මෙහෙම ගියොත් තුන්වැනි ලෝක යුද්ධය ඇතිවෙයි - ට්‍රම්ප්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    KRD7EYU5EXR2ULYE7IXEX4QEAY.jpg

    යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීමට ජනපති බයිඩන් ගේ පාලනය ගනු ලැබූ තීරණය සියල්ලන් තුන්වැනි ලෝක යුද්ධයක් කරා තවදුරටත් සමීප කරවන බවට හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

    සිය "ටෘත් සෝෂල්" සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ ජනපති ජෝ බයිඩන් දැන් සිදුකළ යුත්තේ මෙම විනාශකාරී යුද්ධය නැවැත්වීමට කටයුතු කිරීම බවය.

    එමෙන්ම යුක්‍රේන යුද්ධය සඳහා පොකුරු බෝම්බ ලබාදීමද ඔහුගේ දැඩි විවේචනයට ලක්වුණි.

    එය මානුෂීය මෙන්ම ක්‍රමෝපාය හේතූන් මතද භාවිත නොකළ යුතු බවට ඔහු අවධාරණය කළේය.

    කුඩා බෝම්බ එකක් සිය ගණනකට වෙන්වී විශාල ප්‍රදේශයක පැතිරෙන පොකුරු බෝම්බ දශක ගණනාවකින් වුවද පිපිරීමට ලක්විය හැකිය.

    මේ නිසා ඉදිරි දශක ගණනාවක් පුරා මෙම පොකුරු බෝම්බ අහිංසක යුක්‍රේන වැසියන්ව මරුමුවට පත්කරමින් ඔවුන් ආබාධිතයින් කරමින් විනාශකාරී ප්‍රතිඵල ගෙන දෙනු ඇති බව ට්‍රම්ප් පැවසීය.

    කාලතුවක්කු උණ්ඩ තොග අවසන්වීම නිසා යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදෙන බවට ජනපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය ද හිටපු ජනපති ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වුණි.

    මේ ලේ වැගිරෙන, අනතුරුදායක පාලනයකින් තොර යුද්ධය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව එමගින් ම පැහැදිලි වන බව හිටපු ජනපති ට්‍රම්ප් කියා සිටියේය.

    ජනපති බයිඩන් යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් උමතුවෙන් මෙන් කටයුතු කරන බවට ද ඔහු චෝදනා කළේය.

    නිමක් නොමැති එම යුද්ධය නිසා අමෙරිකාව දුර්වල වන බවත් තමා බලයට පැමිණිවිට සාමය උදෙසා ශක්තිය යොදවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    ජෝ බයිඩන් අනවශ්‍ය ලෙස, අනතුරුදායක අන්දමින් සියලුදෙනාව තුන්වන ලෝක යුද්ධයට තල්ලු කරමින් සිටින බවත් එය සිතාගත නොහැකි නපුරු සිහිනයක් බවත් හිටපු ජනපති ට්‍රම්ප් සඳහන් කළේය.

    මේ අතර, අමෙරිකාව යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දුනහොත් තමන්ට ද ඊට සමාන අවි යොදා ගැනීමට සිදුවන බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගේ ෂෙයිගු ප්‍රකාශ කළේය.

    රුසියාව සතුව ද පොකුරු බෝම්බ ඇති නමුත් යුක්‍රේන යුද්ධයේදී ඒවා මෙතෙක් භාවිත කර නොමැති බව ඔහු සඳහන් කළේය.

    අමෙරිකාව ගත් තීරණයට ඊට වඩා පුළුල් සහ සක්‍රිය ප්‍රතිචාරයක් ලබාදීමට රුසියාවට හැකියාවක් පවතින බව ඔහු අවධාරණය කළේය.

    එමෙන්ම රුසියානු හමුදා, අමෙරිකානු පොකුරු බෝම්බවලින් ආරක්ෂා කරගැනීමට කටයුතු කරන බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේය.

