මෙවර අය වැයෙන් දේශීය හදුන් කූරු වලට 15% බද්දක&

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
මෙවර අය වැයෙන් දේශීය හදුන් කූරු වලට 15% බද්දක&

ඉන්දීය හදුන් කූරු ව්‍යාපාරිකයන් හා ආනයන කරුවරන් දිරිමත් කරනු පිණිස යහපාලන රජය වෙනුවෙන් රවී කරුනනානයක මහතා විසින් ඉදිරිපත් කොට සම්මත කරන ලද මෙවර අයවැය මගින් දේශීය සුවද විලවුන් සදහා 15% බද්දක් ඉදිරිපත් කොට ඇත. එම නිසා මේවන විට වෙළදපලේ දේශීය හදුන් කුරුවලට වඩා ඉන්දියාවෙන් ආනයන කරන ලද හදුන් කුරුවල මිල අඩුවී ඇත. එම නිසා බහුතර සිංහල බෞද්ධයන් හට පන්සල් ගොස් දැල්වීමට සිදුවන්නේ ඉන්දියානු හදුන්කුරුය.
තවද සුළු පරිමාණ ලෙස ව්‍යාපාර කරගෙන ගීය කර්මාන්ත කරුවන්ට තම ව්‍යාපාර ලියාපදිංචිය ඉකුත් 31 වැනිදාට ප්‍රථම අහෝසි කර ගැනීමට නොහැකි වීමෙන් තම ව්‍යාපාර කටයුතු නවතා දැමීමටද 250000 ක මුදලක් ගෙවීමට සිදු වී ඇත. පසු ගීය 31 වෙනිදා වන විට සමාගම් මැදුරේ ව්‍යාපාර ලියපදිචිය අහෝසි කර ගැනීමට තිබු දිගු පෝලිම් තත්වයද මෙයට හේතු වී ඇත. කෙසේ වෙතත් 31ට ප්‍රථම ව්‍යාපාර ලියපදිචිය අහෝසි කර ගැනීමට භාර දුන් මෙරට දේශීය සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේද ව්‍යාපාර ලියාපදිංචිය අහෝසිවී නැති හෙයින් මේ වසර සදහා යහපාලන රජය විසින් හදුන්වා දුන් වාර්ෂික බද්ද ගෙවීමට සිදු වේ යයි බියකින් පසු වේ.

වෙනදා ඔබ පන්සල් ගොස් හෝ නිවසේ දැල්වූ හදුන් කුරෙන් ඈත පිටිසර ගම්මානවල මෙම ගෘහ කර්මත්යෙන් යැපුන මිනිසුන්, ඒවා එක් කොට ඇසුරුම් කොට බෙදා හැරිය වෙළදුන්ගේ ජීවිත ආලෝකමත් වුවද. දැන් එම ජිවිත අදුර කරා ගෙන යාමට MY3 පාලනය වෙනුවෙන් ඔබ භාවිත කල චන්දය හේතු වී ඇත.
 
  • Like
Reactions: erozan

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් එම ජිවිත අදුර කරා ගෙන යාමට MY3 පාලනය වෙනුවෙන් ඔබ භාවිත කල චන්දය හේතු වී ඇත
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බහුතර සිංහල බෞද්ධයන් හට පන්සල් ගොස් දැල්වීමට සිදුවන්නේ ඉන්දියානු හදුන්කුරුය.