මෙහෙම දොස්තරලත් ඉන්නවා නේ බන්

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මෙහෙම දොස්තරලත් ඉන්නවා නේ බන්

14183860_1269909459694745_2621142786404783726_n.jpg


මේ රූපයෙ විස්තරය මෙසේය ..රූපයේ සිටින වෛද්‍ය වරු දෙදෙනාගෙන් ප්‍රධානියා [orthopedic]අස්ථි ශල්‍ය වෛද්‍යවරයෙකි.. අනෙක් පසින් සිටින්නේ අප බුකියේ මිතුරු වෛද්‍යවරයෙකි..2012 මෙම ඡායාරූපය ගැනීමට දින තුනකට පෙර මෙම ප්‍රධාන වෛද්‍යවරයා ගෙදරදී වැටීම හේතුවෙන් ඔහුගේ වම් අත අගින් කැබලි කීපයකටම බිඳී ගියේය...එය ඔහුගේ මැනික්කටු සන්දිය හරහා ගිය දරුනු ගනයේ බිඳුමක් වූ අතර එයට අදාල සැත්කමට ජයවර්දනපුර රෝහලේ දින ලබාතිබුනේ සතියකට දෙකකට එහා දිනය.. එතෙක් ගෙදරට වී අසනීප නිවාඩු දමා සිටිනු වෙනුවට රෝහලේ අදාල ශල්‍යකර්ම ලේඛන කල් නොදමා තම අතට තාවකාලික ප්ලාස්ටරයක් පැලඳගෙන ශල්‍යාගාරයට පැමින තවෙකෙක් ලව්වා තම අත පිරිසිදු කරවගෙන ,තවෙකෙක් ලවුවා තම ඇඳුම අතාවරන මුඛ ආවරන පැලඳගෙන තමන්ගේ අදීක්ශනය යටතේ කලයුතු ශල්‍යකර්මයන්ට සහභාගීවන අයුරුයි මේ,, මෙම රූපයේ ඔහුගේ එක් අතක් පමනක් දැකිය හැක..මොහු තමන්ගේ අතේ සැත්කමට මුහුනදෙන දිනය දක්වාම කිලෝමීටර් 30ක් දුර ගෙවාගෙන සැත්කම් වෙනුවෙන් පැමින ඇත,, ඔහුට ප්‍රවාහන පහසුකම් සැපයූයේ ඔහු නැවතී සිටින කුලී නිවසේ පහල තට්ටුවේ සිටින මිතුරු වෛද්‍ය මහතාගෙනි.. තවද ඔහුගේ අතේ සැත්කම අවසන් වූ පසුද ඔහු සැත්කම් සඳහා සහභාගී විය... මේ ඡායාරූපය ඔහුගෙන් ඉගෙනුම අවසන් කල විශෙශඥ පුහුනු ලබන වෛද්‍යවරයෙකු පුහුනුව අවසන රාමුකර ඔහු වෙත උපහාරයක් ලෙස ලබාදෙන ලදී....සිදුවීම 2012 දීය.. පසුගිය දිනක මා ඔහුගෙ නිවසට ගිය විට මෙකී පුදුම සහගත ඡායාරූපය මගේ දුරකතන කැමරාවෙන් ලබා ගත්තෙමි...සෞඛ්‍ය ක්ශෙත්‍රයේ මෙවැනි වර්ගයේ කතා බොහෝ ඇත..ඒත් ඒවා අප්‍රකටය.. මෙම සිදුවීම් දන්නේ කීප දෙනෙකි.. මීඩියා මේවා නොදනී ෆෙස්බුක් සනුහරය මේවා නොදකී..නමුත් ගහන්න යමක් ඇත්නම් පලු යනකල් එලව එලවා ගසයි.පාහර මීඩියා පරයන් රෝහලක වන අත්වැරද්දක් පෙන්වා සමස්ථ වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය ක්ශෙත්‍රයම බල්ලට දාන රටක උන්ගෙ මීඩියා වල බටර් අපට වුවමනා නැත.ඔහුගෙ අසනීප කාලය නොතකා කොපමන ජීවිත ප්‍රමානයක් කකුල් අතපය හදල ඇවිද්දවන්න ඇතිද?ඒ සැලසුම් කරපු සැත්කම් කල් ගියානම් පවුල් කීයක් ජීවිත කීයක් අබ්බගාත වෙන්න තියෙන්න ඇතිද?මේක ෆෙස් බුක් දානව කියල මේ වෛද්‍යවරු දෙදෙනම දන්නෙ නැහැ,, මට ගොඩක් වෙලාවට බැනුමක් අහන්න වේවි විශේශඥ වෛද්‍ය මහතාගෙන්.. නමුත් ගොඩක් අයට ඔවුන් අඳුරාගැනීමට අපහසුවීම හොඳ දෙයක්. කුනුවූ සමාජයක වෛද්‍ය වෘතියත් කුනු වී ඇත,, නමුත් බොහෝ ෆෙස්බුක් සාමාජිකයන් සමස්ථය කුනුවෙමින් යන රටක සුපිරි මනුසත් හොඳ වෛද්‍යවරු පමනක් සොයති,, හරියට අසූචි වලවල් වලින් පිරිසිදු පරිප්පු බලාපොරොත්තුවන්නා සේ..
හරි දැන් කියන්නකො බලන්න ඉහත සිදුවීම ගැන ඔබ දරන මතය වෙනත් ක්ශෙත්‍රයක මෙවැනි පන්නයේ සිදුවීමක් වූ විට පලමුව කරනුයේ රක්ශන වාර්තා පිරවීමය ,,ඒ වෙනුවෙන් හැකි උපරිම කාලයක් නිවාඩු යාමය,, නැවත් නිවාඩු ඉවරවී පැමිනෙනකල් අදාල නිලදාරියා වෙනුවට වැඩකරන්නො නැත.. මේ ලිපිය කියවන වෛද්‍යවරු සාක්ශිදරනව ඇති ඔවුන් ඔවුනගෙ පත්වීම ස්තිර කිරීම ,දෙවනි ශ්‍රෙනියට උසස්වීමේ ලිපිය ලබා ගැනීමට කීදවසක් තම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යයාල වල සහ විශේශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යන්ශය ඇතුලත විවිද ශාඛා තුල දින ගනන් සති ගනන් රස්තියාදු වෙමින් පින්සේන්ඩු වෙමින් ගත කර ඇතිද කියා.. වැඩි කාලයක් නැහැ පසුගිය වසරේ මාගේ බිරිඳගේ ලිපිගොනු අඩුපාඩු කාර්යයක්ශම කරගැනීමට මා ගිය විටක මගේ මිතුරන් කීපදෙනෙක්ටද ඇමතුම් දී ඔවුනගේ ලිපි ගොනුද එක් මේසයකින් තව මේසයකට යැවීමට අදාල නිලදාරීන් යොමුකරන අතරතුර ඔවුන් පැවසූවේ R අකුර කරන නිලදාරියා මාරු වී ඇති බවත් ඒ සඳහා මාස ගනනකින් අයෙක් පත් කර නැති බවත්ය,, අපේ ලිපි ගොනු අපි නොගියානම් අදටත් ෆයිල් ගොඩවල් වලට යට වී දිරනු ඇත.R අකුරට අයෙක් පත් වූයේ මේ ලඟදීය.... ඒ එක් උදාහරනයකි.. ඒ පිලිබඳ මා පෝස්ට් එකක්ද නිර්මානය කලෙමි..
ඔබ බොහෝ දෙනෙක් අපේ රටේ වෛද්‍යවරු පිටරට වෛද්‍යවරු සමග සන්සන්දනය කරනවනෙ..හරි මෙවැනි අනතුරක් වුනානම් එන්ගලන්තය ඕස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවල ඔවුන් වෙනුවෙන් කරන කැප කිරීම කුමක්ද?මෙම වෛද්‍යවරයා අඩුතරමෙ ප්‍රවාහන පහසුකම් හෝ ඉල්ලා නොතිබුන අතර අඩු තරමෙ රෝහල් පරිපාලනය එය දීමට ස්වෙච්චා වීද නැත.. මෙවැනි උදාහරන ඕන තරම් අපට දිය හැක.. එහෙමයි කියා සමස්ථ වෛද්‍ය ප්‍රජාව මාර සුපිරියි සුද්දවන්තයි කියා හුනුපිරියම් කිරීමේ මන්ද මානසිකත්වයක්ද මට නැත.කුනු වෙන රටක ඒ ජනතාව ගේ කුනුවීමට සමාන්තරවම වෛද්‍ය වෘතියත් කුනුවෙමින් ඇත.. ඔවුන්ට පමනක් වෙනම මේ ස්මාජය තුල තහවරු විය නොහැක,, ස්ත්‍රී දූශනය කරන චීවරදාරීන් පූජකයන් ස්වාමිලා වැනි පූජ්‍ය පක්ශයක් ඉන්න රටක බුද්දසාසන ඇමති කුඩු ගෙන්නපු රටක එක් වෘතියක් දිහා පමනක් වෛරයෙන් බලන දොස් කියන සතුරු මිතුරු සැම දෙනා වෙනුවෙන් ඉවසල ඉවසල බැරිම තැනයි මේ ලිව්වෙ
.. දැන් ඊලඟ කතාවට යමු..1977 විවෘත ආර්තික රටාවත් සමග රාජ්‍ය අංශයට පහර වැදීමට පටන් ගති..රජයේ සේවකයාගේ සේවය සේවයක් කොට සැලකීම වෙනුවට වැටුප් වර්දනය කිරීම වෙනුවට ඔවුනගේ සේවය විකිනීමට ඉඩ හසර ලබා දෙන ලදී,, ඒ අනුව රජයේ රෝහල් වල සේවය කර වෛද්‍යවරයාට තම අභිමතය පරිදි පුද්ගලික මධ්‍යස්ථාන විවෘත කර ස්වයං රැකියාවක් බවට එය පලමුව පත් කලෝය,, ගුරුවරයා හවසට ටියුශන් ගුරුවරයෙකු බවට පත් කලේය,, ඕශධ වේදියා හවසට පාමසියක් විවෘත කලේය,, රසායන වේදියාව පුද්ගලික රසායනාගාරයකට හිර කලේය..එකවුන්ටන්ට් මහතා වරුවකට පුද්ගලික ආයතනයක වැඩකිරීමට යොමු කලෙය....එනම් සමස්ථ සමාජයම පුද්ගලික අංශයට යොමුකර" පඩි වැඩිකරන්න නොවෙයි "හවසට ඊටවඩා දෙගුනයක් හොයාගන්න හැකියි,, මේ ක්‍රමය හොඳයි යන මතය සමාජ ගත කලා පමනක් නොව පරිභෝජකයටත් පුද්ගලික අංශය ගැන දැඩි විශ්වාසයක් ඇතිවෙන ලෙස ක්‍රමානුකූලව රාජ්‍ය අංශය දිය කරමින් පුද්ගලික අංශයට පිස්සු කෙලීමට ඉඩ හැර බලා සිටියහ..ඔබ රියදුරු බලපතක් ගන්න යන්නකො..එතැනදි නම් අඩගහද්දි එක් එක් ලර්නර්ස් වල නම් වෙනමම කියනව..තව කොටසකට කතාකරනව"ප්‍රයිවට් ආපු අය කියල" ඒ ලර්නර්ස් වලට මුදල් නොගෙවා කෙලින්ම රජය හරහා ආපු අය,, ඔවුනට කියන්නෙ ප්‍රයිවට් ආපු අය කියල... පේනව නේද පුද්ගලික අංශය අවිදිමත් ලෙස රාජ්‍ය අංශය ගිලගෙන ඇති අයුරු....ඉතින් සල්ලි හොයපල්ල කියල ගඟට තල්ලු කලාට පස්සෙ එක්කො පීනන්න ඕන නැත්නම් ගිලිල මැරෙන්න ඕන..
ඔබ දන්නවද බාහිර රොගී ප්‍රතිකාර වලින් සීයට 60ක් ආන්ඩුව කර ඇරල කියල,,,[මෙම ඡේදය කිසිසේත්ම වෛද්‍යවරු පුද්ගලික සේවයේ යෙදීම අනුමත කරමින් ලියන්නක් නොවන බව සලකන්න] රෝහල් වල බාහිර රෝගී සේවය 40/100 අඩුවෙන්..ඉතිරි ලක්ශ ගානක් දිනකට රෝගීන්ට ප්‍රතිකාරකරන්නෙ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වල..