මෙල්බන් මෙට්‍රෝ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මෙල්බන් මෙට්‍රෝ

    ඊයේ ඔසී මැච් එක දිනලා කොල්ලො කෙල්ලො ගෙදර යන ගමන් මෙල්බන් මෙට්‍රෝ එකේ බජවුවක් දාගෙන ගිහින්. මේක ගැන නිව්ස් එකක් ගොසිප් ලංකා එකේ දාල තිබුන. ඒකට හැමෝම වගේ ගොඩක් විවේචනේ කරලා කමෙන්ට්ස් දාල තිබුන. මම මේක දිහා බලන්නෙ මද්‍යස්තව. ඒ උනාට අපි හැමෝම එක විදිහට නෙමේනෙ හිතන්නෙ. එළකිරි වාසීන් කැමතිනම් එයාල මොනවද හිතන්නෙ කියල කියන්න බලන්න.





    මේ තියෙන්නෙ ඒකෙ තිබුන සමහර කමෙන්ට්ස්

    ගෙම්බා · 14 hours ago
    සතුට ප්‍රකාශ කරන්න තැන නොතැන සලකන්න ඕනැ කියලයි මගේ අදහස.. ඔය රට ලංකාව නෙවේනෙ.. පොදු දුම්රියක අනිත් අයට බාදා කරමින් ආතල් ගැනීම වැරදියි මොකද ඒ අයගෙ රටේදිම ඒ මිනිස්සු ඉස්සරහම fun ගන්න එකෙන් නිස්කාරන අප්‍රසන්නතා ඒ මිනිස්සුන්ගෙ හිත් වල ඇතිවෙනව... අපිට ඉන්දියාවෙ Team එකයි ඒ ක්‍රිකට් ලෝලීන්වයි සදහටම අප්‍රසන්න ඔන්න ඔය වගේ දේවල් හින්දනෙ..අපිත් ඒ තැනට වැටෙන්න ඕනෙ නැහැ කියලයි මම කියන්නෙ..


    Jayantha Silva · 5 hours ago
    ඉස්සර ලංකාව හා පාකිස්තානය අතර මැච් ගහනවිට පාක්ස්තානය ස්කෝර කරන විට මෙහෙ මුස්ලිම්ල චියර් කරනවා. ඒතකොට ලංකාවෙඅපි දෙස් කීවා. දැන් ලංකාෙව් අය ලංකාව ඒපාවෙලා ඒහෙ ගිහින් ඉන්නේ ඒ් අයගෙ හොද කම කියමුකො. ඒතකොට ඒ් අය ගේ සිත් රිදවන ඒක හරිද?


    Osiya · 2 hours ago
    මේ ගොන් රැලගෙ වාසනාවට තමයි මැදිරියෙ ඉන්න සුද්දො complain කළේ නැත්තෙ. මෙහෙ කෝච්චි වල හැම මැදිරියකම තියනවා intercom system එකක්. මගීන්ට අපහසුතාවයක් වුනොත් ඩ්‍රයිවර්ට කතා කරළා කියන්න පුළුවන්. එතකොට ඩ්‍රයිවර් කතාකරළා පොලිසිය හෝ PSOලා ගෙන්නනවා - ඊළඟ ස්ටේෂන් එකේ නවත්තපු ගමන් අත් අඩංගුවට ගන්න.
    මේවා හපන්කම් නෙමෙයි - තමන්ගෙ රට ලැජ්ජාවට පත් කරන නොපනත්කම් - අමන කම්. මේ වීඩියෝ එකේ ඉන්න එවුන් මේක බලනවා නම්, උඹලා ගැන ලැජ්ජා වෙයල්ලා. මැදිරියෙ හිටපු සුද්දන්ට පින් දීපල්ලා. උඹලා යහතින් ගෙදර ගියෙ උන්ගෙ ඉවසීමට පින් සිද්ද වෙන්න. ගොන් හැත්ත!


    මාරය · 3 hours ago
    අර නටන එකී ලංකාවේ කොහොම නැටිලි නටන්න ඇතිද
    ඔබේ අදහස 7755 ට sms කර වටිනා තෑගි දිනාගන්න


    නීතිඥ පෙරේරා 111p · 11 hours ago
    ලංකාවෙ නොවෙන එවුන් බලනව ඇති මුන් කොහෙන් පාත් වෙච්ච ගෝත්‍රිකයො රැලක්ද කියල. උන්ගේම රටේ උන්ටම වද දෙනවා. ලැජ්ජයි!


    Dinusha · 6 hours ago
    උබලා අමාරුවෙන් බෝට්ටුවේ ගිහිල්ලා ලංකාව වෙනුවෙන් ඉන්න එක ගැන හරිම ආඩම්බරයි බ්‍රෝ..


    makka · 15 hours ago
    ගෝත්‍රිකයෝ වගේ නේ, not good for Sri Lanka


    නීතිඥ පෙරේරා 111p · 11 hours ago
    ඉඳල ඉඳල මැච් එකක් දින්නම ලෝලීන්ට සතුටුයි තමයි. හැබැයි පොදු ප්‍රවාහන සේවයක අනිත් මිනිස්සු ඉස්සරහ නොදියුණු ගෝත්‍රික රැළක් වගේ තමනුත් රටත් හෑල්ලු කරන එක ඉතා නරක දෙයක්. සාමාන්‍යයෙන් මෙල්බන් කියන්නෙ ලංකාවෙ මිනිස්සු ටිකක් වැඩිපුර ඉන්න මරියකඩේ වනාත වගේ ටවුමක් කියල තමයි අපි අහල තියෙන්නෙ. සුද්දොත් ඒක දන්නව ඇති. ඔය සිඩ්නි බ්‍රිස්බන් වගේ නගරවල ලාංකිකයනුත් අඩුයි ලාංකිකයන්ට තියෙන නම්බුවත් හොඳයි කියල අපි අහල තියෙනව. මේව ප්‍රසිද්ධ මාධ්‍යවල ගියාම අර වැදගත් එවුන්ටත් ඉන්න නෑ. අපි අහල තියෙනව ඔය ජපානෙ යුරෝපෙ වගේ දියුණු තැන්වල කෝච්චිය ඇතුලෙ දුරකථන සංවාදයක්වත් කරන්නෙ නෑ කියල. ගිහින් නටපල්ලකො ක්ලබ් එකකට.


    නීතිඥ පෙරේරා 111p · 11 hours ago
    ඔය ලංකාවෙ මුස්ලිම් එවුන් පාකිස්තානේ ආවම චාජ් වෙන්නෙ හීනමානෙ නිසා. ඒ වගේම ලංකාවෙ සිංහල එවුනුත් ඔස්ට්‍රේලියාවට ලංකාවෙ ටීම් එක ගියාම චාජ් වෙන්නෙත් ඒ හින්දම තමයි. වෙන මොනව කියල ලාංකිකකමක් පෙන්වන්නද? ඇමෙරිකාවෙ මිනිස්සුන්ට නාස එක පෙන්නතෑකි. ජපානෙ මිනිස්සුන්ට සුපිරි විද්‍යාව තාක්ෂනය පෙන්වතෑකි. ඉතාලියෙ එවුන්ට ලම්බෝගිනියක් හරි පෙන්වතෑකි. අපේ එවුන්ට පෙන්නන්න තියෙන්නෙ ඉතින් අප්පොච්චිගෙ සාටකෙයි රැවුලයි තමයි.


    Sanj · 11 hours ago
    මෙහෙ ඉන්න ගොඩක් අය සිංහල බැ සිංහල කෑම උයන්න දන්නේ නැහැ වගේ ඉන්නේ . Match එක දවසට මුනේ පාට ගාගෙන විකාර කරනවා


    Asoka · 11 hours ago
    ඒ රටටත් ගිහිල්ලා ඉවරයි. මුන් මේ කරන පිස්සු වැඩ නිසා තම්බින්ටයි දෙමළුන්ටයි සමලින්ගිකයන්ටයි විතරයි මේ රටවල් වලට යන්න වීසා ලැබෙන්නෙත් දේශපාලන රැකවරණ දෙන්නෙත්


    Indrajith · 4 hours ago
    නැති බැරි කම නිසා, ලංකාවේ හරි හමන් රැකියාවක් නැති නිසා, උගත් කම තිබුනට හොඳ ජොබ් එකක් නැති නිසා නේද උඹල ඔය රට ගියේ , ගිය තැන කන්නේ නැතුව ඒ රටට support ekak දීල ඉඳපන් , සුද්දා යන්න කිව්වොත් උඹලට යන්න තකුත් නැහැ නේද කියල හිතල බලලා, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා , අනික හරි team එක තවම ඉන්දියාවේ


    පිස්සා · 3 hours ago
    ඕස්ට්‍රේලියාව ලංකාවක් වෙනුවට නම් අපි කැමති නෑ. කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න පුළුවන් රට විනාස කරන්න එපා. කරන බලු වැඩක් ජඩ වැඩක් ලංකාවට ගිහින් කර ගන්න.


    පර්සි · 14 hours ago
    ලංකාවේ ඉන්න කුහක බල්ලන්ට තමන්ගේම එවුන් ඔසී ඉඳන් අපේම ටීම් එකට සපෝර්ට් කරනවා බලාගන ඉන්න බැරුව මේකට අගේන්ට්ස් කමෙන්ට් දානවා.

    සුපිරියි! නංගිගෙ ඩාන්ස් එකත් එල.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Pakistan team 1kata lankawedi ape hambayo cheer karana ekai...mekai patalawa ganna epa...mokada hambayo unath..un ape rate un...ithin sinhala apita kenthiyana 1ka sadaranai.....a unata ausi wala ahema siddiyak naha...api mona job 1k kalath mona uni 1ke egana gaththath...api ausi minissunta pita rata minissu..(api pita minissu) a nisa apita ape rate team 1kata cheer kala kiyala kauruwath mukuth kiyanne na...eth hamadema wenna one seemawak athulatha...katawath karadarayak nowi..
     
