https://learn.shilpa64.lk/sayura/index.php?xi=7522&xp=
(ගම මහගෙ ඉලත්තට්ටුව ගනියි. නරියා ගම රාළ වෙත යයි)
නරියා :
සුරුට්ටු ද බොන්නෙ
බුලත් ම ද කන්නෙ
ගමරාළ :
හෙනං ගෙන එන්න
සුරුට්ටුව බොන්න
(නරියා ගම මහගෙන් ඉලත්තට්ටුව ගෙන එය කපුරාළට පිළිගන්වයි. කපුරාළ දාඩිය පිඹියි.)
නරියා : පයිං ඇවිල්ල, මහන්සි ද මන්ද
කපුරාළ : ගොඩින් පැන ගත්ත, හුඟක් ළඟ හින්ද
නරියා : (සුරුට්ටුව ගෙන ඒමට පිටත් වී නැවත හැරී)
මෙහෙත් හරි වැස්ස
එහෙත් හෙම වෙන්නැ
සියල්ල :
අපොයි හරි වැස්ස
වෙලත් උතුරන්න
(නරියා සුරුට්ටුවක් ගෙනවිත් ගමරාළට දෙයි)
ගම මහගෙ : අනේ බෑනො, අපි හරි සතුටුයි මේ කටයුත්තට. කැලැව පැත්තෙ අපේ කියල කෙනෙක් ඉන්න එක කොයි තරං සහනයක් ද. දර කෑල්ලක් කඩාගන්න උනත් බයක් හැකක් නැතුව ආව හැකිනෙ.
නරියා : ඕව ගැන කල්පනා කරල තමයි මම මේ කටයුත්තට හුඟක් දැඟලුවෙ නැන්දෙ.
ගම රාළ : අනේ බෑනො, අපෙන් අවකැපෙන වචනයක් හෙම ඊයෙ පිට උනානං සමා වෙන්න ඕනෑ. අපිට මේ කටයුත්ත ගැන කිසි ම බරක් හෑල්ලුවක් තේරුණේ නැහැ.
නරියා : ඔහොම දේවල් කොහෙ ද නොවෙන්නෙ මාමෙ.
කපුරාළ : මටත් මේකට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක බොහොම ලොකු වාසනාවක් (ගමරාළගෙන්) එහෙම නේද?
ගමරාළ : අහල..දුවේ උඹේ දෑවැද්දත් ගෙනාව ඉතිං උඹට බයක් වෙන්න දෙයක් නෑ.
ගම මහගෙ : (ගම දුවගෙන්)අනේ දුවේ උඹට කරදරයක් හෙම උනේ නෑ නේද? උඹට දෙයියන්ගෙම පිහිට යි.
කපුරාළ : ඔව් ඉතිං බය වෙන්න දෙයක් නෑ...මේ නරි උන්නැහැ මේ දැවැද්ද කියන එක මනුස්ස අපේ ඉතා වැදගත් සිරිතක්. දෑවැද්ද නැති දීගෙ හරියට නැත්තං හොරට කරගත්ත එකකට සමානයි.