ඔබ දන්නවද එය මුදල්මය වශයෙන් ආන්ඩුවට සෘජුව ලොකු ඉතිරියක් කියල.. උන් කරන්නෙ ඔබ අප සැමගෙම බදු එකතු කරල නිදහස් සෞඛ්‍යයක් කියල බෝඩ් ලැල්ලක් ගහගෙන රොහල එපාකරවල හවසට ඩිස්පැන්සරියට යවල ,අතේ තියන තුට්ටු දෙකෙන් බෙහෙත් අරගන,හවස ටීවී එකේ නිවුස් වල දොස්තරලට පොඩ්ඩක් බැනල,ඔබලව ෆෝම් කරවල ඔබේ සතුර "හවස සල්ලි අරං බෙහෙත් දීපු දොස්තර බවට පත් කරවනව"..මෙහෙම හිතමු..අති බහුතරයක් ඔබල බලපෑම් කරන්නකො වෛද්‍යවරුන්ට රජයේ රෝහල් වල පමනක් සෙවය කරන්නත් රජයෙ රොහල් වල නැති වෛද්‍යවරු පමනක් පුද්ගලික සේවයෙ යෙදෙන්නත් පනතක් ගේන්න කියල.. ආන්ඩුව කීයටවත් කරන්නෙ නැහැ.. මොකද එහෙම වුනොත් මේ වගේ තව දෙගුනයකට වඩා සෞඛ්‍යයට වියදම් කරන්න වෙනව..එහෙම වුනොත් ආන්ඩුවෙන් දොස්තරල හැම දෙනාටම වසරකට වරක් වාහන පර්මිට් එකෙක් දෙයි ප්‍රයිවට් පැක්ටිස් කරනවට,,ඒත් ලාබ නිසා..
මේ ඡේදයත් කියවන්නකො..ලන්කාවෙ අපි මෙඩිකල් ෆැකල්ටි යන්නෙ අවුරුදු 20න් හෝ 22න් ..අති දුශ්කර පාඨමාලාවක් අවසනදි එලියට එනකොට අවුරුදු27,28, 29,, ඊට පස්සෙ අවුරුදු එකහමාරක් විතර ඉන්න වෙනව සියලු වෛද්‍යපීඨවල විභාග ඉවරකරල මෙරිට් ලිස්ට් එක දාල සීමාවාසික කාලය පටන්ගන්න,,සීමාවාසික කාලසීමාව කියන්නෙ හැම එකාම ඔලුවට අත හෝදන කසාද බඳින්නවත් නිදහස නැති ,අම්මගෙ මරනෙටත් එක දවසක් විතරක් නිවාඩු දෙන කෑම වේල් එකක් හෝ උපරිම දෙකකට සීමාවූ කාල සීමාවක්..උන් කන කට්ට ගැන මීට අවුරුද්දකට කලින් මම ලිපියක් දාල ඇති කියවන්න..ඊට පස්සෙ post intern කාලෙ තව මාස හතක් අටක් විතර දොස්තරල අඩු යුනිට් දුවවන්න දානව,, ඔන්න ස්තිර පත්වීම ලැබෙනකොට අඩු තරමෙ අවුරුදු 30,31 වෙනව...හොන්දට බලන්න දොස්තරල දිහා..උන් බන්දින්නෙ අවුරුදු30 වත් පැනල..හනිමුන් යන්නවත් නිදහසක් නැහැ,,නිවාඩු නැහැ,, අනිවාර්යයෙන් කවර් කරන්න ඕන.. තරුන කාලෙ ඉගෙනගන්න ඉවරවෙනව.. ගොඩාක් දොස්තරලගෙ දරුවො එකයි උපරිම දෙන්නයි.. තුන්දෙනෙක් දකින්නෙ කලාතුරකින්..ගොඩක් ගැහැනු සහෝදරියන් වයසත් සමග මානසික ආතතියත් සමග දරු පල රහිතවූවන් වෙනව..නෝනයි මහත්තයයි දෙන්නම දොස්තරනන් අබසරනයි,,මොකද උන් දෙන්න බොහෝ විට දෙපලක..ඒ මදිවට අවුරුදු 4ක් බලා ඉන්න ඕන මාරුවක් ගන්න,,ඒ විතරක් නොවේ අනිවාර්යයෙන් අවුරුදු 4,5 ක් යනකොට අනිවාර්යය ස්ථාන මාරු දෙනව..හොඳට බලන්න වෛද්‍යවරියො දිහා.. හොඳට අඳිනවද ෆැශන් කරනවද මේකප් එකක් දානවද.. ගොඩක් උන්ට වෙලා නැහැ,, අහුවෙච්චි එකක් අඳිනව..අහුවෙච්චි කෑමක් කනව .. බාගෙට බාගෙයක් යන්නෙ බස් වල..දරුවෙකුට අම්මෙක් වෙන්න වෙලාවක් නැහැ..
දොස්තරල ඉස්සෙල්ලම නය ගන්නෙ පූර්වසීමාවාසික අවදියෙදි සීනියර් පොරකගෙ පුද්ගලික ආයතනයක වැඩ කරද්දි. මහ ගෙවල් රෙපෙයාර් කරන්නයි කසාද බඳින්නයි දෙපාරක් නය ගන්නව.. වාහන ගන්න උත්සාහ කරන්නෙ ගොඩක් වෙලාවට කසාද බැන්දට පස්සෙ සහ ප්‍රයිවට් පැක්ටිස් පටන්ගත්තම..මොකද ලෙඩාට තමයි කාර් එකෙන් එන දොස්තරල ඕන..මලගෙදරක් වුනත් ඒක මගුලක් වගේ සලකන්න වෙනව..මගුලකට ගියත් අත දිගහැරල ගිෆ්ට් දෙන්න වෙනව... රාත්‍රී වැඩට එන්න විශෙශ ප්‍රවාහන පහසුකම් නැහැ.. තියෙන්නෙ එක්කො රොහලේ තියන මොකක් හරි කාමරේකට වැදිල ඉන්න ,නැත්නම් රෑ ප්‍රවාහනය තමන්ම සලසා ගන්න ඔන..රටේ උන් හිතන් ඉන්නව දොස්තර උනහම සුරපුරයකට යනව කියල.. පුද්ගලික මධ්‍යස්තාන වලට කොටුවෙලා හොයන සල්ලි වල තියෙන්නෙ මොන සතුටද.. ගෙදර එද්දි දරුවො ගැහැනිය නිදි කිරනව.. ආයෙ උදේ වැඩ.. ඔහොම ගිහින් ගොඩක් දොස්තරල අවුරුදු 5 පිරෙනකල් හීන දකිනව..ඒ වාහන බලප්ත්‍රය ගන්න..ඒක අති බහුතරයක් විකුනනව.. ලක්ශ 13-16 අතර මිලකට අන්සතු කරල එයින් ගෙදර හදන්න පටන්ගන්නව ගොඩක් අය.ගොඩක් මඩ ගහන උන් හිතන් ඉන්නෙ දොස්තර ප්‍රමිට් එක මන්ත්‍රී එක වගේ කෝටි ගනන් වටිනව කියල.. ,,ඒක බොරුවක්... අති බහ්තරයක් ගැහැනු වෛද්‍යවරියන් ප්‍රයිවට් කරන්නෙ නැහැ,,ඔවුන් දවසෙම රෝහලේ වැඩකරල හවස මුලු ගෙදරම වැඩ.. දොස්තරලගෙ දරුවො කන්නෙ හැදෙන්නෙ සේවකයො ලඟ..