික 17 හැවිරිදි පාසල් සිසුවියක් ඝාතනය කර ඇගේ සිරුර කසල බැහැර කිරීමට යොදා ගන්නා ඉටි බෑගයක් තුළ සඟවා පොළියත් මත තබාගෙන තල්ලු කරගෙන යමින් සිටි බව කියන එම වයසේම පසුවන එරට සම්භවයක් ඇති ශ්‍රී ලාංකික පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
    මෙසේ ඝාතනය කර ඇත්තේ මාරියා මිෂෙල් කෝසෝ නැමැති පාසැල් පාසල් සිසුවියකි.
    කසල බැහැර කරන ස්ථානයකට ගොස් සිරුර සැඟවීම සඳහා මෙසේ රැගෙන යමින් සිට බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
    මෙම සැකකාර සිසුවා ශ්‍රී ලාංකික අඹුසැමි යුවළකට ඉතාලිය දී උපත ලැබූ ඔවුන්ගේ පවුලේ සිටි එක ම දරුවා ය.
    ඉතාලි ජාතික සිසුවියගේ පියාට නිවාස කිහිපයක්ම තිබෙන අතර ඇය ඝාතනය කර ඇත්තේ මින් එක නිවාසයක් තුළදීය.
    මෙම සිසුවා හා මෙම සිසුවිය අතර කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් සිසුවිය එම සම්බන්ධතාවය නතර කිරීම නිසා ඇතිවූ වේදනාව මට මෙවැන්නක් කර තිබෙන බවත් ඉතාලියේ නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන එමිල් රංජන් මහතා එරටේ සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ලංකාදීපයට පැවැසීය.
    ඉතාලි ජාතික සිසුවියගේ සිරුරේ පිහි ඇනුම් පහරවල් හයක් පමණ දක්නට තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
    රෝමයේ, ප්‍රිමවිල් (primavlle) ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක දෙවැනි මහලේ නිවසක් තුළදී මෙම 17 හැවිරිදි ඉතාලි ජාතික සිසුවියකට පිහියකින් ඇන ඉකුත් 28 වෙනිදා ඝාතනය කර ඇත.
    ට්‍රොලියක් තල්ලු කරගෙන යන මෙම හුරුබුහුටි තරුණයා ගැන ඇති වූ සැකයක් මත ඉතාලි ජාතිකයකු එම තරුණයා ගෙන් ප්‍රශ්න කර ඇත.
    ලොකු මාළු කූරි කිහිප දෙනකු රැගෙන යන බව මෙම ශ්‍රී ලාංකික සිසුවා පවසා ඇතත්එම ඉතාලි ජාතිකයා මෙම තරුණයා ගැන ඒ අසල අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකුට දැනුම් දී තිබේ.
    පොලිස් නිලධාරියා පැමිණ පරීක්ෂාකර බැලීමේදි කසල බැහැර කරන උරය තුළ බහා තිබූ මෙම දාහත් හැවිරිදි පාසල් සිසුවියගේ සිරුර දැකගැනීමට ලැබී ඇත.
    ඉතාලි පොලිස් නිලධාරියා පොලිතීන් උරය පරීක්ෂාකර බලන අතර අතරවාරයේ දී සැකකාර සිසුවා පලාගොස් තිබූ අතර පසුව ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
    ඉතාලි සිසුවිය ඝාතනය කිරීමට යොදා ගත් බවට පැවසෙන පිහියක්ද සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු අනුව පෙරේදා 30 වෙනිදා ඉතාලි පොලිසිය විසින් සොයාගනු ලැබීය.
    ඝාතනයට ලක් වූ සිසුවියගේ පියා ආබාධිතයකු නිසා ඔහු කිහිලිකරු ආධාරයෙන් ගමන් කරන අයකු බවත් දියණියගේ ඝාතනය අසා ඔහු සිද්ධිය වූ ස්ථානයට පැමිණ වේදනාව දරා ගත නොහැකිව හඬා වැටෙන ආකාරය දක්නට ලැබුණු බවත් රන්ජන් මහතා සඳහන් කරයි.
    සැකකාර සිසුවාගේ මව සහ පියා වෙන්නප්පුව, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි අය වෙති.
    සැකකාර සිසුවා ඉතාලියේ උපත ලබා ඇති නිසා ඔහුට එරට පුරවැසිභාවය ලැබී ඇත.
    දියණිය සමග මෙම සිසුවා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව තමා දැන සිටි බවත් ඔහු ඉතා හොඳ දරුවකු බවඇයගේ මව තමා සමග පැවසූ බව එමිල් රංජන් මහතා කීය.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,300
    17,336
    113
    මොන මඟුලක්ද ඵහේ පුරවැසියෙක් කරගෙනත් ලංකාවේ ඵකෙක්ලු.ඔය වගේ දේකට ඵහෙම කියයි ඒත් උෟ ඔලිම්පික් මෙඩල් ඵකක් ඵහෙම දින්නනම් ඔහොම ලංකාවේ ඵකෙක් කියල කියයිද.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මොන මඟුලක්ද ඵහේ පුරවැසියෙක් කරගෙනත් ලංකාවේ ඵකෙක්ලු.ඔය වගේ දේකට ඵහෙම කියයි ඒත් උෟ ඔලිම්පික් මෙඩල් ඵකක් ඵහෙම දින්නනම් ඔහොම ලංකාවේ ඵකෙක් කියල කියයිද.

