මෙවැනි ආණ්ඩුවක සම්මාන භාර ගැනීම දීන කමක්
මානව සමාජයේ අයහපතට සිද්ධ වෙන දේවල් නිරන්තරව සිද්ධ වෙන සියලු මානව ධර්මතා සාහසික ලෙස වනසන රටක පවතින ආණ්ඩුව දෙස සම්මාන බාර ගැනීම ඔස්සේ විදහා පාන්නේ සාහිත්‍යකරුවන්ගෙ කලාකරුවන්ගෙ දීන කම යැයි දිනපතා පුවත් පතක සාහිත්‍ය අතිරේකයක් සමග කතා බහකට එක්වෙමින් නවකතා කරුවෙකු, කෙටි කතා රචකයෙකු, කවියෙකු, විචාරකයෙකු, මෙන්ම ප්‍රකට සාහිත්‍ය දේශකයෙකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසා තිබේ.
ඒ මහතාගේ නවතම කෙටිකතා සංග්‍රහය වන "රමණීය නර්තන" කෘතිය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති අතර ඒ මහතා ප්‍රකාශ කර ඇති අදහස් පහතින් උපුටා දැක්වේ.
"මම කල්පනා කරන්නනෙ සාහිත්‍ය කලාව පවතින්න ඕනෑ ආණ්ඩුවක ඔඩොක්කුවේ නොවයි. සාහිත්‍ය කලාව පවතින්න ඕනෑ ඊට අදාළ පුද්ගලයන්ගෙ දෑතෙ කියලයි. සාහිත්‍ය කලාව බලහත්කාරයෙන් දියුණු කරන්න බෑ. මාධ්‍යවලින් ගායක ගායිකාවො හදන්න හදනවා. ඒක මාධ්‍යවල ව්‍යාපාරයක් විනා කලාවේ යහපතට සිද්ධවෙන දෙයක් නොවෙයි. සැබෑ කලාවට සාබෑ සාහිත්‍යයට ආණ්ඩුවක් ඇත්තටම දෙන සහාය කුමක්ද? ඇත්තටම සහාය දෙන්න නම් ආණ්ඩුවේ මොලේ නරක් වෙලා තියෙන්න ඕනෑ.
අවුරුද්දකට සැරයක් පොත් ටිකකට සම්මාන දුන්නට සාහිත්‍ය කලාවේ සිද්ධ වෙන අභිවෘද්ධියක් නැහැ. ඒ සම්මාන ටික දෙන්න වියදම් කරන ධනස්කන්ධය සියලු සම්මානවල වටිනාකමට වඩා හුගාක් විශාලයි. ඒ ධනස්කන්ධය වියදමු කරන්නෙ එක් එක් කෙනාගෙ ප්රතිරූප වෙනුවෙන් මිස සාහිත්‍ය කලාව වෙනුවෙන් නොවෙයි. අවාසනාව කියන්නෙ සාහිත්‍යකරුවන්, කලාකරුවන් මේ සම්මානවලට ගිජු වීමයි. මානව සමාජයේ අයහපතට සිද්ධ වෙන දේවල් නිරන්තරව සිද්ධ වෙන සියලු මානව ධර්මතා සාහසික ලෙස වනසන රටක පවතින ආණ්ඩුව දෙස සම්මාන බාර ගැනීම ඔස්සේ විදහා පාන්නේ සාහිත්‍යකරුවන්ගෙ කලාකරුවන්ගෙ දීන කමයි.
මැතිවරණයක් ළං වෙනකොට සාහිත්‍යකරුවන්, කලාකරුවන් අරලියගහ මන්දිරයට කැදවනවා. කට්ටිය යනවා. යන්නෙ තමන්ට විශාල ගෞරවයක් කියල හිතාගෙන ද? නැහැ. ඇත්ත තත්ත්වය හැමෝම දන්නවා. එහෙම ගියාම වාසියක් තමන්ට තියෙනව කියන එක තමයි හේතුව. එහෙම මානසිකත්වයකින් පෙළෙන පුද්ගලයන්ට තමන් ජීවත්වන සමාජය යථාරෑපී ලෙස නිරීක්ෂණය කරන්න පුළුවන්ද? යථාරූපී ලෙස නිරූපනය කරන්න පුළුවන්ද? ඇත්තටම බෑ. අපේ සාහිත්‍යය කියවන සමාජය දුර්වල වෙන්න මේ තත්ත්වය මූලික වශයෙන් ඉවහල් වෙලා තියෙනව කියලයි මම හිතනන්නෙ. පාඨකයෙක් මුදල් දීල පොතක් අරගෙන ඒක කියැවීමට ගත කරන කාලය වෙනුවෙන් සාධාරණ ප්‍රතිලාභයක් ලැබෙන්න ඕනෑ. එහෙම ප්‍රතිලාභයක් ලැබෙන්න නැතිනම් අනිවාර්යයෙන්ම පාඨකයා සාහිත්‍ය කියැවීම අත්හරිනවා. මොකද සාහිත්‍ය කියැවීම කියන එක මේ පවතින සමාජ ක්‍රමය තුළ බරපතළ කටයුත්තක්. විද්‍යුත් මාධ්‍ය කන්දරාවක් හුස්ම නාල්ලා කියන්නෙ ඇහුවොත් සල්ලි දෙනව කියලා. ජීවත්වීමේ මහා අරගලයක ඉන්න මිනිස්සු මේ උගුලට අහුවෙන එක ගැන පුදුම විය යුතු නෑ.
අනෙක් පැත්තෙන් මත්ද්‍රව්‍ය විශාල වශයෙන් අත්අඩංගුවට ගන්නා බවට පුවත් අද අසන්නට ලැබෙනවා. ඒත් ඒ මත්ද්‍රව්‍ය මේ රටට ගෙන්වන උදවිය ගැන අනාවරණය නොකරන්න වගබලා ගන්නවා. ඒ ඇයි? මොනවද මේ අයට දුන්න දඩුවම් කියන කාරණය ගැන කිසිම අනාවරණයක් නෑ. මේකට හේතුව මත්ද්‍රව්‍ය එක්ක දේශපාලන බලය දැඩිව සම්බන්ධ වීමයි.
තව එකක් තමයි පරිභෝජනයට නුසුදුසු ආහාර මහා පරිමාණයෙන් අලෙවි කරන තත්ත්වයක් රට තුළ තිබීම. ස්වභාවික ආහාරවලට විෂ ද්‍රව්‍ය මිශ්‍ර කිරීම. මේ වගේ කුණු වෙච්ච සමාජයක සිද්ධ වෙන සංවර්ධනය කුමක්දැයි ප්‍රශ්න නොකරන්නේ ඇයි? එය මානව සමාජයේ යහපතට කරන බලපෑම කුමක්දැයි ප්‍රශ්න නොකරන්නනේ ඇයි? ඒ අවධානය යොමුවිය යතු උදවිය සංවේදී උදවිය හොදටම අසංවේදී වීම තමයි ඛේදය.
පැහැදිලිම දේ තමයි අපි අද ජීවත් වන්නේ අතිශයින් කැළඹුණු සමාජයක. අසංවේදී බව තමයි නිරතුරුව සමාජයේ විද්‍යාමාන වන්නේ. අන්‍යයා නොඉවසන, මානව ධර්මතා නොඉවසන සමාජයකයි අප ජීවත් වන්නේ. මේ සමාජය තුළ නිරන්තරයෙන් ඇසෙන්නනේ "සංවර්ධනය" ගැනයි. මොකක්ද මේ සංවර්ධනය? ඒක වෙන කිසිවක් නොවෙයි සීමිත පිරිසකට අසාමාන්‍ය ලෙස හරිහම්බ කිරීම උදෙසා රට ලෝකෙට ණය කිරීමයි. අභාග්‍යය වන්නේ මේ ව්‍යසනය කලාකරුවන් සාහිත්‍යකරුවන් සාධාරණීකරණය කිරීමයි. ඒත් මේ ව්‍යසනයට එරෙහි විය යුත්තේ සාහිත්‍යකරුවන් කලාකරුවන් නේද? ඇයි ඒ පිරිස් නිහඩ? ඊට හේතු දෙකක් පැහැදිලියි. එකක් තමයි බහුතරයක් කලදුටුකල වළ ඉහගෙන කෑමට නැඹුරුවී සිටීම. අද තමන්ගෙ කුට්ට්ය වෙනුවෙන් කොන්ද කඩා ගැනීම පමණක් නොවෙයි හෘද සාක්ෂියට එරෙහිව නොපනත් වැඩ සිද්ධ කරන තත්ත්වයට සාහිත්‍යකරුවන් බහුතරයක් පත්වෙලා.
දෙවැනි හේතුව තමයි මරණ බය ඇතිකර ගැනීම. යම් හඩක්නැගූ මාධ්‍යවේදි මරා දැමූවේ මහ දවල්. පසුගිය දිනක උදෑසන නිවසට පැමිණ තරුණ මාධ්‍යවේදිනියක් මරා දැවුවේ මහ දවල්. මේවා කොහොමද වෙන්නෙ? මේ විදියට මිනී මරන්න පුළුවන් තත්ත්වයක් රටේ තියනව නම් ඒ රට අරාජිකයි නේද? මේ තත්ත්වයට විරුද්ධව කවුරුත් කතා නොකරන්නේ ඇයි? මරණ භය, භයානක ලෙස ඇතිකර තිබීම නේද?
අද මේ රටේ සැබෑම සංවේදී පුද්ගලයන් මහ දවල් ඝාතනය කරනවා. සැබෑ ලෙසම අසංවේදී පුද්ගලයන් රාජ්‍ය අනුග්‍රහය ලබනවා. මෙතැන තියෙනවා භයානක යථාර්ථයක්. ඒ තමයි "විනාශය" වේගයෙන් අතු ඉතිලා වැඩීම. මේ නිසා සාහිත්‍යකරුවාගේ භූමිකාව ටිකක් කුඩා වෙලා. ඇත්තටම බල රහිත වෙලා. මම අවංකව හිතනවා සාහිත්‍යකරුවන් කැපවීමේ තමන්ගේ භූමිකාව ටිකක් පුළුල් කර ගන්න අවශ්‍යයි කියල. සමාජය නවැරදිව හා නිර්භයව කියැවීමෙන් සාහිත්‍යකරුවන් බලසම්පන්න වෙන්න ඕනැයි කියල මම කල්පනා කරනවා."