මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුලු ඇමරිකාවම

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුලු ඇමරිකාවම

    මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුලු ඇමරිකාවම ගංවතුරෙන් යට කරලා දානවා” – ජනාධිපති අපේක්‍ෂක රාවණ පරපුරේ අනෝජ් සිල්වා

    :lol::lol::lol:


    ravana-parapure123.jpg
    ඔහු මහනුවර වත්තේගම පදිංචි අනෝජ් ද සිල්වාය. රාවණා පරපුරෙන් පැවත එන හෙළ වෙදෙක් වශයෙන් තමාව හඳුන්වා ගන්නෙකි. කොණ්ඩය රැවුල වවාගෙන… අතේ කරේ යකඩ කිලෝ ගාණක් එල්ලා ගෙන සිටින මේ වෙදැදුරා හෙළ දැනුම, රාවණා බලය, යන්ත්‍ර, මන්ත්‍ර, කේන්දර, විශ්ව ශක්තිය, භාවනාව, අංගම්පොර ආදී තව බොහෝ දේ ගැන කතා කරයි. ඔහු අද ලංකාවේ රූපවාහිනී නාලිකා ආදී බොහෝ මාධ්‍යවල ලොකු කතාකාරයෙකි. යූ ටියුබයේ ඔහුගේ වීඩියෝ සිය ගණනකි.
    මෑතක සිට ඔහුට ලංකාවේ ජනාධිපති වීමටද සිතක් පහළ වී ඇති බැවින් මේ හෙළ වෙදදුරා ගැන මා දන්නා කතාව කීමට කල්පනා කළෙමි.
    මම 2013 වසරේ දිනක මේ වෙදා හමුවීමට ගියෙමි. ඒ ඔහුගේ බලය, දැනුම, හැකියාවන් මොනවාදැයි මැදහත්ව විමසා බැලීමටය. කලින් නොදන්වාම ඔහුගේ නිවසට ගිය මම ඉතා සුහදව පැයක් පමණ ඔහුගේ හපන්කම් ගැන සාකච්ඡා කළෙමි. ඔහු ඒ පැයට අරාබි නිසොල්ලාසය බඳු පුදුමාකාර කතා කන්දරාවක් කියාගෙන කියාගෙන ගියේය. එහිදී ඔහු කී ප්‍රධාන කාරණා කීපයක් මෙසේය.
    ඇමරිකාව ජිනීවා යෝජනා ගෙනල්ලා ලංකාවට ගේම දෙන්න හැදුවොත් මම මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුලු ඇමරිකාවම ගංවතුරෙන් යට කරලා දානවා.
    ලංකාවේ මම කියන කඳු තුනක චෛත්‍ය තුනක් හදන්න මට ආණ්ඩුව ඉඩදෙනවා නම් මම ලංකාවේ මිනිස්සුන්ට හැදෙන ලෙඩවලින් සීයට හැත්ත පහක් බේත් නැතුව හොඳ කරනවා.
    මම කියන දේවල් හරියට කරනවා නම් ලෝකේ ඕනම හොඳ කරන්න බැරි ලෙඩෙක් මම සනීප කරනවා.
    සරත් ෆොන්සේකාව හිරෙන් නිදහස් කරන්න හිතෙන්න කියලා මම තමයි මහින්ද රාජපක්ෂට විශ්ව ශක්තියෙන් බලපෑම් කළේ… මම ඒක කළේ එයාව හිරේ දාපු එක මහින්ද මහත්තයාට හොඳ නැති නිසා…
    ඔහු මොන ජාතියේ බඩුවක්දැයි මේ කතා අසන ඕනෑම අයෙකුට සිතිය හැකි වුවද මම ඉවසීමෙන් ඔහුගේ අරාබි නිසොල්ලාස කතා අසා සිටියෙමි. ඒ පුංචි දෙයක් හෝ ඔහුට කළ හැකිදැයි සැබවින්ම දැනගත යුතු වූ නිසාය. ඒ අතරේ අපූරු දෙයක් සිදුවිය. හදිසියේම අනෝජ්ගේ පියා හොඳටම බීගෙන ගෙදරට කඩාපාත් වූයේ කුණුහරප කියමින් පුටු මේස ආදියටද අතින් පයින් පහර දෙමිනි. මහා හෙළවෙදදුරුගේ ආනුභාවය දෙකක් දා ගත් පියා හමුවේ සුරුස් ගා වියැකී ගියේය.
    “දැන් ගෙදර කතා කරන්න බෑ…. තාත්තා කචල් දානවා… අපි වෙන කොහාට හරි යමු.”
    ඉන්පසු අපි අසල පන්සලකට ගියෙමු. නැවත ඔහුගේ සුපුරුදු පම්පෝරිය ඇරඹිණි. ටික වේලාවකින් මම ඔහුට සරල හරස් ප්‍රශ්නයක් යොමු කළෙමි.
    “අර මහින්ද රාජපක්ෂගේ හිත වෙනස් කළා කීවානේ… ඔයාට ඇයි බැරි ඒ ක්‍රමේට ඔයාගේ තාත්තාගේ හිත වෙනස් කරන්න….? ”
    අනෝජ් ද සිල්වා අන්දුන් කුන්දුන් වී සිනාසෙන්නට පටන් ගත්තේය.
    “ඔව්… ඒක කරන්න පුලුවන්… ඒත් ඒකට තාත්තා මගෙන් ඉල්ලීමක් කරන්න ඕන.”

