මෙහෙම වුනොත් මොනවද කරන්නෙ?(සහකාරයා/සහකාරි
අපි හැමෝම වගේ දවසක කසාද බඳින්න නෙ හිතාගෙන ඉන්නෙ. සමහරු දැනටත් විවාහක ඇති. හැමෝම බලාපොරොත්තු වෙන්නෙ එහෙම කසාද බැඳලා, දරුමල්ලො හදාගෙන කරදරයක් නැතුව සැපවත් ජීවිතයක් ගතකරන්න.
ඒත් සමහර වෙලාවට මිනිස්සුන්ට නොහිතන නොපතන දේවල් සිද්ධ වෙනවා. එහෙම දෙයක් කාටවත් නොවේවා කියල අපි පැතුවත් අනතුරු, ලෙඩ රෝග මිනිස්සුන්ට ඇති වෙනවා මේ ලෝකෙ.
මේ ප්‍රශ්නයත් එහෙම අවස්ථා 2ක් ගැනයි.
1 අවස්ථාව.
ඔබ බොහොම ආදරය කරන කෙනෙක් එක්ක විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා. දැන් විවාහයට ගෙවල් වලිනුත් කැමති වෙලා හැමදේම සූදානම් කරමින් තියෙන්නෙ. ඒත් අවාසනාවන්ත විදියට ඔබේ සහකාරයා/සහකාරිය හදිසි අනතුරක්, නැත්තන් දරුණු අසනීපයක් නිසා සදාකාලික රෝගියෙක් බවට පත් වෙනවා. එයාට ඉතුරු ජීවිත කාලෙම ප්‍රතිකාර සහ සාත්තු කිරීම අවශ්‍යයි.
මෙහෙම වුනොත් ඔබ ඒ කෙනාව ඒත් කසාද බඳිනවද? විවාහ වුනොත් හැමදාම ලෙඩෙක් බලාගන්න වෙනවා. හැබැයි මේ අපි ගොඩක්ම ආදරය කරන කෙනෙක්.
ඔබේ තීරණය මොකක්ද?
2 අවස්ථාව.
මේක තවත් සංකීර්ණ තත්වයක්. කලින් විදියටම ඔබ ගොඩක් ආදරයෙන්, විවාහ වෙන්න සූදානම් වෙලා ඉන්නවා. මෙහෙම වෙලාවක වෛද්‍ය පරීක්ෂණයකින් දැනගන්න ලැබෙනවා ඔහුට/ඇයට දරුවන් හදන්න බැරි බව. ඒ කියන්නෙ ඔයාලට කවදාවත් තමන්ගෙ ලෙයින් දරුවෙක් හදන්න වෙන්නෙ නෑ. ඒත් ඔබ එයාට ගොඩක් ආදරෙයි.
මෙහෙම වෙලාවක ඔබ ඒ කෙනාවම කසාද බඳිනවද නැද්ද?
poll එකට vote කරන්න. ඒ තීරණය ගන්න හේතු වුන කාරණාත් පෝස්ට් කරන්න.
මට මේ ප්රශ්නය අහන්න හිතුනෙ මෙන්න මේ CNN article දෙක දැකලා.
http://articles.cnn.com/2001-05-14/...-breast-cancer-clinical-oncology?_s=PM:HEALTH
http://articles.cnn.com/2011-07-20/...de_1_bridesmaids-pool-mishap-wedding?_s=PM:US
ඒ වගේම නවකතා section එකේ තිබුන මේ කතාව කියවලා.
http://www.elakiri.com/forum/showthread.php?t=1183601

Last edited:

lamai hadanna bari kenek nam godaak hodai.