මෙහේ ඉන්නෙ සිංහලයෝ
මෙහේ ඉන්නෙ සිංහලයෝ
බණ්ඩාරගම විසූ දොන් ආරොන් කොතලාවල මහතාට පුත්තු 17 ක් ද, දියණියෝ 3 ක් ද සිටියෝය. ඉන් වැඩිමල් ම දරුවා වූ ජෝන් කොතලාවල නිර්භීත එඩිතර පුද්ගලයකු වූ අතර පොලිස් සේවයට එක්ව සාජන් මේජර් තනතුරටද පත්විය. සුප්‍රකට නෙයිනගේ සූදුව ඇල්ලුවේ ද ඔහුය. පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය ඔහු මිනිරන් කර්මාන්තයට බැස විශාල ධනවතෙක් විය. ඔහු තමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාට ජෝන් ලයනල් කොතලාවල යන නම තැබීය.
පුතා ළමා කාලයේදීම පියා මිය ගියෙන් ඔහු මේ රටේ ජාතික වීරයකු ලෙස සැලකෙන එෆ්. ආර්. සේනානායක මහතා ළඟ වැඩුණි. එයට හේතුව වූයේ ළමා කොතලාවලගේ පියාත්. එෆ්. ආරුත් විවාහ වී සිටියේ එකම පවුලේ සොහොයුරියන් දෙදෙනකු සමග වීමයි. ළමා කොතලාවල රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේය. ඔහු සිය උසස් අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයට අයත් ක්‍රිස්තු විද්‍යාලයේය.
ඉගෙනීමේ කටයුතු නිමවා ලක්දිවට පැමිණි ජෝන් කොතලාවල හමුදා සේවයට එක්විය. වරක් ඔහු ත්‍රිකුනාමලය හමුදා ඒකකයේ සංඥ නිලධාරියා ලෙසද සේවය කළේය. 1 වන ලෝක යුද්ධයේ අවසානයත් සමගම අප්‍රිකන් කාපිරි සොල්දාදුවන්ගෙන් සමන්විත හමුදා භට පිරිසක් පුහුණුව සඳහා ලක්දිවට එවා තිබුණි. මේ ආරංචිය රට පුරාම පැතිර ගියේ භීතියක් ද සමඟය. ශ්‍රී ලංකාවට මිනී කන කාපිරි හමුදාවක් ඇවිත් සිටින බවද, මිනී කෑම වැළැක්වීම සඳහා ඔවුන්ගේ කටට ඉබ්බන් සවිකර ඇති බවටද කතා පැතිර ගොස් තිබුණි. මෙම ආරංචිය සැල වූ හෝමාගම ප්‍රදේශයේ සමහරු එකල ගෙවල් දොරවල් හැර දමා දරු පවුල් පිටින් පළා ගියහ.
පසුව මෙම අප්‍රිකානු හමුදාව පුහුණුවීම් කිරීම සඳහා අනුරාධපුර පෙදෙසට යවන ලදී. ඔවුහු එහි වැවක් අසබඩ කඳවුරක් ගසා ගත්හ. මෙම භට කණ්ඩායමත් සමග එක් සුවිශේෂ පුද්ගලයෙක්ද පැමිණ සිටියේය. ඒ පසු කලෙක හමුදා කුමන්ත්රණයකින් රටේ පාලන බලය අල්ලා ගෙන ජනාධිපති බවට පත් වූ ඒකාධිපතියකු වූ උගන්ඩාවේ ඉඩි අමීන්ය.
වනය වැඩිපුර හුරු නොවූ නිසා මෙම කාපිරි සෙබල මුල ගම්මානවලටද යාමට ඒමට පටන් ගත්හ. දඩයමටද හුරුව සිටි මේ ගම්වල සිංහලයෝ බිය නැති එඩිතර පිරිසක් වූහ. එහෙත් මෙම සොල්දාදුවන් පැමිණ තමන්ගේ නිවෙස්වල විසූ කාන්තාවන්ට හිරිහැර කිරීමට ගිය විට ගම්මු ඔවුන් හා ගැටුණාහ. බේරීමට බැරි තරම් කරදර උග්‍ර වූ විට ගම්වාසීහු එක්ව එක් කාපිරි සොල්දාදුවකු මරා දැමූහ.
