මචන්ල සිම්බාබ්වේ වල කන්න බොන්න ගන්න බෑ... පුදුම ගනන්. මේ මිනිස්සුන්ට කෑම හොයාගන්න එක ලොකු ගැටලුවක් වෙන්න ඕන. මෙහේ ඉන්න උන්ට නම් කොයි වෙලෙත් කන බනේ තමා. රටට හෙන ගැහුවත් කමක් නෑ, බඩ පිරෙනවනම්. ඒත් මේ මිනිස්සුන්ට ඇත්තටම කන්න නැතුව ඇති. කන්න බොන්න නැති වෙලාවට මිනිස්සු බොහොමයක් විශ්වාසෙට ගන්න බැරි දේවල් කරනව.
අනික අපි තේරුම් ගන්න ඕන මෙතන තියෙන්නෙ සංස්ක්රුතීන් අතර වෙනසක් කියන එකත්.
උදාහරණයක් විදිහට :
සිංහල බෞද්ධ අය බොහොමයකට හරක් මස් කන එක පෙන්නන්න බෑ. පිලිකුල් කරන දෙයක්.
ඒත් ක්රිස්තියානි මරක්කල මිනිස්සු කනවා.
මරක්කලයන්ට ඌරු මස් කන එක පිලිකුල් ජනකයි. කන්නෙ නෑ කියනවනේ...
ඒවගේම අප්රිකාවෙ අලින්ව දඩයම් කරන ගෝත්ර ඉඳල තියෙනව. ඔවුන්ගේ නිර්භීතකම ඔප්පු වෙන එක ක්රමයක් තමයි ඒක. (තුවක්කු වලින් නෙමෙයි, හෙලිවලින් මරන එක) ඒවගේම අලින්ගෙ මස්, ඒවගේම මොළය, හදවත වගේ දේවල් වලට විශේෂ තැනක් ලැබෙනවා.