දරුවෙකුට අකුරු කියා දෙන්න කතා කියා දෙන්න වෙලාවක් නැහැ..දරුවො පාසල් දාන්න පුදුම කට්ටක් කනව.. ඒ දරුවන්ට හරි ඉගෙනුමක් නැහැ..දොස්තර අම්ම හෝ තාත්ත අනිවාර්යය අවුරුදු 4න් මාරුවීම් එනව,, එතකොට එක්කො දරුවව අරන් යන්න ඕන .නැත්නම් දරුව ගෑනි දාල ලැබෙන තැන අවුරුදු 4 වැඩකරල එන්න ඕන.. මේ කට්ට වඩාත් අදාල විශෙශඤ වෛද්‍යවරුන්ට..ගොඩක් දොස්තරලගෙ බිරිඳැවරුන්ට තම රැකියාවෙන් ඉවත් වෙන්න සිදුවෙනව.. ඒ දරුවන් වෙනුවෙන්..ගොඩදෙනෙක් සමාජයෙ අනෙකුත් පැති දකින්නෙ නැති ආත්මාර්තකාමින් වෙනව,,වෙනව නොවෙයි කරවනව..
දැන් බලමු ඔවුන් වැටුපට සෙවයක් කරනවද නැද්ද කියල....උදාහරනයක් ලෙස ශල්‍යාගාරයක් ගන්නකො.. දවසකට රත්නපුර වගේ රොහලක සාමාන්‍ය සිසේරියන් සැත්කම් පමනක් 20-30කට වඩා කරනව..ඒ 20 ම කරන්නෙ ගොඩ වෙලාවට එක් වෛද්‍යවරයෙක් ..සුද්ද උගන්වපු විදිහට කලොත් එක් අයෙක් සිසේරියන් සැත්කමක් පැය දෙක තුනක් කලයුතුයි..දවසකට උපරිම තුනක් විතර ..ඒත් අපේ වෛද්‍යවරයෙක් සුද්ද වගේ 6 ගුනයක් කරනව.. දවසකට බාහිර රෝගී අංශයක වෛද්‍යවරයෙකුට බලන්න රෝගීන් දෙසීයක් විතර එනව,, කායික රෝග ක්ලිනික් එකක ඊට වැඩියි.. ඔවුන් හැකි උපරිමය කරනව.. හැබැයි ගුනාත්මක බව අඩුයි,, ඒකට වගකියන්න ඕන පාලකයො.. හිතන්න ඔබ සිසේරියන් සැත්කමකට 120000 විතර වැය කරනව .රෝහලක එක් යුනිට් එකකින් පමනක් ලක්ශ 25ක වැඩ කරනව..ඔය අතර කොච්චර සැත්කම් කෙරෙනවද,සාමාන්‍ය ශල්‍ය වාට්ටු විශෙශිත ශ්ල්‍ය්වාට්ටුත් එහෙමයි..අනික සුද්ද්ගෙ රටේ රෝහලකට ඇතුලත් වෙන්න යන වෙලාවෙ අපේ රටේ ,රොහලට ඇතුලත් වෙලා ප්‍රතිකාරත් ලබල ආපහු යවනව.. අපේ රටේ අදටත් සායනික දැනුමට මුල්තැන දීල මිස තාක්ශනික උපකරන මත පදනම් වෙලා ප්‍රතිකාර කරන්නෙ නැහැ.. අපි APPENDICITIES, MENINGITIES,DENGUE,CHOLICYSTITIESඅඳුරගන්නෙ රෝගියා පරීක්ශා කරල.. හැබැයි හොයල බලන්න සුද්ද්ගෙ රටේ ඒවට වෙන ප්‍රමාද..අපි රෝගීන් ඇතුලත් කිරීමෙදි උනත් අමාරු ලෙඩාට තැන දෙනව.. හොයල බලන්න සුද්ද කරන්නෙ එන පිලිවෙලටද නැත්නම් රෝගියාගේ අපහසුතාවයන්ට අනුවද කියල..දැන් මේ වෙලාවෙ අපේ රෝහලට ආවොත් පපුවට පහරක් වැඩුනු ලෙඩෙක්,, අපිට ඔහුගෙ X-RAY ගන්න විදිහක් නැහැ,, නමුත් අපි ඔහුව බලල ඔහුගෙ ප්ලූරාවෙ වාතය හෝ ලේ පිරිල [HEMO/PNUMO THORAX][කියල සැක කෙරෙනවනම් සාක්ශි තියෙනවනම් X RAYකරන්න රත්නපුරේ යවනකල් බලා ඉන්නෙ නැහැ. පපුවෙ පිලූරාවට බටයක් දාල [INTERCOSTAL TUBE] ඔහුව අවදානමෙන් ගලවනව.. හොයල බලන්න ඔපරේශන් කාමර වල කොතරම් පහසුකම් අඩු තත්ව යටතෙ උනත් මේ දක්ශ නිර්වින්දන වෛද්යවරු නිර්වින්දනය කරනවද කියල.. මම දන්නව රත්නපුරේ හිටපු සමහර වෛද්යවරියන් දරුව ලැබෙන්න ඉන්න අම්මල අවදානම් තත්ව වල ආවහම ට්‍රොලියෙම සිහි නැති කරල දරුව අම්ම දෙදෙනම බේරගන්නව..මේ රොහල් වල වැඩකරන්නෙ විශෙශඥ විද්‍යවරයෙකුත් නැතිව..පහුගිය කාලෙටම මේ රෝහලේ මරන දෙකයි වාර්තාවුනේ ශල්‍යකර්මයෙන් පසු ඒව.. ඒවයෙනුත් එකක් ගෙදරත් ගියාට පස්සෙ..ඒත් දහස් ගනනක් සැත්කම් කරල මිනිසුන්ව සුවපත් කරල ඇති..මිනිස්සුන්ට ඕන උපකරන බෙහෙත් අපි ගෙන්වගන්නෙ රන්ඩු කරල.. ඒත් කුහක නූගත් බහුතරයක් යනකොට යන්නෙ බලු බැනුම් බැනල,, මොකටද ඒ? එකක් කාඩ් එක ලියන්න ප්‍රමාද උනා කියල ,, අනික ඇඩ්මිට් වෙද්දි බලන්න පරක්කු උනා කියල .අනික ශල්‍යාගාරෙ ඇතුලෙ ගොඩක් රස්තියාදු උනා කියල.. හිනා උනෙ නැහැ කරුනාව මදි කියල බනිනව,, කරුනාව නොවෙයි උදේ 8 ට ගිහින් 6,7 වෙනකල් වැඩ කරද්දි මැරෙන්න හිතෙනව,, හැලොතේන් කියන නිර්වින්දන රසායන වාශ්පය දරු ගැබට විශ සහිතයි,,ඒත් බලන්න නිර්වින්දන වෛද්‍යසොයුරියන් කීයක් බඩවල් උස්සගෙන සැත්කම් වලට උදවු දෙනවද කියල..