    • Like
    Reactions: lodbrok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නටන්නේ වේස කමට නෙවෙයිනේ. මේ වගේ වෙලාවකට නැති නැටුම කොයි වගේ වෙලාවට නටන්නද. සුද්දො ටික පව්. උන් ෆුල් අන්දොස්
     
    • Like
    Reactions: lodbrok

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පොදු දුම්රියක අනිත් අයට බාදා කරමින් ආතල් ගැනීම වැරදියි wisehsyen shabda karalaa
    ආතල් ගැනීම වැරදියි පොදු දුම්රියක mona rate unath
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    පොදු දුම්රියක අනිත් අයට බාදා කරමින් ආතල් ගැනීම වැරදියි wisehsyen shabda karalaa
    ආතල් ගැනීම වැරදියි පොදු දුම්රියක mona rate unath

    true :yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පොදු දුම්රියක අනිත් අයට බාදා කරමින් ආතල් ගැනීම වැරදියි wisehsyen shabda karalaa
    ආතල් ගැනීම වැරදියි පොදු දුම්රියක mona rate unath

    ඒක ඒ ඒ අවස්ථාව අනුව තමයි මචන්. මැච් එකක් ඉවරවෙලා යන අන්තිම ට්‍රේන් එකේ යනකොට ඔහොම දෙයක් කරාට මමනම් වරදක් දකින්නෙ නෑ. කොහොමත් ඒ වෙලාවට ට්‍රේන් එකේ යන්නෙ බීල කුණුහරප කිය කිය යන සුදු මහත්තුරු.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒක ඒ ඒ අවස්ථාව අනුව තමයි මචන්. මැච් එකක් ඉවරවෙලා යන අන්තිම ට්‍රේන් එකේ යනකොට ඔහොම දෙයක් කරාට මමනම් වරදක් දකින්නෙ නෑ. කොහොමත් ඒ වෙලාවට ට්‍රේන් එකේ යන්නෙ බීල කුණුහරප කිය කිය යන සුදු මහත්තුරු.

    awulak na ban ට්‍රේන් wala oluwen hitagena giyath nata nataa giyath namuth
    shabda karalaa athal ganna ekata minissu kamathi na :no:

    කොහොමත් ඒ වෙලාවට ට්‍රේන් එකේ යන්නෙ බීල කුණුහරප කිය කිය යන සුදු මහත්තුරු.

    kawuru karath varadi ban eka lankave unda rate unda neme
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නටන්නේ වේස කමට නෙවෙයිනේ. මේ වගේ වෙලාවකට නැති නැටුම කොයි වගේ වෙලාවට නටන්නද. සුද්දො ටික පව්. උන් ෆුල් අන්දොස්

    සිරාවට.... මම දන්න ඕන තරම් කෙල්ලො ඉන්නවා මාර ෆන් ගන්න හැබැයි දෙකට ගනින්න බෑ වගේ ඉන්න අම්මන්ඩිලා කරන තුට්ටු දෙකේ වැඩ කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සිරාවට.... මම දන්න ඕන තරම් කෙල්ලො ඉන්නවා මාර ෆන් ගන්න හැබැයි දෙකට ගනින්න බෑ වගේ ඉන්න අම්මන්ඩිලා කරන තුට්ටු දෙකේ වැඩ කරන්නෙ නෑ.

    :yes::yes:

    awulak na ban ට්‍රේන් wala oluwen hitagena giyath nata nataa giyath namuth
    shabda karalaa athal ganna ekata minissu kamathi na :no:

    කොහොමත් ඒ වෙලාවට ට්‍රේන් එකේ යන්නෙ බීල කුණුහරප කිය කිය යන සුදු මහත්තුරු.

    kawuru karath varadi ban eka lankave unda rate unda neme

    ඔච්චර හිතන්න එපා බන්. අපේ උන් අරක්කු සිගරට් බීලා ඇඳුම් ගලෝගෙන කබරයා දාගෙන සිංදු කිව්වේ නෑනේ. උන් බොහොම වැදගත් විදිහටනේ ඉන්නේ. බීලා වැඩිවෙලා සිංදු නොකියන බව බැලූබැල්මටම පේනවා. මෙට්‍රො එකේ යනවා කියන්නේ පට්ට බෝරින්ග්නේ බන්. අපේ රටේ ට්‍රේන් එකක කල්ලො ටිකක් හරි සුද්දො ටිකක් හරි හින්දි උන් ටිකක් හරි සිංදුවක් කියලා නට නට ගියොත් මොකක්ද බන් වෙන්නේ. උන්ගේ සංස්කෘතිය දිහා බලලා අපිට සතුටු වෙන්න බැරිද? දෙයක් ඉගෙන ගන්න බැරිද? සුද්දන්ට කේන්තිගන්න හේතුවකුත් නෑනේ බන්. උන් සැමරුවේ ලංකාවේ ජයග්‍රහනය මිස ඕස්ට්‍රේලියාව පරාජය නෙවෙයි.