    “එතකොට මහින්ද රාජපක්ෂ ඔයාගෙන් ඉල්ලීමක් කළේ නෑනේ… අනික බොන මිනිහා ඉල්ලීමක් කරයිද මගේ බීම නවත්තන්න කියලා…. තව එකක්… උතුරේ යුද්දෙ ඉවර කරන්න අපි කොච්චර දුකක් වින්දද? ඔයා ඒ දවස්වල විශ්ව තරංග යවලා කෙලින්ම ප්‍රභාකරන්ගේ හිත වෙනස් කළා නම් සේරම ඉවරයිනේ…”
    පැහැදිලි කිසිවක් නොකී මහා මන්ත්‍රාචාර්යවරයා ළමිස්සියක් සේ හිනැහෙන්නට පටන් ගත්තේය. ඔහුගේ නැව් තියරි කන්දරාව එක ප්‍රායෝගික තුරුම්පුවකින් කඩා වැටෙන සැටි මට පෙනෙයි. එහෙත් මම ඔහුව අපහසුතාවට පත් නොකර, ඉතා ඉවසීමෙන් පුරා පැය පහක් තිස්සේ ඔහු සමග කතා කළෙමි. අවසානයේ මගේ නිගමනය වූයේ මෙයය.
    “ඔයා කියන දේවල් ඇත්ත වෙනවා නම් මමත් කැමතියි. හැබැයි කටින් කිව්වාට බෑ… ප්‍රැක්ටිකල් වෙන්න ඕන… ඔය දේවල්වලින් සීයට සීයක් ඕන නෑ…. සීයට දහයක් හරි ප්‍රායෝගිකව ඔප්පු කරන්න පුලුවන් නම් ඒ හොඳටම ඇති. ඒකට ලෑස්තිද?”
    රාවණා පරපුරේ වීරයා පියවරෙන් පියවර පල්ලම් බසින බව මට පැහැදිලිව පෙනේ.
    “ඇමරිකාවට වැහි වස්සනවා කීවා නේද… ඉතින් ඔයාට බැරිද ලංකාවට වැස්සක් වස්සන්න… ” මම ඔහුට යෝජනා කළෙමි.
    “ම්ම්ම්…. පුලුවන්. ඒත් අයියේ ඒකට සති ගාණක් තිස්සේ වෙනම ලෑස්ති වෙන්න ඕන… ඒවාට ගන්න තැඹිලි ජාතිය තියෙන්නේ මඩකලපුවේ…. රෑ දොළහට…. කාටත් හොරෙන්… කතා නොකර…. හෙළුවෙන් ගහට නැගලා…. ඒ තැඹිලි ගෙඩියක් කඩාගෙන…. අතේ තියන් බිමට බැහැලා…. ඒකෙන් තෙල් හිඳලා…. අහවල් ජාතියේ ගෙම්බෙක්ගේ මුත්‍රා ඒකට එකතු කරලා…. මාසයක් ජීවම් කරලා…. අනික ඒ ගෙම්බොත් දැන් හොයාගන්න නෑ…. උන් ඉන්නේ අවුරුද්දේ එක කාලෙක සිංහරාජ වනාන්තරේ….”
    ඔහු දුන් පිළිතුර එයම නොවුනද සෑම ප්‍රශ්නයටම ඔහු දැන් දෙන්නේ ඒ ජාතියේ ඉළ ඇදෙන පිළිතුරුය. ඔහු නොකෙරෙන වෙදකම්වලට කෝඳුරු තෙල් හත්පට්ටය සොයයි. ඔහු මුලදී මට කතා කළේ දරුවා කියාය. පැය පහකට පසු හොඳටම හොට බිම ඇනගැනීමෙන් අනතුරුව මා ඔහුට දරුවා නොව අයියා වී සිටියේය. බලය ඔප්පු කිරීම සඳහා මම ඉදිරිපත් කරන සියලු සරල යෝජනා ඔහු නොයෙක් හේතු කියමින් ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ අලුත්ම උපාය තම හැකියාවන් ගැන කීම නොව නොහැකියාවට හේතු කප්පරක් ඉදිරිපත් කිරීමය.
    “අඩුම ගාණේ ඔයාට බැරිද ඔයාගේ මහා බලයෙන් තණකොළ ගහක් හරි හොලවලා පෙන්වන්න….”