ඩෙන්ගු රෝගීන් ඉන්න වාට්ටු වල වැඩකරපු වෛද්‍යවරු කීයක් පහුගිය කාලෙ ඩෙන්ගු හැදිල මලාද? ලය රොහල් වල වැඩකරන දොස්තරල කීයකට ක්ශය රෝගය හැදිල ඇතිද..? දරුවෙක් හදාගන්න තමුන්ගෙ මිනිහත් එක්ක බුදියගන්න වෙලාවක් නැතුව ඉන්න සොයුරියො කීයක් ඉන්නවද? අදරුවව බලාගන්න විදිහක් නැතුව රස්සාවෙන් අස්වුන වෛද්‍යවරියන් කීයක් ඉන්නවද?.. බුකියෙ ගොඩාක් ලියන වෛද්යවරියක් ලඟදි මට කතාකරද්දි කිව්වෙ ඇයගෙ සැමියාගෙ රැකියා ස්තානය සින්ගප්පූරුවට ගෙන ගිය නිසා ඇයට තනිවම සියල්ල කරගන්න බැරි නිසා ඇය සින්ගප්පූරු යන බව රැකියාවෙන් ඉවත් වෙලා..සමහර විට ඇයත් මේ ලිපියට අදහස් දක්වාවි. ඔබ දන්නවද ආන්ඩුව වෛද්‍ය සේවාස අත්‍යවශ්‍ය සේවාවක් නිසා අනිවාර්යය ප්‍රවාහන සැපයිය යුතුයි.. ඒ වෙනුවෙන් එක් වෛද්‍යවරයෙකුට රු 50000ක පමන මුදලක් ආන්ඩුවට දරන්න වෙනව,, උදාහරන ලෙස පොලිස් ASP/SSP,,, විනිශ්යකාරවරුන්ට ලබා දිය යුතු ප්‍රවාහන සේවා ලබා දිය යුතුයි,, නමුත් ඔවුන් එය මගහැර ඇත්තේ වසර 5කට වරක් දෙන වාහන බලපත්‍රයෙනි.. ඒ බලපත්‍රය අනෙකුත් බොහෝ කොටසකටද ලැබේ,,නමුත් ඇයි ජනතාව දොස්තරලට පමනක් වෛර කරන්නෙ.. ඒ ඔබලව කුලප්පු කරවල නොවේද? පාලකයට දික් කරන්න ඔන ඇඟිල්ල දොස්තරලට දික් කරල මොටද? කල්පනා කරල බලන්න,,ඉස්පිරිතාලෙ බෙහෙත් නැති වුනහම දොස්තරට බනිනව ..එතෙනට ඇමතියෙක් ආවොත් ඌව බදාගන්නව..රෝහලේ පරීක්ශන කරන්න බැරුව අපි පිටට යවද්දි මිනිස්සු කොච්චර අපිට සාප කරනවද?
තව පුන්චි අත්දැකීමක් එකතු කරන්නම්.. ඔබලාගේ වෘතීන් වල චක්‍රලේක ඇත..එයට පිටින් බොහෝ විට ඔබ නොයයි,, නමුත් වෛද්‍ය ප්‍රතිකාර වලදී නිතරම ච්ක්‍රලේක නොසලකයි,, මන්ද cඅක්‍රලේක අනුව ගියහොත් බොහෝ මිනිසුන් මහමග මැරී සිටිනු දක්නට ඇත,,,එයින්ද සුද්දා සහ අපි වෙනස්ය..2014 දෙසැම්බර් මස අවසන ජනපතිවරනයෙදී සිදුවූ එකම මරනය වූයේ කහවත්තෙනි..එදින උදේ 3.30ට පමන මාගේ බිරිඳට වෙඩි ශබ්දය ඇසී තිබිනි..ඉන් සුලු මොහොතකට පසු අප වාට්ටු භාර සොයුරා මට ඇමතුවේ හැකි ඉක්මනින් වාට්ටුවට එන ලෙසය..වෙඩි වැදුනු දෙදෙනෙක් වාට්ටුවේය..දෙදෙනාම බරපතලය...එදින මාගේ විවේක දිනයකි.. සෙකන්ඩ් ඔන්කොල් වෛද්‍යවරිය සිටියේ තරමක් ඈතකය.. විශෙශඤ වෛද්‍ය තුමාද එදින නිවඩුය.. පලමු රෝගියාට මූලික ප්‍රතිකාර කර ඉක්මනින් රැගෙන මා රත්නපුරට පිටත් විය,, දැන් දෙවන රෝගියා ගෙන යා යුතුය ,, එම රෝගියා ගෙනයාමට මා බිරිඳට කීවේය,, නමුත් ඇය රත්නපුර රෝහලට අනුයුක්තව වැඩකල නිර්වින්දන වෛද්‍යවරියකි.. කෙසේ වෙතත් දරු දෙදෙනා සේවිකාවට බලාගන්න කියා අප දෙදෙනා ගිලන් රත දෙකක රෝගීන් දෙදෙනාව රැගෙන ගියේය,, එකී භීශන සමය තුල අප ගිය ගිලන් රත වලට පවා බෝම්බ වෙඩි වදින්නට ,සාක්ශි මැරීම සඳහා විනාශ කරන්නට වුව ඉඩ නොතිබුනිද? අප එවෙලේ සිතුවේ අසරනයන් දෙදෙනා ගැනය,, එපමනක් නොව රත්නපුරට ගොස් අප දෙදෙනාම ඉක්මන් රුධිර ලබාගෙන රුදිරය පයිට් දෙකක්ද දී රොගියා ගෙන් සමුගත්තෝය..එපමනක් නොව අප රෝහලේ සෙනසුරාදා 12න් පසුව සඳුද උදේ 8 වන තුරු නිර්වින්දන වෛද්‍යවරු හිඟ නිසා නිර්වින්දන වෛද්‍යවරු සේවයේ නොයෙදේ...නමුත් මා දැනුවත්ව රත්නපුරේ සේවයෙ නියුතු මගේ බිරිඳ 7 වරක් ඉරිදා දිනවල කහවත්ත අප වාට්ටුවේ අසාධ්‍යවී පැමිනි රෝගීන්ට කෘතිම ශවසනය ලබා දීමට අදාලව බට දමා ඇත.. නමුත් අනෙකුත් වෘතිකයන් වන ඔබ වෙනත් ස්තානයක හදිසි තත්ව යටතේ එලෙස හැසිරිය හැකිදැයි මොහොතක් සිතන්න,,නිර්වින්දන වෛද්‍යවරු කොපමන නිහඬ සේවයක් සලසනවාද මා දැනගත්තේ ඇයගෙනි..

