මෙහෙදි රැකි‍යා එහෙදි ගණිකා..

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහෙදි රැකි‍යා එහෙදි ගණිකා..

    රැකියා ලබා දෙන බව පවසා ශ්‍රී ලාංකික තරුණියන් රැගෙන ගොස්‌ සිංගප්පූරුවේදී බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීමේ මහා පරිමාණ ජාවාරමක සුලමුල හෙළිකර ගත් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය ඊට සම්බන්ධ කිරිබත්ගොඩ ප්‍රදේශයේ අඹු සැමි යුවළක්‌ සමඟ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

    බාලවයස්‌කාර දැරියක්‌ සිංගප්පූරුවට රැගෙන ගොස්‌ ගණිකා වෘත්තියේ යෙදවූ බවට ලැබුණු තොරතුරක්‌ ඔස්‌සේ විමර්ශන පැවැත්වූ ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස්‌ විමර්ශන ඒකකය මෙම ජාවාරම හෙළිදරව් කරගෙන ඇත.

    ශ්‍රී ලාංකික තරුණියන් රැගෙන ගොස්‌ ගණිකා වෘත්තියේ යෙදවීමේ සිංගප්පූරු ගණිකා මඩම පවත්වා ගෙන ගොස්‌ ඇත්තේ අත්අඩංගුවට ගනු ලැබූ අඹු සැමි යුවළේ පිරිමියා විසින් බව ද පොලිසිය සඳහන් කරයි.

    කිතුණු නේවාසිකාගාරයක සිට සුවිසල් නිවසක භාරයට පත් කළ බාල වයස්‌කාර දැරිය දිනක්‌ අසල වෙළෙඳසලකට යමින් සිටියදී ඇය රවටා ගත් හලාවත ප්‍රදේශයේ පුද්ගලයෙක්‌ දැරිය රැගෙන විත් කිරිබත්ගොඩ සිටි අඹු සැමි යුවළේ කාන්තාවට භාර දී ඇත. එහිදී ටික කලක්‌ එම දැරිය මෙරටදී ද ගණිකා වෘත්තියේ යොදවා ඇති එම කාන්තාව පසුව දැරිය හා ඇය රවටා ගෙන පැමිණි පුද්ගලයා අඹු සැමියන් ලෙස අඟවා දැරිය දහහත් වැනි වියේ සිටියදී සිංගප්පූරුවේ සිටින සිය සැමියා වෙත යවා තිබේ.

    එසේ සිංගප්පූරුවට ගිය දැරියව එම කාන්තාවගේ සැමියා විසින් දිනකට සළෙලුන් දහ දොළොස්‌ දෙනකුට අලෙවි කරමින් මුදල් උපයා ඇති බව ද පොලිස්‌ විමර්ශන මගින් හෙළි වී ඇත.

    පසුව මේ පිළිබඳ කළකිරුණු දැරිය සිංගප්පූරුවේ සිට දුරකථන මගින් තමන්ට අත් වූ ඉරණම මුලින් සිටි කිතුණු නේවාසිකාගාරයේ කන්‍යා සොයුරියකට දන්වා ඇති අතර, එහිදී එම කන්‍යා සොයුරිය සිද්ධිය මෙරට සිට සිංගප්පූරු පොලිසියට පැමිණිලි කර ඇතැයි පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය. එහිදී සිංගප්පූරු පොලිසිය මගින් දැරිය අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි දැරිය ද රැගෙන ඉහත කී කන්‍යා සොයුරිය පැමිණ ජාතික ළමාරක්‍ෂක අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද හෙතෙම පැවැසීය.

    අඹු සැමි යුවළ සමඟ අත්අඩංගුවට ගනු ලැබූ අනෙක්‌ පුද්ගලයා මෙම දැරිය සිංගප්පූරුවට රැගෙන ගිය පුද්ගලයා බව ද පොලිසිය පවසයිs.

    සිංගප්පූරුවේදී තමන් රඳවා සිටි ගණිකා මඩමේ තවත් ශ්‍රී ලාංකික තරුණියන් සියයකටත් අධික පිරිසක්‌ ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බව ද මෙම දැරිය පොලිසියට පවසා තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මියගේ උපදෙස්‌ මත ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ළමාරක්‍ෂක අධිකාරියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බුද්ධික බාලචJද්‍ර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ වැඩිදුර විමර්ශන සිදුකරති.
    http://www.divaina.com/2012/05/17/news36.html