    අමෙරිකාව විසින් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීමේ තීරණයට බ්‍රිතාන්‍ය, කැනඩාව සහ ජර්මනිය ද සිය විරුද්ධත්වය පළකර තිබේ.

    මේ අතර නේටෝ සංවිධානය විසින් යුක්‍රේනයට ලබාදෙන නව යුද ආධාර නිසා ගෝලීය සංග්‍රාමයක් ඇතිවීමේ අවදානම ඉහළ යන බව රුසියාවේ හිටපු ජනපති දිමිත්‍රි මෙද්වදෙව් පවසයි.

    යුද්ධය හැරුණුකොට වෙනස් විකල්පයක් බටහිර ලෝකය ඉදිරිපත් කර නොමැති බවත් එහි අවසානය තුන්වැනි ලෝක යුද්ධය විය හැකි බවත් මෙද්වදෙව් සඳහන් කළේය.

    මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැවරොෆ් කියා සිටියේ රුසියාව පැරදවීම අරමුණු කරගත් බටහිර ආකල්පයේ වෙනසක් ඇතිවනතුරු යුක්‍රේන යුද්ධය පවතිනු ඇති බවය.

    https://www.nbcnews.com/politics/do...sion-send-ukraine-cluster-munitions-rcna93704
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    බයිඩන් කියන්නෙ සිහිකල්පනාවවත් හරියට නැති උන්මත්තකයෙක්. එක්සත් ජාතින්ගෙ සංවිධානෙත් දැන් එහෙම්පිටින්ම පුස්සක් වෙලා තියෙන්නෙ. උන් අනිත් රටවලට කරන බලපෑම්වල ස්වරූපෙ වෙනස් කරන්නෙ ඇමරිකාවට ඕන විදිහට.

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    බයිඩන් කියන්නෙ සිහිකල්පනාවවත් හරියට නැති උන්මත්තකයෙක්. එක්සත් ජාතින්ගෙ සංවිධානෙත් දැන් එහෙම්පිටින්ම පුස්සක් වෙලා තියෙන්නෙ. උන් අනිත් රටවලට කරන බලපෑම්වල ස්වරූපෙ වෙනස් කරන්නෙ ඇමරිකාවට ඕන විදිහට.

    අඩෝ උන් 1925 විතර ඉදන් ඒම තමා බන් . උන් තමා සුපිරිම නව යටත්විජිතවාදය කරන උන් .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    KRD7EYU5EXR2ULYE7IXEX4QEAY.jpg

    යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීමට ජනපති බයිඩන් ගේ පාලනය ගනු ලැබූ තීරණය සියල්ලන් තුන්වැනි ලෝක යුද්ධයක් කරා තවදුරටත් සමීප කරවන බවට හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

    සිය "ටෘත් සෝෂල්" සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ ජනපති ජෝ බයිඩන් දැන් සිදුකළ යුත්තේ මෙම විනාශකාරී යුද්ධය නැවැත්වීමට කටයුතු කිරීම බවය.

    එමෙන්ම යුක්‍රේන යුද්ධය සඳහා පොකුරු බෝම්බ ලබාදීමද ඔහුගේ දැඩි විවේචනයට ලක්වුණි.

    එය මානුෂීය මෙන්ම ක්‍රමෝපාය හේතූන් මතද භාවිත නොකළ යුතු බවට ඔහු අවධාරණය කළේය.

    කුඩා බෝම්බ එකක් සිය ගණනකට වෙන්වී විශාල ප්‍රදේශයක පැතිරෙන පොකුරු බෝම්බ දශක ගණනාවකින් වුවද පිපිරීමට ලක්විය හැකිය.

    මේ නිසා ඉදිරි දශක ගණනාවක් පුරා මෙම පොකුරු බෝම්බ අහිංසක යුක්‍රේන වැසියන්ව මරුමුවට පත්කරමින් ඔවුන් ආබාධිතයින් කරමින් විනාශකාරී ප්‍රතිඵල ගෙන දෙනු ඇති බව ට්‍රම්ප් පැවසීය.