ඉතින් ඔබලම හිතන්න මේ පාලකයොම අපව ප්‍රයිවට් කරන්න වලට ඇදල දාල පස්සෙ ඔයාලව දොස්තරලට විරුද්දව උසිගන්නනව නොවෙයිද? අන්තිමට පාලකය කරන ඔක්කොම කුප්පකම් වහගන්නව... ඉතින් මිතුරනි ටිකක් දිග ලිපියක්,, අවසන් වෙනතුරු කියෙව්වනම් ස්තුතියි..මේ ලියන මමත් වෛද්‍යවරයෙක්...හැබැයි මේ ගැටලු මෙ සමාජ ක්‍රමය ඇතුලෙ මෙහෙමමයි,, පැලැස්තර අලවල වැඩක් නැහැ.. විය යුත්තෙ කුමක්ද? නිදහස් සෞඛ්‍ය සේවයක් නිදහස් අධ්‍යාපන අයිතියක් වෙනුවෙන් සහ මේ නූගත්[දොස්තරගෙ ඉඳල කොන්දොස්තර දක්වා] සමාජය ඉන් මුදවාගන්න ,ගැලපෙන සමාජ රටාවක් වෙනුවෙන් සටන් කිරීමයි.. අවුරුදු 68 කට පස්සෙ අපි හැමෝම ඇවිත් තියෙන තැන නිදහසින් පසු,, වෙනස් කිරීමටනම් මේ කාලකන්නි පාලන රටාව වෙනුවට ජනතාවට වග කියන දියුනු පාලන රටාවක් ඇති කල යුතුයි.. එය මේ මොහොතේ කල හැක්කෙ ජනතා විමුක්තිපෙරමුනට පමනයි,, ඒක කිව්වම ගොඩක් පොශ් කියල හිතන් ඉන්න අය ටිකක් පස්ස ගහවි.මෙහි අඩංගු ප්‍රශ්න මෙයට අඩු හෝ මෙයට ඉතා වැඩි ලෙස අනෙකුත් වෘතීන් තුලත් තියෙනව.. අපි ඒව කතා කරල තියෙනව..ආත්මාර්තකාමී ලෙස මගෙ වෘතියට ඇදල කතා කලා නොවෙයි.. තමන් කරන වෘතිය තුල තමන් නිවැරදියි දොස්තරල තමයි මේ සමාජෙ නරකම වගේ ගොඩ දෙනෙක් කතා කරන්නෙ,, ඉතින් අනිත් දේවල් වගේම මෙම වෘතිය ගැනත් කතා කල යුතුයි... නමුත් මතක තියාගන්න මේ ලිපියෙ කියල තියන පීඩාව වැඩි කරනව මිස අඩු කරන්නෙ නැති බව මේ නිල් කොල පාලකයන්.. ස්තුතියි කියෙව්වනම්.. මම තුසාර ජයසූරිය.. මේ ලිපිය ලිව්වෙ මම.. මේ ලිපිය මා විශ්වාස කරන ජවිපෙ දේශපාලනයට හෝ එකී පක්ශයට මඩක් ලෙස යොදා නොගන්න කියලත් ඉල්ලනව,, මේ ලිව්වෙ හිරකරගෙන උන්නු අදහස්,, බැරිම තැන
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව මොනද බන් මගෙත් අත කැඩිලා තියෙද්දි මම වැඩට ගිහිල්ලා තියෙනවා ඔව මැඡික් නෙවෙයි දොස්තරලා කියලා අමුතු ඡාතියක් නෙවෙයි.
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව මොනද බන් මගෙත් අත කැඩිලා තියෙද්දි මම වැඩට ගිහිල්ලා තියෙනවා ඔව මැඡික් නෙවෙයි දොස්තරලා කියලා අමුතු ඡාතියක් නෙවෙයි.