    uwa jathaka karala thiyenne lankawe adu kulen
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඉතාලි සිහිනය ඉතුරු ටික හිරගේ ඇතුලේ තමයි වගේ
    මේ කතාවේ තරුණයා මැරුම් කෑවා නම්, පුවත පලවෙන්නේ "ලාංකික සිසුවෙකු ඉතාලියේදී මැරුම් කයි" කියලා මිසක්, "මෙරටට නෑකම් කියන සිසුවෙකු මැරුම් කයි " කියලා නොවෙයි. යම් ජයග්‍රහණයක් ලැබූවෙකු තමන්ගේ කර ගැනීමට උත්සාහ කරන අතරම අපරාධයක් කල අයෙකු තමන්ගේ නොවන බව පෙන්වීමට උත්සාහ කිරීම හැම රටකම වගේ මාධ්‍ය කරන දෙයක්.

    මේ ගැන කියැවෙන හොඳ උදාහරණයක් මීට අවුරුදු සීයකට විතර ඉස්සර පුවත් පත් වාර්තා දෙකක තිබුන බව කියැවෙනවා. Pharlap නමින් හැඳින්වුන, නවසීලන්තයේ උපත ලැබූ, එනමුත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වුන අශ්වයෙක් එකල සියළු ජයග්‍රහණ අත්පත් කරගෙන ඇමරිකාවේ තරඟ වලට සහභාගී වීමට ඇමරිකාවට යාම, පුවත් පත් වාර්තා කර තිබුනේ "Aussie" horse conquer the world ලෙසයි.

    කෙසේ නමුත්, නොයෙකුත් ප්‍රශ්න (වස දුන්නා කියලයි කියන්නේ) නිසා ඒ අශ්වයාට ඇමරිකාවේදී කිසිම ජයග්‍රහණයක් ලබා ගන්න බැරි උනා. එවිට ඒ පුවත් පතම, "Kiwi" horse failed to meet expectations කියලා පල කළා.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    මහ එවුන් පදිංචි මෙහේ කියලා තියෙන්නේ ඇයි යකෝ? එතකොට අරූ විතරයිද ඉතාලියේ ඉන්නේ
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,722
    21,437
    113
    මේ කතාවේ තරුණයා මැරුම් කෑවා නම්, පුවත පලවෙන්නේ "ලාංකික සිසුවෙකු ඉතාලියේදී මැරුම් කයි" කියලා මිසක්, "මෙරටට නෑකම් කියන සිසුවෙකු මැරුම් කයි " කියලා නොවෙයි. යම් ජයග්‍රහණයක් ලැබූවෙකු තමන්ගේ කර ගැනීමට උත්සාහ කරන අතරම අපරාධයක් කල අයෙකු තමන්ගේ නොවන බව පෙන්වීමට උත්සාහ කිරීම හැම රටකම වගේ මාධ්‍ය කරන දෙයක්.

    මේ ගැන කියැවෙන හොඳ උදාහරණයක් මීට අවුරුදු සීයකට විතර ඉස්සර පුවත් පත් වාර්තා දෙකක තිබුන බව කියැවෙනවා. Pharlap නමින් හැඳින්වුන, නවසීලන්තයේ උපත ලැබූ, එනමුත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වුන අශ්වයෙක් එකල සියළු ජයග්‍රහණ අත්පත් කරගෙන ඇමරිකාවේ තරඟ වලට සහභාගී වීමට ඇමරිකාවට යාම, පුවත් පත් වාර්තා කර තිබුනේ "Aussie" horse conquer the world ලෙසයි.

    කෙසේ නමුත්, නොයෙකුත් ප්‍රශ්න (වස දුන්නා කියලයි කියන්නේ) නිසා ඒ අශ්වයාට ඇමරිකාවේදී කිසිම ජයග්‍රහණයක් ලබා ගන්න බැරි උනා. එවිට ඒ පුවත් පතම, "Kiwi" horse failed to meet expectations කියලා පල කළා.
    බෙල්ජියම් football ප්ල්යේර් Romelu Lukaku කියලා තිබ්බා එහෙ මීඩියා පොර දිනද්දි කට පුරා කියනවා අපේ බෙල්ජියම් ජාතික Lukaku කියලා හැබයි පොර ෆේල් වෙද්දි කොන්ගෝ සම්භවයක් තියෙන Lukaku කියලලු කියන්නේ....මිනිහා බෙල්ජියමේ ඉපදිලටත්....
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    බෙල්ජියම් football ප්ල්යේර් Romelu Lukaku කියලා තිබ්බා එහෙ මීඩියා පොර දිනද්දි කට පුරා කියනවා අපේ බෙල්ජියම් ජාතික Lukaku කියලා හැබයි පොර ෆේල් වෙද්දි කොන්ගෝ සම්භවයක් තියෙන Lukaku කියලලු කියන්නේ....මිනිහා බෙල්ජියමේ ඉපදිලටත්....
    සදාචාරාත්මක මාධ්‍යකරණය
     
    • Sad
    • Like
    Reactions: NRTG and NaiRobi

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,672
    113
    Piliyandala
    ශිංගල ජාන ඉතින් කැලේආරූ උනාට වෙනස් වෙන්නේ නෑ.. දැන් ඩොමැස්ටික් වැඩ වලටත් සින්හලුන්ව ගන්න බය ඇති ඔය වැඩ වලින් වෙන්නේ..
     
    • Like
    Reactions: visalbro and NRTG