මෙහෙම හාමුදුරුවෝ
හිනිදුම නුගගල වනයේ ආරණ්‍යවාසී හිමිනමක් වන යාලේගම සුමනජෝති හිමියන් වැඩවිසින අරණ්‍යයේ තිබු ගස් ජාවාරම්කරුවන් කපාගෙන යාම හේතුවෙන් ඒ හිමියන් ඔවුන්ගේ පවුල්වලින් දානයද ප්‍රතික්ෂේප කර ඇතැයි කියති.
පහතරට නිවර්ත වැසි වනාන්තරයක් වන කන්නෙලිය රක්ෂිතයේ කලක සිට දැව ජාවාරම සිදුව ඇතැයි උන්වහන්සේ කියති.
සුමනජෝති හිමියෝ ගස් කැපූවන්ගෙන් දානය ප්‍රතික්ෂේප කරන බවත් තමන් වහන්සේගේ ජීවිතයට හානියක් වුවහොත් එයට දැව ජාවාරම්කරුවන් වගකිව යුතු බවත් සඳහන් කරමින් දැන්වීමක්ද ආරණ්‍යයේ එල්වා තිබේ.
මෙහම හිමිවරුන් දැන් ඇත්තේ ස්වල්පයකි. මොන්ටෙරෝ වලින් ගමන් යන හිමිවරුන් අතර නියම හිමිනමක් මම දුටුවෙමි.