    දස අතේ කල්පනා කළ වෙදැදුරා අවසානයේදී තම බලය ඔප්පු කිරීමට අපූරු ක්‍රමයක් යෝජනා කළේය. මගේ අතට සුරයක් දුන් ඔහු කීවේ එය පපුවට අල්ලාගෙන ඔහුගේ දේවාලය ඉදිරිපිට වී කෙලින් සිටගෙන ඉන්න කියාය.
    “ඔට්ටුයි ඉන්න බෑ. සුරේ බලේට ඔයාව පස්සට විසිවෙලා යනවා…”
    මම දේවාලය ඉදිරිපිට යහතින් නොසෙල්වී සිටගෙන සිටියෙමි. අවසානයේ අනෝජ් තමාම සුරය අතට ගෙන දේවාලය ඉදිරියට ගොස් පස්සට විසි වී පෙන්නුවේය.
    “ඔයාගේ බඬේ බහිරවයෙක් ඉන්නවා… ඒකයි අයියා ඔයාව පස්සට විසි වෙන්නේ නැත්තේ…”
    කොමඩි නාටකයක් බඳු මේ සිදුවීම සිනා නොවී රස විඳිමින් වුවද ඔහුට තවදුරටත් අවස්ථාව දීමට මම තීරණය කළෙමි.
    “හරි දැන් බැරි නම් ඔයා කැමති දවසක, කැමති තැනක පුලුවන් දෙයක් කරලා පෙන්වන්න. කියන තැනකට මම එන්නම්. මම ලෙඞ්ඩු කීපදෙනෙක්වත් ඔයා ගාවට එවන්නම්. සනීප වෙනවාද කියලා බලමු….”
    අවසානයේදී ඔහුට මම සුහදව සමුදුන්නේ එසේය. කියූ ආකාරයටම රෝගීන් තුන්දෙනෙක් ඔහු වෙත යැව්වෙමි. නමුත් එදායින් පසු නැවත කිසිදා ඔහුව මට සම්බන්ධ කරගත හැකිවූයේ නැත. මා ඔහු ළගට යැවූ රෝගීන් තිදෙනාට කිසිදු සුවයක් අත් වූයේද නැත. පසු කලෙක මේ රසබර අත්දැකීම මගේ පේමතෝ ජායතී අසෝකෝ නවකතාවටද එකතු විය. එහි 171 පිටුවේ කියවෙන උපුල් වෙදාගේ චරිතය නිර්මාණය වූයේ අනෝජ් සිල්වාගේ කතාව පදනම් කරගනිමිනි.
    මේ කියන දේවල් බොරු නම් ඒ ගැන ඕනෑම තැනක ඕනෑම විවාදයකට මම සූදානම්ය. අවශ්‍ය නම් මට හානියක් සිදු කර හෝ ඔහුගේ බලය ඔප්පු කිරීමට අනෝජ් සිල්වාට හැකි නම් එය කර පෙන්වන මෙන් අභියෝග කරමි. අනෝජ් සිල්වාගේ බොරු වෙද නාඩගම්වලට අමතරව අද ඔහු සිංහල ඡන්ද කඩන ක්‍රීඩාවේ ඉත්තෙකු බවටද පත්වී තිබේ. මා මෙය ලීවේ එයට රැවටුණු ජාතිකවාදී මතවාද දරන අයද සිටින බැවිනි. අනෝජ් සිල්වා යනු සිව්හෙළය එක්සත් කරන අනාගත ජනාධිපතිවරයා නොව මානසික ප්‍රතිකාර ලබාදිය යුතු ඔල්මාදකාරයෙකි. හෙළ දැනුම ගැන අකට විකට කතා කියමින් සිංහලකම රකින්නට පෙරට එන්නේ මෙවැනි බොරු කටේ නරිවාදම්කාරයන් නම් සිංහලයා ඔවුන්ගෙන් පරිස්සම් වීම ඉතා යහපත් බව පමණක් අවසාන වශයෙන් ලියා තබමි.
    (2019 ජුලි 21 සති අග අරුණ පුවත්පතට ලියූ ලිපියක කෙටි කරන ලද සංස්කරණයකි)
    – ඉසුරු ප්‍රසංග