    :yes::yes:

    මේ සමාජය තුල මතයක් තියෙනවා දොස්තරලා කියන්නේ අමුතු පිරිසක් කියලා. ඔවුන් අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් කියලා.
     
    • Like
    Reactions: WhiteWalker

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    :yes::yes:

    මේ සමාජය තුල මතයක් තියෙනවා දොස්තරලා කියන්නේ අමුතු පිරිසක් කියලා. ඔවුන් අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් කියලා.
    ඔනම කෙනෙක් ඔනාවට වඩා පුම්බන්න ගියාම පිම්බෙනවා. දොස්තරලත් එකයි මන්ත්‍රීත් එකයි.. ගමේ ලිදක් කපපුවහම කොඩි දාලා මල්මාලා දාලා මන්ත්‍රීව ගෙනල්ලා ලිද විවෘත කරනවා, ඉතින් ඌ පිම්බෙනවා, මිනිස්සු හිතන්න ඔනා ඌගේ රස්සාව ඒක නේද? ඌව මන්ත්‍රී කලේ ගමේ පොදු වැඩවලට නේද? එහෙනම් මොකටද ඌට මල්මාලා උත්සව.. මොකො ඌ ගෙදරින් ගෙනත් ලිද කැපුවද? නැනේ. ඒ වගේ තමා දොස්තරලත්, ඒක උන්ගේ ජොබ් එක. වැඩේ කියන්නේ ලන්කාවේ නොමිලේ දෙන නිසා මිනිස්සු දොස්තරලට වදින්නේ නැති ටික විතරයි.. දොස්තරලත් අඩියක් විතර උඩින් එහෙම මිනිස්සු දෙකට නැමුනම.. වෙන රටවලනම් ඔක්කොම සල්ලි වලට නිසා ඩොකා ඔපරේශන් එක නොකලොත් ඌට සල්ලිත් නැ, හොස්පිටල් බොඩ් එකෙන් ඌව ඉන්ටඩික්ට්, ඊට අමතරව ඩොකාට පේශන්ට කම්පන්සේශන් එකකුත් ගෙවන්න වෙනවා.. ඉතින් ලෙඩත් එකයි ඩොකත් එකයි.. ඔකට හොදම උදාහරනේක්‍රිස් නොනිස් අපේ හිටපු එන්ගලන්ත තානාපති. කොහොමද දවසක් එන්ගලන්තේ බීබීසි එක තියපු සාකච්චාවකට ක්‍රිස් මහින්දව නග්ගලා තිබ්බා කියලා ලන්කාවේ උන් කාටුන් ඇන්දා, බීබීසි එකේ මාදයවේදියා කිච උනා කිව්වා.. අන්තිමට මාස ගානින් කනට ගහලා ක්‍රිස් නොනිස් එලෙව්වම එලවපු එකා මාර පොර.. එතකොට ක්‍රිස් කැලේ.. ඌ දේශ්ද්‍රොඉහියි.
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    Kohoma unath doc la kynne hithana taram sepen Inna minissu tkk nam neme bn.. Rajayen lebenne higana padiyak.. E nisai private karanne.. Eyalata Hoda salary ekak lebuna nam me kata kagena nidi maragena private karanne ne ( samaharu karai.. Eth hugak un Karana ekak ne) dewi waru Kyl nam mama kynneth ne.. Eth e minissunta lebena selakili a madi jarayen..

    Job Karana ungen nidahasa Kyn Eka aduma kotasak tamai doc kynne..
    Wediyenma ice gahanne engineersla.. ( wediyenma civil un experience Eken kynne)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔනම කෙනෙක් ඔනාවට වඩා පුම්බන්න ගියාම පිම්බෙනවා. දොස්තරලත් එකයි මන්ත්‍රීත් එකයි.. ගමේ ලිදක් කපපුවහම කොඩි දාලා මල්මාලා දාලා මන්ත්‍රීව ගෙනල්ලා ලිද විවෘත කරනවා, ඉතින් ඌ පිම්බෙනවා, මිනිස්සු හිතන්න ඔනා ඌගේ රස්සාව ඒක නේද? ඌව මන්ත්‍රී කලේ ගමේ පොදු වැඩවලට නේද? එහෙනම් මොකටද ඌට මල්මාලා උත්සව.. මොකො ඌ ගෙදරින් ගෙනත් ලිද කැපුවද? නැනේ. ඒ වගේ තමා දොස්තරලත්, ඒක උන්ගේ ජොබ් එක. වැඩේ කියන්නේ ලන්කාවේ නොමිලේ දෙන නිසා මිනිස්සු දොස්තරලට වදින්නේ නැති ටික විතරයි.. දොස්තරලත් අඩියක් විතර උඩින් එහෙම මිනිස්සු දෙකට නැමුනම.. වෙන රටවලනම් ඔක්කොම සල්ලි වලට නිසා ඩොකා ඔපරේශන් එක නොකලොත් ඌට සල්ලිත් නැ, හොස්පිටල් බොඩ් එකෙන් ඌව ඉන්ටඩික්ට්, ඊට අමතරව ඩොකාට පේශන්ට කම්පන්සේශන් එකකුත් ගෙවන්න වෙනවා.. ඉතින් ලෙඩත් එකයි ඩොකත් එකයි.. ඔකට හොදම උදාහරනේක්‍රිස් නොනිස් අපේ හිටපු එන්ගලන්ත තානාපති. කොහොමද දවසක් එන්ගලන්තේ බීබීසි එක තියපු සාකච්චාවකට ක්‍රිස් මහින්දව නග්ගලා තිබ්බා කියලා ලන්කාවේ උන් කාටුන් ඇන්දා, බීබීසි එකේ මාදයවේදියා කිච උනා කිව්වා.. අන්තිමට මාස ගානින් කනට ගහලා ක්‍රිස් නොනිස් එලෙව්වම එලවපු එකා මාර පොර.. එතකොට ක්‍රිස් කැලේ.. ඌ දේශ්ද්‍රොඉහියි.

