මෙර්වින් සිල්වා එජාපයට!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මෙර්වින් සිල්වා එජාපයට!

    ආණ්ඩුවේ බල මහිමයෙන් මෙතෙක් කල් වැජඹුණු මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ වනවිට අන්ත අසරණ තත්වයකට පත්වී ඇත. එයට හේතුව වන්නේ රාජපක්ෂවරුන් වෙනුවෙන් දිවි දීමට සුදානම් වූ මර්වින්ම රාජ උදහසට ලක්වීම හේතුවෙනි.

    මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඔඩෙල් වෙළඳ සැලේ රථ ගාල තුලදී ප්‍රහාරයක් එල්ලවීම සමගය. ප්‍රහාරයට පැමිණ තිබුනේ ආරක්ෂක අංශ වලට අයත් වාහනයකි.

    පහර දුන් අය සෙවීමට පොලීසි තමාට අවශ්‍යය නෑ කියූ මර්වින්ට අද ඒ පිලිබඳ හෝඩුවාවක් වත් සොයාගැනීමට නොහැකිව ඇත. පොලිස් පරීක්ෂණ ද මේවනවිට යටගොසිනි. එම ප්‍රහාරය මර්වින්ම දන්නා පරිදි තමන් දිවි දීමට සුදානම් වූ පාර්ශවයේම පුත්‍රයෙකුගේ බලපෑමක් මත එල්ල වුවක් බවට මේවනවිට තොරතුරු හෙළිවී තිබේ. මර්වින්ද පසුගිය කාලේ තම හිතවතුන්ට පවසා තිබුනේ එවන් කතාවකි.

    තිරයෙන් පිටුපස මර්වින් අසරණ වුවත් මයිකෆෝනය ඉදිරිපිට ඔහුගේ සුපුරුදු අහංකාරකම පවත්වාගැනීමට මර්වින්ට මේ මොහොත වන විටත් හැකියාව ලැබී ඇත.

    රාජ උදහසට ලක්වූ මර්වින් පසුගියදා කියා සිටියේ රාජපක්ෂවරුන්ට තමා එපා වුවත් මැරුණත් විපක්ෂයට නොයන බවය. එසේ වුවහොත් තමා ගෙදර යන බවද මාධ්‍යයට පවසා තිබුණි. ඇතිවී තිබෙන තත්වය අනුව මර්වින්ට දැන් ගෙදරද සිටිය නොහැක. මන්දයත් බුද්ධි අංශ නිලධාරින් මර්වින් හා මාලක පසුපස පන්නන හෙයිනි.

    ගෙදර සිටීමට බැරි මර්වින් ඇමරිකාව බලා යාමට සිය පුතු සමගින් වීසා ඉල්ලීමක් කලද එයද පසුගියදා ප්‍රතික්ෂේප වුනි.

    අවසානයේ මර්වින් ට සිදුවුයේ විපක්ෂයේ ආරක්ෂාව පැතීමය. ඒ අනුව විපක්ෂයේ ප්‍රභල මන්ත්‍රීවරයෙකුට පසුගියදා දුරකතනයෙන් ඇමතුමක් ලබාදුන් මර්වින් ඔහු මුහුණදුන් ඉරණම එකින් එක විස්තරකොට ඇත. පැයකට ආසන්න කාලයක් මර්වින් එම ඇමතිවරයා සමග සංවාදයේ යෙදී ඇත. එහිදී දෙදෙනා අතර යම් යම් එකඟතාද සිදුවී ඇත. පසුගියදා සිංගප්පුරුවේදී ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සමග මර්වින් රහස් හමුවක් යොදාගෙන තිබුණි.

    මේ සියල්ල අතර විපක්ෂයේ අරමුණ වන්නේ 2014 සඳහා අයවැය ඉදිරිපත්වන මෝහතේදී මර්වින් හරහා තීරණාත්මක තීන්දුවක් ලබාදීමටය. එය දයාසිරි ජයසේකර ආණ්ඩුවට එක්වූ මොහොත මෙන් උණුසුම් විය හැක.

    අනෙක් පැත්තෙන් පක්ෂ මාරුව මර්වින්ට අලුත් දෙයක් නොවේ. වර්තමානයේ ජනපති වර්ණනා කරන අයුරින් ඔහු එකල විපක්ෂ නායකවරයා වර්ණනා කළේය.

    මේ අතර පසුගියදා මර්වින් හා සෝභිත හිමියන් අතර රහස් හමුවක් පැවති අතර එම රහස් හමුව ජනපතිවරයාට රහසක් නොවුයේ අප කලින් සඳහන් කලාක් මෙන් බුද්ධි අංශයේ සාමාජිකයන් මර්වින් සිල්වා පසුපස ලුහුබැඳ තිබු හෙයිනි.