තම සහෝදර සොල්දාදුවකු මරා දැමූ පුවත අසා කිපුණ ඉඩි අමීන් ඇතුළු පිරිස, ආයුධ සන්නද්ධව ගම වටලා, එහි සියල්ලන්ම මරා දැමීමට සූදානම් වුහ. මේ පුවත කන වැකුණ සැණින්, ජෝන් කොතලාවල මහතා වහා එයි ගියේය. සෝදිසියෙන් පසු කාරණය සත්‍යයක් බවට ඔහුට පෙනී ගියේය. කොතලාවල මහතා හදිසියේ ම භට පිරිසක් සමග සන්නද්ධව එහි පැමිණීම නිසා, ඉඩි අමීන් සහ පිරිස කළබලයට පත්වූහ. "මොනවද උඹල කරන්න යන්නේ?" කොතලාවල මහතා ඔවුන්ගෙන් ඇසීය. "අපේ එකෙක් වෙඩි තියල මරල. අපි හදන්නෙ ඒකෙ පළිය ගන්නයි". ඉඩි අමීන් ඇතුළු පිරිස දැවෙන කෝපයෙන් යුතුව පැවසූහ.
"උඹල දැන ගනිල්ල, මේක අපේ රට බව, මෙහේ ඉන්නෙ අපේ සිංහල මිනිස්සු. තොපි ටික දිනකට මෙහේ ආපු පරදේසක්කාරයෝ, මෙහේ ඉන්නකම් උඹල වැඩ කරන්න ඕන. උඹලට ඕන විදියට නෙමේ, අපට ඕන විදියටයි. පණ පිටින් ගෙදර යන්න ඕන නම්, ඉක්මනට ලෑස්තිවෙයල්ල. නැත්නම් උඹලටත් වෙන්නෙ අර උඹලගෙ අනිත් එකාට උන දේමයි."
ඉඩි අමීන්ට සිදුවිය හැකි අවදානම පෙනී ගියේය. ඔහු කොතලාවල මහතාගේ උපදෙස් අනුව, පිරිස සමග කොළඹට ගිය අතර, පසුව ඉංගී්රසීන් විසින් ඔවුන් මැලේසියාවට යවන ලදී.
මෙහිදී දෙපාර්ශ්වයේම භට කණ්ඩායම් භාරව සිටි හමුදා ප්‍රධානීහු දෙදෙනාම පසුව රටවල් දෙකක ප්‍රධානීහු වූහ. හමුදා බලයෙන් රට අල්ලා උගන්ඩාවේ පාලකයා වූ ඉඩි අමීන් පසු කලෙක වෙන රටකට පළා ගියේය. පසු කලෙක ශ්‍රී ලංකාවේ අගමැති බවට පත් කොතලාවල මහතා මිය ගියේද, ජාතික වීරයකු ලෙසිනි. ඔහු තම කඳවල වලව්ව සහ වත්ත යුද හමුදා ඇඩකමියක් පිහිටුවීම සඳහා අන්තිම කැමැත්තෙන් පරිත්‍යාග කර තිබිණි
void Reference(){
http://www.divaina.com/2009/07/06/mano04.html;
Divaina;
;
-by Core;
}

ee kiyanne ape issara sinhalayo Id amin tath sadde daala thiyenawa ahh??echchara konda kelin thiyaagena baya nathiwa kathaa karapu,,thamange jaathiyata thamange panatath wada aadare karapu jaathiyak dan mey "jaathi waadaya" kiyana puhu wachene nisa thamange paaduwe oonema deyak wunaama kata aran baliyagena inna purudu wela thiyena hati....!!!
(ee madiwata ehema karana minissuntath baninawa..).....eeken prayojana gaththa minissu nisa apita dan windinna wena wipaaka peenawane....