    කාලතුවක්කු උණ්ඩ තොග අවසන්වීම නිසා යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදෙන බවට ජනපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය ද හිටපු ජනපති ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වුණි.

    මේ ලේ වැගිරෙන, අනතුරුදායක පාලනයකින් තොර යුද්ධය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව එමගින් ම පැහැදිලි වන බව හිටපු ජනපති ට්‍රම්ප් කියා සිටියේය.

    ජනපති බයිඩන් යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් උමතුවෙන් මෙන් කටයුතු කරන බවට ද ඔහු චෝදනා කළේය.

    නිමක් නොමැති එම යුද්ධය නිසා අමෙරිකාව දුර්වල වන බවත් තමා බලයට පැමිණිවිට සාමය උදෙසා ශක්තිය යොදවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    ජෝ බයිඩන් අනවශ්‍ය ලෙස, අනතුරුදායක අන්දමින් සියලුදෙනාව තුන්වන ලෝක යුද්ධයට තල්ලු කරමින් සිටින බවත් එය සිතාගත නොහැකි නපුරු සිහිනයක් බවත් හිටපු ජනපති ට්‍රම්ප් සඳහන් කළේය.

    මේ අතර, අමෙරිකාව යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දුනහොත් තමන්ට ද ඊට සමාන අවි යොදා ගැනීමට සිදුවන බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගේ ෂෙයිගු ප්‍රකාශ කළේය.

    රුසියාව සතුව ද පොකුරු බෝම්බ ඇති නමුත් යුක්‍රේන යුද්ධයේදී ඒවා මෙතෙක් භාවිත කර නොමැති බව ඔහු සඳහන් කළේය.

    අමෙරිකාව ගත් තීරණයට ඊට වඩා පුළුල් සහ සක්‍රිය ප්‍රතිචාරයක් ලබාදීමට රුසියාවට හැකියාවක් පවතින බව ඔහු අවධාරණය කළේය.

    එමෙන්ම රුසියානු හමුදා, අමෙරිකානු පොකුරු බෝම්බවලින් ආරක්ෂා කරගැනීමට කටයුතු කරන බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේය.

    අමෙරිකාව විසින් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීමේ තීරණයට බ්‍රිතාන්‍ය, කැනඩාව සහ ජර්මනිය ද සිය විරුද්ධත්වය පළකර තිබේ.

    මේ අතර නේටෝ සංවිධානය විසින් යුක්‍රේනයට ලබාදෙන නව යුද ආධාර නිසා ගෝලීය සංග්‍රාමයක් ඇතිවීමේ අවදානම ඉහළ යන බව රුසියාවේ හිටපු ජනපති දිමිත්‍රි මෙද්වදෙව් පවසයි.

    යුද්ධය හැරුණුකොට වෙනස් විකල්පයක් බටහිර ලෝකය ඉදිරිපත් කර නොමැති බවත් එහි අවසානය තුන්වැනි ලෝක යුද්ධය විය හැකි බවත් මෙද්වදෙව් සඳහන් කළේය.

    මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැවරොෆ් කියා සිටියේ රුසියාව පැරදවීම අරමුණු කරගත් බටහිර ආකල්පයේ වෙනසක් ඇතිවනතුරු යුක්‍රේන යුද්ධය පවතිනු ඇති බවය.

    https://www.nbcnews.com/politics/do...sion-send-ukraine-cluster-munitions-rcna93704

    Russians have been using cluster munitions since the beginning of the war.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් නම් මේක ලෝක යුද්ධයක් කරන් කෙලගත්තනම් ඉවරයි .

    සින්හෙල් ෆියුරා
    World war ekak wenawada hathuru pakshe inne russia witharaknam. Russia oluwen hitagattath china india keeyatawath military support deegana enne nane. Wadima unoth belarus ei puka deegana
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Mu me dagalanne 2024 president wenna.

    Thermobaric & cluster bombs dekama russia use kara war ekedi. unta witharak hoda wenna bane.
     
    • Like
    Reactions: elakiriaddict

    Similar threads