මෙහෙමත් වේ@ ගෑණු..දුවට කියල ඵන්න කියල කෝල් කරලා ගෙදරට අාවහම මරලා🤬🤬🤬🤬🤮

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    බිරියගේ අනියම් පෙමට ජීවිතයෙන් වන්දි ගෙවූ අහුන්ගල්ලේ තිළිණ

    තිළිණගේ බිරිය ලක්මුණි චතුරි මධුෂ්කා ද සිල්වා

    තිළිණගේ බිරිය ලක්මුණි චතුරි මධුෂ්කා ද සිල්වා


    ”තාත්තේ, මං බලන්න එන්නෙ නැද්ද?“

    ”මං එනවා දුවේ“

    ”තාත්තේ දැන්ම එන්න හොඳේ, තාත්තා එනතුරු මං පාර බලාගෙන ඉන්නවා“


    කුඩා දියණියගෙන් ඇමතුම ලැබෙන විට තිළිණ සිටියේ ඔහු උපන් අහුන්ගල්ල කටුවිල නිවෙසේය. ඒ 2017 මැයි මස 29 වැනිදාය. ”බණ ගෙදරකුත් තියෙනවා. එහෙත් ගිහින් දරුවත් බලල එනවා“ සිය මවට එසේ කියූ තිළිණ එදා සවස කොස්ගොඩ වතුරවෙල බලා පිටත් වූයේ සවස පහයි තිහට තිබුණු බස් රථයෙනි. පසුදින ලැබුණු ආරංචියකට අනුව තිළිණගේ මව ඇතුළු ඥාතීන් කොස්ගොඩ වතුරවෙල නිවෙසට යන විටත් තිළිණ පුටුවක් මත අවසන් හුස්ම හෙළා තිබිණි. එසේ ඝාතනය කර තිබුණේ අහුන්ගල්ල කටුවිල පදිංචි එදිරිමුණි තිළිණ පෙරේරා නැමති අයෙකි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහකි.

    ඊට වසර හතරකට පමණ පෙර ප්‍රේම සම්බන්ධතාවයක් මත තිළිණ කොස්ගොඩ වතුරවෙල පදිංචි ලක්මුණි චතුරි මධුෂ්කා ද සිල්වා සමඟ විවාහ විය. වසරකට පමණ පසු ඔවුන්ට දියණියක් ද ලැබුණු අතර ආර්ථික අගහිඟකම්වලින් මිදී සිය පවුල් ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා තිළිණ විදේශගත වන්නේ එයින් පසුවය. තමන්ටම කියා නිවෙසක් තනා ගෙන පාඩුවේ ජීවත් වීම තිළිණගේ කුවේට් ගමනේ අරමුණ විය. ඒ, 2015 ඔක්තෝබර් මස විසි දෙවැනිදාය. ස්වාමියා රට යෑමෙන් පසු මධුෂ්කා කුඩා දියණිය ද කැටුව කොස්ගොඩ වතුරවෙල මවගේ නිවෙසට ගියාය. තිළිණ මාසිකව නොවරදවා දෙදෙනාගේ වියදමට අවශ්‍ය මුදල් එව්වේය. ගතවූයේ මාස කිහිපයකි. මධුෂ්කා අනියම් පෙමක පැටලුණු අතර සියල්ල ආරංචි වූ තිළිණ නැවත ලංකාවට පැමිණියේ සිය දියණියගේ අනාගතය වෙනුවෙන් බිරියට සමාව දී හෝ නැවත පවුල් ජීවිතය ගෙනියන්නට මඟක් සෙවීමේ අටියෙනි. රට යන්නට පෙර තිබූ සාමකාමී පවුල් ජීවිතයේ අඬදබර ඇතිවන්නේ එතැන් සිටය. එහි ප්‍රතිඵලය ලෙස මධුෂ්කා නැවත වරක් සිය දියණිය ද කැටුව කොස්ගොඩ වතුරවෙල සිය මවගේ නිවෙසට ගියාය. දියණිය බලන්නට නිතර නිතර වතුරවෙල ගිය තිළිණ සහ මධුෂ්කා අතර ඇතිවිය. මේ කාලය තුළ මධුෂ්කාගේ තවත් අනියම් සම්බන්ධයක තොරතුරු ද තිළිණට ආරංචි වන්නට විය. එයට මධුෂ්කාගේ දෙමවුපියන්ගේ ආශීර්වාදය ද ලැබෙන බවට ලැබුණු ආරංචිය තිළිණට ඉවසුම් නොදෙන්නක් විය. මේ නිසාම තිළිණ සෑම දිනකම පාහේ මධුෂ්කාගේ නිවෙසට ගොස් අඬදබර කරගැනීම ගැන මධුෂ්කාගේ පවුලේ උදවිය සිටියේ ද තිළිණ සමඟ අමනාපයෙනි.

    1.jpg
    මියගිය එදිරිමුණි තිළිණ පෙරේරා

    මේ කරදරය ඉවර කළ යුතු බව මධුෂ්කාගේ පවුලේ උදවිය සිතන්නේ මේ අතරය. දියණිය ලවා දුරකතන ඇමතුමක් ලබාදී තිළිණ වතුරවෙල නිවෙසට ගෙන්වා ගැනීම සැලසුමේ එක් පියවරක් විය. මේ කිසිත් නොදත් දියණිය සිය පියාට එන්න කියන්නේ උතුරා යන පිය සෙනෙහසිනි. දියණියගේ දුරකතන ඇමතුම අනුව තිළිණ කොස්ගොඩ වතුරවෙල නිවෙසට යන විට ඇඳිරි වැටී තිබිණි. බිරිය ඇතුළු කණ්ඩායම තිළිණ එනතුරු මඟ බලා සිටියහ. එදින ද සුපුරුදු පරිදි තිළිණ බිරිය සමඟ කතාබහක් ඇති කර ගත්තේය. ඒ වන විට මධුෂ්කාගේ අනියම් පුරුෂයා සහ ඔහුගේ මිතුරකු ද පැමිණ සිටියේය. සියල්ලෝම එකතු වී තිළිණ ඉදිරිපස අඹ ගසේ ගැටගසා පහර දෙන්නට වූහ.

    ”අපි වතුරවෙල යන විටත් තිළිණ පුතා අවසන් හුස්ම හෙළා තිබුණා. බිරියගේ අනියම් සම්බන්ධය නිසා පුතා බිරිඳගෙන් ඈත් වෙලයි සිටියේ. 29 වැනිදා සවස දියණියගෙන් ලැබුණු ඇමතුමටයි ගියේ.“ යැයි තිළිණගේ මව වන ඒ. මාලා ලලිතා ද සොයිසා පොලිස් පරීක්ෂණ ඉදිරියේ ප්‍රකාශ කර තිබිණි.

    සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මියගිය තිළිණගේ බිරිය ලක්මුණි චතුරි මධුෂ්කා ද සිල්වා සහ ඇයගේ පියා ලක්මුණි කීර්ති චන්ද්‍රලාල් ද සිල්වා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. තමා පියා සමඟ එක්ව තිළිණගේ අතපය ගැට ගසා පහර දුන් බව චතුරි මධුෂ්කා පොලීසියට ප්‍රකාශ කර තිබිණි. ඇයගේ බාල සහෝදරයා ත්‍රිරෝද රථයකින් තවත් දෙදෙනකු සමඟ පැමිණ පහර දුන්නා යැයි කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වූ කොස්ගොඩ පොලීසිය මධුස්කාගේ අනියම් පුරුෂයා බව කියන කොස්ගොඩ නානතොට පදිංචි ගුණන්දාවඩු ධනුෂ්ක ද සොසිසා සහ ඔහුගේ මිතුරකු වන එම ලිපිනයේම පදිංචි දිනේෂ් රෝහණ ද සොයිසා යන දෙදෙනා ද අත්අඩංගුවට ගෙන බළපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි.

    මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට ගතවූ කාලය වසර පහකට දින දෙකක් අඩු විය.


    බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඉකුත් විසි හත් වැනිදා තීන්දුව ප්‍රකාශ කළේ තිළිණගේ බිරිය වූ ලක්මුණි චතුරි මධුෂ්කා සිල්වාට වසර හතක ලිහිල් සිර දඬුවමක් හා රුපියල් දස දහසක දඩයක් මෙන්ම ඇයගේ පියා වූ ලක්මුණි කීර්ති චන්ද්‍රලාල් ද සිල්වා නැමැති අයට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් දස දහසක දඩයක් ද නියම කරමිනි.

    https://www.silumina.lk/2022/06/04/බිරි­යගේ-අනි­යම්-පෙමට-ජීවි­ත­යෙන්-වන්දි-ගෙවූ-අහු­න්ගල්ලේ-තිළිණ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මොලෙන් හිතන්නේ නැතුව විශ්ව දණ්ඩෙන් හිතල වැඩ කලාම මේ වගේ අකරතැබ්බ වෙනවා. අවුරුදු 25 වෙද්දි බැඳලා ළමයි හදලා රට ගිහිල්ලා ඇවිල්ල මැරිලත් ඉවරයි.
     