    1000 Talks No Work :lol::lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    aduma gane lankawa paradigena yana match ekakata wassawanna puluwan nam mama muta chande denawa...:baffled:
     

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    aduma gane lankawa paradigena yana match ekakata wassawanna puluwan nam mama muta chande denawa...:baffled:

    මෙහෙමයි බොස්
    මෙයාටත් මෝඩ ෆෑන් බේස් එකක් තියනවා
    ඒවගේම ඔයා කඩේ යන නයි සිල්වටත් ගොබ්බ ෆෑන් බේස් එකක් තියනවා
    ඒක නිසා ඔයාට නයි සිල්වා හරි මෙයා වැරදි කියන්න බෑ මොකද දෙන්නම
    නන් දොඩවන පිස්සෝ දෙන්නේක් කියන දේවල් වල ලොකු වෙනසක් නෑ


    :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මෙහෙමයි බොස්
    මෙයාටත් මෝඩ ෆෑන් බේස් එකක් තියනවා
    ඒවගේම ඔයා කඩේ යන නයි සිල්වටත් ගොබ්බ ෆෑන් බේස් එකක් තියනවා
    ඒක නිසා ඔයාට නයි සිල්වා හරි මෙයා වැරදි කියන්න බෑ මොකද දෙන්නම
    නන් දොඩවන පිස්සෝ දෙන්නේක් කියන දේවල් වල ලොකු වෙනසක් නෑ


    :P

    මු වැරදි කියල මම කොහෙද ගොබිලො කිව්වේ ? :eek:
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    Sad part is there are 1000s of niggers from rural areas are worshiping this coconut oil mother fucker. Fake ass Nigga claims to be a king Ravana's descendant but his inherited surname is Silva. :lol:
     

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    මු වැරදි කියල මම කොහෙද ගොබිලො කිව්වේ ? :eek:

    hamme

    you made my day

    උඹ නයි සිල්වව දේවත්වයෙන් අදනන්නේ ඇයි කියලා දැන් පැහැදිලියි
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Moda. Sinhala pakku weda mahattaya kiya kiya puka denna yanawa :lol:
    Pakauage wiswa sakthiyata beri unane April 21 attack eka nawattanna.
    Gon thadiyage ange size eka balapan. Oya pakaya game inna kuddo tika set karagena ara sure case eka karanawa video thiyanawa utube
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ ඉන්නේ අපේ ඉදිරියේ රාල මටනං ෂුවර් :yes:


    නෑ වෙන්න බෑ ඔක වෙන්න බැ මුට කොහෙද එලකිරි එන්න වෙලාවක් අර පිරමිඩ් එක අස්සේ කරන්න තියන දේවල් ගොඩක් තියනව නේ



    :lol::lol::lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,160
    113
    Around the world
    Pessimist said:
    ඉතිං මූ තමා මහින්ද රාජපක්ශට යුද්ධ කරන්න හිතෙන්න කියල විශ්ව ශක්තියෙන් බලපෑම් කලේ

    ඒක තමයි එහෙනම්, මහින්ද යුද්ද කරනවා කියල බලයට ආව කෙනෙක් නෙමෙයි නෙ