මේනකාගේ ෆේස් බුක් ගිණුම හැක් වෙයි

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මේනකාගේ ෆේස් බුක් ගිණුම හැක් වෙයි

    මේනකාගේ ෆේස් බුක් ගිණුම හැක් වෙයි- හරීන්ගේ නව නීතිය සූදානම්

    Lankaanews 2015-10-04

    menaka.jpg




    ජනප්‍රිය නිළියක් වන මේනකා මධුවන්තිගේ ෆේස්බුක් හා instagram පිටු හැක්කර ඇතැයි වාර්තා වේ.






    මේ වන විට ඇයගේ ෆේස්බුක් හා instagram පිටු හැක්කර ඇති අය ඇගේ මිතුරන්ට පණිවුඩයක් ලෙස ලිංක් එකක් යවමින් සිටින බවත් එය ක්ලික් කරන ලෙස ඉල්ලීමක් ද කර ඇති බවත් පැවසේ.

    මේ සම්බන්ධයෙන් අප මේනකාගෙන් කළ විමසීමකදී ඇය සිය ෆේස්බුක් හා instagram පිටු කිසියම් පිරිසක් විසින් හැක්කර ඇති බව පැවසූ අතර එම පිරිස විසින් පණිවුඩ ලෙස යවනු ලබන ලිංක් එක ක්ලික් නොකරන ලෙස ෆේස්බුක් හා instagram පිටුවල සිටින මිතුරන්ට ඉල්ලීමක් කළේය.



    හැකර් ශලිනි එක්ක චැට් කරලා



    මෙසේ මේනකාගේ ෆේස්බුක් පිටුව වෙත පිවිස සිටින අය සිරස කුමරියක හා ජනප්‍රිය නිළියක වන ශලනි තාරකා සමඟ චැට්කර ඇතැයිද පැවසේ.

    ඒ අනුව මේනකාගේ ෆේස්බුක් හා instagram පිටු හැක්කර ඇත්තේ ලාංකිකයන් පිරිසක් විසින් බවට සැක මතුව තිබේ.



    තොරතුරු තාක්‍ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා මාධ්‍ය සමඟ කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය මේ වනවිට ශක්තිමත් කර ඇති බවයි.



    එහිදී අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය”තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් සෙල්ලං කරන්න ආවොත් ලේසි වෙන්නෙ නෑ කියන දේ පිළිබඳව දැන් ජනතාව දැනුවත් විය යුතුයි. ෆේස්බුක් හැක් කරලා අහු වුනොත් හරි අවුරුදු 03 ක් දක්වා හිරේ යන්න වෙන තත්ත්වයට රට තුළ අද නීති රාමුව තද වෙලා තියෙනවා.”(mirror)

     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    FB hack karoth witharai bun awurudu 3k hire danne :D
    Instagram, Twitter hack karata awulak na lu :P
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    හැක් කරන්ඩ දෙයක් නෑනේ...මෙයත් වැඩ වරද්දගෙන ෆොටෝ වගයක් අපිට පෙන්නුවා නේද :baffled: