මෙරට කොවිඩ් තත්ත්වය October 10, 2020 10:03 am

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    දිවුලපිටිය හා මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1083 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    දිවුලපිටිය කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරේ ආශ්‍රිතයන් 24 දෙනෙකු සහ මිනුවන්ගොඩ ඇගලුම් කර්මානත ශාලා සේවකයින් තිදෙනෙකු සහ වෙනත් ආශ්‍රිතයින් තිදෙනෙකු ඊයේ (09) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

    ඊයේ දිනය තුළ පමණක් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 35 දෙනෙකු හඳුනාගෙන ඇත.

    විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 05 දෙනෙකුද කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු , කුවේට් සිට පැමිණි අයෙකු සහ ඉන්දීයානු ජාතික නාවිකයින් දෙදෙනෙකු ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගෙන තිබේ.

    ඒ අනුව මේ වන විට මෙරටටින් සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 4523 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ඉන් ආසාදිතයින් 3296 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 1214 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍ය අංශය පැවසුවේය.