    ඒ අනුව සෝභිත හිමියන් හමුවී අවසාන වනවාත් සමග ජනපතිවරයා ගෙන් මර්වින්ට දුරකථන ඇමතුමක් ලැබී තිබුණු අතර ජනපතිවරයා මර්වින්ට සිනාමුසු කටහඩින් පැවසු වදන්වල අරුත වුයේ "මර්වින්ගේ ගමන ගැන ජනපති දන්නවා" යන අදහසකි.

    copyright
    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/09/blog-post_2636.html#ixzz2eb3OxtoJ
     
    • Like
    Reactions: agrmrs

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆේක් නිවුස්,උබ කොහොමද.....:angry::angry:
    එකෙකො ඔනෙ නැ:rolleyes::rolleyes:
    ඇත්ත නිවුස් එකක් :yes:
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    4e3y.jpg



    මර්වින්ට පු@ දෙන එකෙක්ට රිදිලා :lol: :lol: :lol:.රෙප්+ තමයි දීලා තියෙන්නේ (වැරදිලා ):love: :lol: :lol: . නමත් දැම්මනම් හොදයි කොල්ලෝ ලොල්ලෙක් වෙන්නේ නැතුව :growl: :growl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔකව අපෙ පක්ශෙට ගන්නෙ නැහැ ඔකාගෙන් රහස් ටික දැන ගන්න විතරයි ආශය කරන්නෙ
    අපෙ කට්ටිය. රට කලා එජාපයත් කන්න දෙන්නෙ නැහැ ඔකුන් වගෙ උන්ට අපෙ රනිල් සර්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    රනිල් unp එකේ උපදේශක විදියට තියල මර්වින් නායකයා විදියට පත් කරොත් හොදයි. unp එක නග්ගල ගන්න පුළුවන
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අහෝ දිට්ට ධම්ම වේදනීය කර්මයද මේ පලදෙන්නේ :lol: (මේක ඇත්තනම්)
    එයාල මෙයාල හැමදාම වගේ පක්ෂ මාරුකරයි විලි ලැජ්ජාවක් නැතුව
    දැන් රටට ආදරේ කවුරුවක් ලංකාවේ දේශපාලනේ කියන අසුචි ගොඩට වැටෙන්නේ නැහැ
    කීයක් හරි හම්බකරගන්න ලෝක අනාථයෝ තමයි ලංකාවේ දේශපාලනේ ඉන්නේ හැම පක්ෂෙම බැලුවොත් (හොඳ අයත් ඉන්නවා ඇති ඒත් බහුතරයක් හොරු නිසා හොඳ කවුද නරක කවුද කියල හොයන්න බැහැ)
    පක්ෂ මාරුකරලා උන් ගොඩයයි ලංකාවේ මිනිස්සු හැමදාම අනාතයි මේ ජරා දේශපාලනේ නිසා අහෝ අපි කල කරුමයක මහත:(
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    2014 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආපෞ ගමන් මැරවින් ,මාලක විතරක් නෙමෙයි ,රාජපක්ෂලා සහ ඇමතිවරුන්ගේ මැරකම් හොරකම් එලි වෙනකොට එයාලත් හොරෙන්ම ඇමරිකාවට හෙමින් සැරේ මාරු වෙයි.සමහර එවුන් ස්විට්සර්ලනතයට පනී.සල්ලි තියෙන රටවලට යයි.
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    2014 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආපෞ ගමන් මැරවින් ,මාලක විතරක් නෙමෙයි ,රාජපක්ෂලා සහ ඇමතිවරුන්ගේ මැරකම් හොරකම් එලි වෙනකොට එයාලත් හොරෙන්ම ඇමරිකාවට හෙමින් සැරේ මාරු වෙයි.සමහර එවුන් ස්විට්සර්ලනතයට පනී.සල්ලි තියෙන රටවලට යයි.

    තොගේ පොනිල් ඉන්නකම් කොහේද බන් ආන්ඩුවක් එන්නනේ හොද නායකයෙක් පත් කරන්න කියපන් අපිත් සපොර්ට් එක දෙනවා ඊට පස්සේ හොරු ටික එලවන්න

    :lol::lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තොගේ පොනිල් ඉන්නකම් කොහේද බන් ආන්ඩුවක් එන්නනේ හොද නායකයෙක් පත් කරන්න කියපන් අපිත් සපොර්ට් එක දෙනවා ඊට පස්සේ හොරු ටික එලවන්න

    :lol::lol::lol::lol:

    මර්වින්ව එක්සත් ජාතික පක්ෂෙට ගන්නේ නෑ.මහින්දගේ රහස් සේරම විකල්ප වෙබ් සයිට් මීඩියා කාරයන් දන්නවා.