    ඔව් උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා. :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :yes::yes:

    මේ සමාජය තුල මතයක් තියෙනවා දොස්තරලා කියන්නේ අමුතු පිරිසක් කියලා. ඔවුන් අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් කියලා.

    ඔව් බන් මේකේ කොල්ලෙක් දාලා තිබුනා අයියාට හුස්ම ගන්න බැරව ඉස්පිරිතාලේ ගෙනිහිල්ලා කහින කොට කෙලවිසික් වුනා කියලා ලෙඩ බලල නැතුව ලෙඩා නැතිවුනා කියලා එහෙම බැලුවම එයත් දොස්තර කෙනෙක් තමයි .මේ සමාඡය‍ වැඩක් කරන හැමෝම එකයි නගර සභාවේ කුණු අරන් දාන එකත් ලොකු සේවයක් කරන්නේ එක හින්දා දොස්තරලා කියන්නේ අමුතු ඡාතියක් නෙවෙයි සල්ලි වලට වැඩකරන පිරිසක් විතරයි .
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඔනම කෙනෙක් ඔනාවට වඩා පුම්බන්න ගියාම පිම්බෙනවා. දොස්තරලත් එකයි මන්ත්‍රීත් එකයි.. ගමේ ලිදක් කපපුවහම කොඩි දාලා මල්මාලා දාලා මන්ත්‍රීව ගෙනල්ලා ලිද විවෘත කරනවා, ඉතින් ඌ පිම්බෙනවා, මිනිස්සු හිතන්න ඔනා ඌගේ රස්සාව ඒක නේද? ඌව මන්ත්‍රී කලේ ගමේ පොදු වැඩවලට නේද? එහෙනම් මොකටද ඌට මල්මාලා උත්සව.. මොකො ඌ ගෙදරින් ගෙනත් ලිද කැපුවද? නැනේ. ඒ වගේ තමා දොස්තරලත්, ඒක උන්ගේ ජොබ් එක. වැඩේ කියන්නේ ලන්කාවේ නොමිලේ දෙන නිසා මිනිස්සු දොස්තරලට වදින්නේ නැති ටික විතරයි.. දොස්තරලත් අඩියක් විතර උඩින් එහෙම මිනිස්සු දෙකට නැමුනම.. වෙන රටවලනම් ඔක්කොම සල්ලි වලට නිසා ඩොකා ඔපරේශන් එක නොකලොත් ඌට සල්ලිත් නැ, හොස්පිටල් බොඩ් එකෙන් ඌව ඉන්ටඩික්ට්, ඊට අමතරව ඩොකාට පේශන්ට කම්පන්සේශන් එකකුත් ගෙවන්න වෙනවා.. ඉතින් ලෙඩත් එකයි ඩොකත් එකයි.. ඔකට හොදම උදාහරනේක්‍රිස් නොනිස් අපේ හිටපු එන්ගලන්ත තානාපති. කොහොමද දවසක් එන්ගලන්තේ බීබීසි එක තියපු සාකච්චාවකට ක්‍රිස් මහින්දව නග්ගලා තිබ්බා කියලා ලන්කාවේ උන් කාටුන් ඇන්දා, බීබීසි එකේ මාදයවේදියා කිච උනා කිව්වා.. අන්තිමට මාස ගානින් කනට ගහලා ක්‍රිස් නොනිස් එලෙව්වම එලවපු එකා මාර පොර.. එතකොට ක්‍රිස් කැලේ.. ඌ දේශ්ද්‍රොඉහියි.

    Eka Tama bn kynne.. Weredda doctors lage neme.. Anduwa Bn.. Unp Srilanka Kyl wenask ne hema ekama ehemai..:angry: Jeppek nam nemei kohomath mama.. Ape sir kenek qea kathawak matak wenne Mata..

    " පාර්ලිමේන්තුව තෝරන්න අලුත් ජනතාවක් පත් උන දවසක.. අපේ රටත් හැදෙයි.." :yes:
    දුෂ්‍යන්ත මහබදුගේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔතන තමා අවුල. දොස්තරල හිතන්නේ එයලා විතරයි ඔය විදිහට වෑඩ කරන්නේ කියල. අනික ඒගොල්ලො වෑඩ වර්ජන කරන්නෙම නෑද්ද? ඔය කියන ජාතියෙ දොස්තරල බොහොම ටිකයි ඉන්නේ. බහුතරය සල්ලි පස්සේ දුවන අය. ඒ හින්දා තමයි මිනිස්සු බනින්නේ. මේ කට්ටිය ප්‍රයිවට් කරල හම්බ කරන තරම ගෑන කියන්නේ නෑනේ. තර්ඩ් ඉයර් ඉදන් PP කරන එක කියන්නේ නෑනේ. මම දන්න අය ඉන්නව PP කරන්නේ නෑති. නිතරම රෝහලේ ඉන්න අය. එහෙම අය බොහොම ටිකයි ඉන්නේ. අනිත් සේරම එවුන් මුදලාලිල. ඒත් හොද මිනිස්සුත් බෑනුම් අහනව