    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    So the girl gets only 7 years and her dad gets only 2 years of prison time? WTF? And what about the others? The younger brother? I can't understand how a murderer gets only 7 years of prison time when they have all the evidence? Either they should get lifetime or should be hanged. Shit man.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    So the girl gets only 7 years and her dad gets only 2 years of prison time? WTF? And what about the others? The younger brother? I can't understand how a murderer gets only 7 years of prison time when they have all the evidence? Either they should get lifetime or should be hanged. Shit man.
    තාත්තට අත්හිටවූ සිරදඬුවම්. පොර ඇතුලට යන්නෙම නෑ.
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට ගතවූ කාලය වසර පහකට දින දෙකක් අඩු විය.

    වසර හතක ලිහිල් සිර දඬුවමක් හා රුපියල් දස දහසක දඩයක්
    අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් දස දහසක දඩයක්.
    😂😂😂
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මොනවද බං මේ දඬුවම් . මිනිහෙක් මැරුවහම අවුරුදු 7ක් විතාරද ඇතුලත යන්නේ
    සමහරවිට මේකිට ඇප හම්බ උනේ නැද්ද දන්නෑනෙ. ලෝයර්ල තර්ක කරන්න ඇති අවුරුදු 5ක් ම රිමාන්ඩ් එකේ හිටියෙ, දුවගෙ අනාගතෙත් සලකල බලන්න කියලා. මරණකරුගෙත් මොන මොන වැරදි තිබ්බද අපි දන්නෙ නෑනෙ. කොහොමත් මීඩියා වලින් විස්තර දෙන්නෙ මරණකරුට biased විදියට
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    සමහරවිට මේකිට ඇප හම්බ උනේ නැද්ද දන්නෑනෙ. ලෝයර්ල තර්ක කරන්න ඇති අවුරුදු 5ක් ම රිමාන්ඩ් එකේ හිටියෙ, දුවගෙ අනාගතෙත් සලකල බලන්න කියලා. මරණකරුගෙත් මොන මොන වැරදි තිබ්බද අපි දන්නෙ නෑනෙ. කොහොමත් මීඩියා වලින් විස්තර දෙන්නෙ මරණකරුට biased විදියට
    කොහොමත් සංවිධානාත්මක මිනීමැරුම ක් මචං මේ ගෑනි කරලා තියෙන්නේ ආයේ දෙකක් නෑ.
    පොඩි ළමයා නිසා කොහොම හරි ගොඩ යන්න ඇති බං
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    කොහොමත් සංවිධානාත්මක මිනීමැරුම ක් මචං මේ ගෑනි කරලා තියෙන්නේ ආයේ දෙකක් නෑ.
    පොඩි ළමයා නිසා කොහොම හරි ගොඩ යන්න ඇති බං
    ඔව්. සංවිධානාත්මක උනත් කරුණු සලකා බලල තමයි තීන්දුවක් දෙන්නේ. ජජ් ට අනුවත් වෙනස් වෙන්න පුළුවන්. ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කාලෙකට කලින් වැඩසටහනක කිව්වා ජූරි ක්‍රමය ආයෙ ගේන්න ඕන ඇයි කියල. නඩු මෙහෙම ඇදෙන්නෙත් නෑ, වඩා සාධාරණ තීන්දුවක් ලබෙනවා.

    ඒකනේ බන් මන් තාම code කෑල්ලක් ගහන් cartoon එකක් බලන් ආතල් ඒකෙ ඉන්නව..24, 25න් ළමයි හදන්න මුන්ට පිස්සු නෙ..
    ඔහොම අඩු වයසෙන් ළමයි හදාගත්ත ගොඩක් උන් ජීවිත අවුල් කරගන්නවා. ලොකුම හේතුව financial stability එකක් නැති කම. අනික තමන්ට ඇති වගකීම හරියට තේරුම් නොගැනීම.
    ------ Post added on Jun 5, 2022 at 10:54 AM